අපේ ගැම්ම

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගම්පහ දියමන්තිය

    2020 පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික හරිත පෙරමුණට ලියාපදිංචිය නැති නිසා අපිට සිදු උනා ස්වාධීනව ඡන්දය ඉල්ලන්න.

    අපි තෝරා ගත්තේ අපේ කණ්ඩායමේ මව් භූමිය වන ගම්පහ දිස්ත්‍රික්කය. අපිට ලැබුනේ ස්වාධීන කණ්ඩායම් අංක 04, දියමන්තිය සළකුණ.

    අපි පුරා මාස 3 ක් නොනවත්වා මහන්සි උනා. ගෙවල් ගාණෙ ගියා. කොළ බෙදුවා, කතා කලා. පොඩි පොඩි රැස්වීම ගොඩාක් කළා. ලොකු රැස්වීම 2 ක් කළා.

    සමහරු රස්සා දාලා ඇවිත් වැඩ කළා. සමහරු කරගෙන හිටපු බිස්නස් අතෑරලා වැඩ කළා. මාස දෙකක් විතර කට්ටියට නතර වෙන්න බෝඩිමකුත් ගත්තා.

    අපි වියදම් කලේ රුපියල් මිලියන 11 ක් පමණ. ඉන් එක මිලියනයක් ආදාර ලෙස ලැබුනා. අනික් ටික මා සතු මුදල්. අපේ සියළු ශක්තිය ඒ වෙනුවෙන් යෙදෙව්වා.

    අපිට ලැබුනේ ඡන්ද 5780 යි. ඡන්දය පැරදුනා. හැබැයි සටන ඉවර උනේ නෑ. දිගටම සටනේ හිටියා. තාම ඉන්නේ ඒ සටනෙම තමයි. ඒ මේ රට වෙනස් කරන සටනේ.

    අපි ඒ පාරේ නොනැවතී යනවා.

    අපිට ගිය පාර ඕන උනේ අලුත් පරම්පරාවට ජවයක් දෙන්න. මේක කරන්න පුළුවන් කියලා පෙන්නන්න. ඒ වගේම අපිට අත්දැකීම් ගන්න. ඒ තියපු අඩිය දේශපාලන ගමනට ඉතා වැදගත් තල්ලුවක් උනා.

    රටවල් නිකම් වෙනස් වෙන්නේ නෑ. වෙනස් කරන්න ඕනේ. ඒකට කැප වෙන්න ඕනේ. කවුරු හරි කරන්න ඕනේ. අපි ඒ වෙනුවෙන් දිගටම ක්‍රියාත්මකයි.

    පැතුම් කර්නර්

    #පැතුම්ගේ_කතාව
     
    • Dislike
    Reactions: SLK_sri