අපේ ජනාධිපතිතුමාගේ කීර්තිනාමයට මෙයාලා හ&
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්පූර්ණයෙන්ම ක්‍රියා කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව බවත්, එයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කීර්තිනාමයට හානි සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ අදාල තේරීම් කමිටු සාමජිකයන්ගේ අපේක්ෂාව පාස්කු දින ප්‍රහාරයේදී ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසින් තමන්ගේ වගකීම් නිසිපරිදි ඉටුනොකළ බවට ජනතාව තුල මතයක් ඇතිකිරීම බවද හෙතෙම පැවසීය.
‘මේ කාරක සභාවෙදි පැහැදිලිවම පේන්න තියනවා කමිටු සාමාජිකයන් ප්‍රශ්න කරන්නේ සෘජුවම ජනාධිපතිතුමා ඉලක්ක කරගෙනයි, මේ ප්‍රහාරය අවස්ථාවේ අගමැතිවරයාගේ හෝ අනිත් පාර්ශවයන්ගේ ක්‍රියාකාරිත්වය ගැන ප්‍රශ්න කෙරෙන්නේ නෑ. ඒකෙන් පැහැදිලියි මේ කමිටුව හුදෙක් එ.ජා.ප යේ වුවමනාව ඉෂ්ඨ කරන එකක් විතරයි කියලා’
ශ්‍රේෂ්ඨාධිකරණයේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක් විභාගයට ගනිමින් තිබෙන අවස්ථාවකදී මෙලෙස පාර්ලිමේන්තු කාරක සභාවක් උක්ත කාරණය වෙනුවෙන්ම පැවැත්වීම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලටද පටහැනි බවට ජයසේකර මහතා කරුණු දක්වයි.
රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රහසිගත කරුණු එළිදරව් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට නොහැකි බවත්, එය එක් පැත්තකින් ප්‍රසිිද්ධ මාධ්‍යයේ පළකිරීම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවද මන්ත්‍රීවරයා අදහස් දක්වයි. එසේම මෙවැනි කරුණු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවරද ගතහැකි බව හෙතේම වැඩිදුරටත් සඳහන් කරයි.
මූලාශ්‍රය - https://newsoflanka.com/latest-news/psc-destroys-reputation-of-president