අපේ කතුන් මඩම්වලට!!!

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
අපේ කතුන් මඩම්වලට!!!

අරාබිකරයේ දුක්‌ විඳින අපේ ගැහැනුන් මාංශ වෙළෙ¹මේ යොදවන ශ්‍රී ලාංකික පිරිසක්‌ ගැන ඇසූ එම කතාව තිරිසනුන් දෙදෙනකු මුල් වී කරන මෘග ක්‍රියාවකට ලඝූකර සුසුම් හෙළිය නොහැක.
එම තිරිසනුන් දෙදෙනාට ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී තිබුණේ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය විසිනි. එසේ නම් මෙම පුද්ගලයන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිය කූට ව්‍යාපෘතිය කරගෙන යන වුන්ය.
dila.jpg

ගෘහ සේවිකාවක ලෙස විදේශගත වන කාන්තාවක්‌ තම නිවසේදී අකරතැබ්බයකට මුහුණ දුනහොත් ඇය විසින් පළමුවාරයේදී එය කාගෙන සිටී. දිගින් දිගටම අකරතැබ්බ සිදු වේ නම් ඇය කරනුයේ මේ පිළිබඳ උපදෙස්‌ දීම සඳහා ඇති කරගෙන තිබෙන සංවිධානයකට කතා කිරීමය. තානාපති කාර්යාලයේ අනුමැතිය ලැබ තිබෙන එම සංවිධාන විසින් දෙන මඟ පෙන්වීම හරහා කාත් කවුරුවත් නොමැති රටක දී පිහිටක්‌ ලැබෙතැයි ඇය සිතීම වැරැදි නැත. මෙවැනි ප්‍රශ්නයකදී නිවසෙන් පැන ඒම ගෘහ සේවිකාව සිදු කරනා ප්‍රධාන වැරැද්දකි. එසේ නිවසෙන් පැන ඒම අර්බුද රැසකට මුලය. මේ නිසා එවැනි අසරණභාවයකට පත් වූ කාන්තාවකට සංවිධානයක්‌ විසින් දිය යුතු පළමු උපදෙස වන්නේ මේ පිළිබඳ සෞදියේ තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසය. එසේම එවැනි කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා සෞදි පොලිසියට යා හැකිය. විධිමත් ක්‍රමවේදය වන්නේ එයයි.

ප්‍රශ්නය තිබෙන්නේ මෙතැනය. සෞදියේ සමහර ගෘහ සේවිකාවන් තම අර්බුද හමුවේ කතා කරන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටය. එවිට සමහර නිලධාරීන් උපදෙස්‌ ලබා දෙන්නේ අවස්‌ථාවාදී ශ්‍රී ලාංකිකයන් විසින් අටවා ගත් සංවිධානයක අංකයක්‌ය. එවැනි කූටයන්ට දුරකථන අංකයක්‌ දුන් විටම ඔවුන් කරන්නේ මෙම කාන්තාවට නිවසින් පැන එන ලෙස උපදෙස්‌ දීමය. නිවසෙන් පැන ඒම යනු එම කාන්තාව තමා වෙත බැරෑරුම් උපද්‍රවයක්‌ පටවා ගැනීමකි. නිවසෙන් පැන්න විගස ස්‌වාමියා විසින් පොලිසියට ගොස්‌ පැමිණිලි කරන්නේ සේවකයා සිරවන ලෙසය. තමන්ගේ මුදල්, ආභරණ වැනි දේ සොරා ගත්තා ලෙස චෝදනා ගොනුවන්නේ ඒ අනුවය. ඒ වගේම නිවසෙන් පැනගත් එවැනි කාන්තාවන් ටැක්‌සි රියෑදුරන්ගේ සිට පකිස්‌තානු, ඉන්දියානු, බංගලි රස්‌තියාදුකාරයන්ගේ ගොදුරු වීම වැළැක්‌වීම අපහසුය. නිවසින් කාන්තාව පැන එන්නේ සංවිධානයක්‌ ලෙස අටවාගත් චෞරයන්ගේ සංගමයකට නම් එතැන් සිට ද කතාව තිත්තය.

සෞදියේ දමාම් ප්‍රදේශයේ සිටින එවැනි සංවිධානයක්‌ අටවාගෙන සිටින දෙදෙනකු කරන්නේ මෙවැනි අකරතැබ්බවලට මුහුණ දුන් කාන්තාවන්ට නිවසෙන් පැන තමන් වෙත එන මෙන් උපදෙස්‌ දීමය. ඒ ඔවුන්ගේ සැබෑ සංවිධානය වූ ජාවාරම් සඳහා පාවිච්චියටය. ඉන්පසු මෙම කාන්තාවන් පැයකට රුපියල් 1,000 ට ටැක්‌සි රියෑදුරන්, කම්කරුවන් සඳහා පාවිච්චියට ලබා දෙන්නේ බලහත්කාරයෙනි.

