"අපේ" කට්ටිය කව්ද ?
පොඩි තැන: "එයා කොහොමද අපේ කෙනෙක් වෙන්නෙ?"
ලොකු හාමුදුරුවො: "එයා කොහොමද අපේ කෙනෙක් නොවෙන්නෙ?"
"පොඩි තැනට "අපේ" වෙන්නෙ කව්ද?"
"සිංහල... බෞද්ධ"
"එතකොට සිංහල... ක්‍රිස්තියානි?"
"අපි අතර ප්‍රශ්නයක් නැහැනෙ!"
"අපේකම කියන්නෙ ප්‍රශ්නෙකදි මාත් එක්ක ඉන්න ගොඩට. සුද්දා රට අල්ලගෙන ඉන්න කාලෙ දෙමළ මුස්ලිම් අය හින්දු අය ඔක්කොම හිටියෙ අපේ ගොඩේ. සුද්දා රට දාල ගියාට පස්සෙ අපේ අය ප්‍රශ්නයක් හදාගත්තා සිංහලද දෙමළද කියල. අපේ ගොඩ පුංචි උනා. සිංහලයො අතරට ප්‍රශ්නයක් දාගත්තොත් බෞද්ධද ක්‍රිස්තියානිද කියල.., ඒ ගොඩ ආයෙ දෙකට බෙදෙනව.බෞද්දයො අතරට ප්‍රශ්නයක් දැම්මොත්..,උඩරටද පහතරටද කියල..., ඒ ගොඩ ආයෙත් බෙදෙනව.
පොඩි තැනගෙ ගම මාතර. පහතරට අය අතරට ප්‍රශ්නයක් දැම්මොත්.., ගාල්ලද මාතරද කියල..., පොඩි තැනගෙ ගොඩ තවත් පුංචි වෙනව. ඔහොම ඔහොම ගිහිං අන්තිමට මම ඇරෙන්න අනිත් ඔක්කොම අනුන්. ඇත්තටම ලෝකෙ පවතින්නෙ පුද්ගලයොයි රාජ්‍යයයි විතරයි. අනිත් ඔක්කොම අපේ ඔළුගෙඩිවල හදාගත්ත හිස් විකාර...!"
("නැගෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නාට්‍යයෙන් - අසෝක හඳගම)