මැද පෙරදිගදී සැබෑවටම කාන්තාවක්‌ අසරණ වන්නේ මෙවිටය. ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක්‌ මෙසේ මුහුණ දුන් ගැටලු නම් ගම් සතුව ඇතත්, ඔවුන් සමහරක්‌ කඳවුරුගත වී දැන් යළිත් ගම් රට බලා පැමිණ ඇති බැවින් නම් ගම් සහිතව ලිවිය නොහැක. මෙම කූටයන් දෙදෙනා සෞදියට පැමිණ තිබුණේ සාමාන්‍ය සේවකයන් ලෙසය. දැන් ඔවුන් සෞදියේ ගත කරන සුඛෝපභෝගී යාන වාහන සපිරි ජීවිතය පිටුපස තිබෙන්නේ මෙසේ අතරමං කරවන ලද ගැහැනුන්ගේ කඳුළු හා ලේය. ඔවුන්ගේ සැප සපිරී ඇත්තේ ගැහැනුන්ගේ අෙ¹aනාවලිනි. ප්‍රශ්නය වී තිබෙන්නේ මොවුන් අදාළ අමාත්‍යංශයේ ඉහළ තැන සමග තිබෙන සම්බන්ධය. එක්‌ අයකු ඇමැතිගේ ගමේ ගෝලයෙකි. ඔහුට මෙම සුබසාධන කටයුතු සඳහා තානාපති කාර්යාලය අවසර දුන්නේ නැත. ඒ සඳහා වන අවසර පතක්‌ නිකුත් කරන ලෙස ඇමැති විසින් තානාපතිට නියෝග කලත් මොවුන් දෙදෙනාගේ තරම දන්නා තානාපතිවරයා ඊට එකඟ වූයේ නැත. ඇමැති ද වැඩේ අත්හළේ නැත. තම ගෝලයින් දෙදෙනාට අමාත්‍යංශ මුද්‍රdව සහිත ලිපි ශීර්ෂ මගින් සුබසාධන කටයුතු සඳහා ඇමැති විසින් බලය පවරන ලදී. එම ලිපි දෙක වර පතක්‌ සේ ගෙන අසරණ කාන්තාවන් සූරා කෑම මොවුන් විසින් දිගටම කරගෙන යන ලදී.

මෙම දෙදෙනාගේ ප්‍රධාන ගෝලයා, කාන්තාවන් 17 ක්‌ හා පිරිමින් හතක්‌ සමග පවත්වාගෙන ගිය ගණිකා නිවාසය සෞදි පොලිසිය විසින් වට කර එහි සිටි සියලුදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. ගණිකා සේවයේ යෙදවීමෙන් පසු සෞදියේ තිබෙන කාන්තා කඳවුරකට මේ අය ගාල් කිරීම අර දෙදෙනාගේ සිරිතය. මෙසේ කඳවුරුගත වූ කාන්තාවන් අසූහතර දෙනකු මේ පිළිබඳව සියලු විස්‌තර හෙළිකර අත්සන් සහිත ලිපියක්‌ වගකිවයුත්තන්ට යොමු කර තිබිණි. ඒ ගැන ක්‍රියා කරන මෙන් අවධාරණය කරමින් "අපි ශ්‍රී ලංකා" සංවිධානය විසින් සියලු වගකිවයුතු පිරිස්‌ වෙතින් ඉල්ලා තිබිණි. නමුත් ඒ ගැන තව වනතෙක්‌ වගකිවයුතු අංශ කටයුතු කර නැති බවත් මේ ගැන අප විසින් කළ විමසුමකදී අපි ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති සහ තානාපති නියෝජිත ජයන්ත කුමාර සිරිමාන්න මහතා පවසා සිටියේය.

කාන්තාවන් 84 දෙනකු මේ වන විට නිදහස්‌ වී ඇතත් තවත් කාන්තාවන් මේ ගොඩට එකතු වෙමින් සිටියි. නමුත් ඒ අයගේ සුරක්‍ෂිතභාවය පතා හෝ මෙම දෙදෙනා ගැන කිසිම පරීක්‍ෂණයක්‌ තවම සිදු වී නැත. 2015 වන විට ඩොලර් බිලියන 10 දක්‌වා විදේශගත රැකියා කරන්නන්ගෙන් ඉපැයීම් ඉලක්‌කයක්‌ තිබෙන නමුත් මෙවැනි සූරාකෑම් සිදු කරනා පිරිස්‌ ගැන සෙවීමක්‌ තවම නැත. දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ ඇමැතිවරයා පත් කර තිබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ සුරක්‍ෂිතභාවය සඳහා ද ඔවුන් අසරණ කරවීම සඳහා ද යන්නය.
http://www.divaina.com/2012/09/16/feature12.html
 
  • Like
Reactions: minipura