අපේ ජනාධිපතිතුමා හෙට ද.අප්‍රිකා යයි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපේ ජනාධිපතිතුමා හෙට ද.අප්‍රිකා යයි..

    වැඩේ නම් හොදා.. හැබැයි කරත්තේ පන මදි.. ප්ලීස් ජනාධිපතිතුමෙනි, fly commercial..

    මැන්ඩෙලාට අවසන් ගෞරව දක්වන්න ජනපති ද.අප්‍රිකාවට

    අභාවප්‍රාප්ත දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති , නිදහස් අරගලයේ උදාර නායක සහ ලොපුරා දස ලක්ෂ සංඛ්‍යාත ජන පිරිසකගේ වීරයකුවූ නෙල්සන් මැන්ඩෙලා මහතාගේ අභාවය සැලවීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි. වාර්ගික සුහදතාවය රැක ගනිමින් ස්වාධීනත්වය උදෙසා දකුණු අප්‍රිකානු ජනතාව තුළ දේශප්‍රේමිත්වය ඇති කිරීමට ඔහු නිර්භයව නායකත්වය දුන්නේය.මානව අභිමානය, දකුණු අප්‍රිකාවේ යුක්තිය සහ නිදහස වෙනුවෙන් ඔහු සිය දිවිය මුළුල්ලේ කැපවීමෙන් සහ මහත් ඇල්මෙන් ක්‍රියා කළේය.ඔහුගේ උදාර නාමය ජනහදවත් තුළ සදා නොමැකී රඳා පවතින බවට සැකයක් නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැන්ඩෙලා මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියේය.

    දීර්ඝ කාලයක් පෙනහළු පිළිකාවකින් පීඩා විඳි නෙල්සන් මැන්ඩෙලා මහතා පසුගිය පස් වනදා අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 15 වැනිදා දකුණු අප්‍රිකාවේදී සිදුකෙරෙන අතර ඔහුගේ අභාවය නිසා එරට රජය දින 10ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි.

    43973_mahinda.jpg


     
    • Like
    Reactions: ulta

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,349
    113
    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ:rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් ඉතින් මස්සිනාට කියලා ශ්‍රි ලන්කන් හරි මිහින් ලන්කන් හරි ෆ්ලයිට් එකක් අරගෙන නන්ගිගේ දුවව පයිලට්ට දාගෙන දකුනු අප්‍රිකා යයි.. එහෙ ඉඋතින් මේ වැඩ ඉවර වෙනකන් ෆ්ලයිට් එක එහෙ..
     
    Dec 3, 2013
    89
    4
    0
    Sri Lanka
    කමක් නැ බන් යුද්දෙ දින්නනෙ:rofl:

    ඔව් බන් අපි නිදහසේ පාරෙ බැහැලා යනවනෙ දැන්... එකෙන්ම කිව්වොත් පාරටම වැටිලා ගෙදර යන්න ඕනත් නෑ... :rofl:
     
    • Like
    Reactions: PMUB

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,349
    113
    ඔව් බන් අපි නිදහසේ පාරෙ බැහැලා යනවනෙ දැන්... එකෙන්ම කිව්වොත් පාරටම වැටිලා ගෙදර යන්න ඕනත් නෑ... :rofl:

    :rofl::yes:
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    දැන් ඉතින් මස්සිනාට කියලා ශ්‍රි ලන්කන් හරි මිහින් ලන්කන් හරි ෆ්ලයිට් එකක් අරගෙන නන්ගිගේ දුවව පයිලට්ට දාගෙන දකුනු අප්‍රිකා යයි.. එහෙ ඉඋතින් මේ වැඩ ඉවර වෙනකන් ෆ්ලයිට් එක එහෙ..
    pilot??? kauda ban a:confused: nangige duwa kiwe?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සු පුසා;15999329 said:
    බල්ලෙක් ගේන්න ෆ්ලයිට් එකක් සූරිච් ගියාලු නේද:rolleyes::rolleyes:
    ඒකනේ බන් මේ හැටි ශ්‍රිලන්කන් එක ලාබ ලබන්නේ.. කෙල්ලො බල්ලො කොල්ලො ඔක්කොම ඒකේ..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යුද්දේ දින්නා යුද්දේ දින්නා කියන්න එපා, ඇත්තටම යුද්දෙ දින්නනේ
    ඒ හින්දා කමක් නැහැ, තුන් මාසේ දානෙටත් ඉදලම එන්ට..
    යන වියදම් ටික මතක ඇතිව භාණ්ඩාගාරයෙන් ඉල්ලගන්න ඔන්න හැමදාම වගේ මේ පාරත් පුද්ගලීක සල්ලි වලින් යන්න එපා. අපි මේවා පුරවලා දුන්නේ මේවගේ කරදරයක් වෙච්ච වෙලාවකටවත් ගත්තේ නැත්නම් ආයි වෙන මොකටද?:oo::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න හැමදාම වගේ මේ පාරත් පුද්ගලීක සල්ලි වලින් යන්න එපා. අපි මේවා පුරවලා දුන්නේ මේවගේ කරදරයක් වෙච්ච වෙලාවකටවත් ගත්තේ නැත්නම් ආයි වෙන මොකටද?:oo::baffled:

    පට්ට. දවසේ කොමෙන්ට් එක. :P:P:P:P
     
    • Like
    Reactions: Vampire

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනාධිපති තුමා දකුණු අප්‍රිකාවට පස්සේ කෙන්යාවට යනවලු නේද? නඩේ කොච්චරද දන්නේ නෑ :P:P . එහෙ පාර්ක් වල ඉන්න සත්තු ටික හොඳයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සත්තු ටිකට වඩා. අනේ ඉතින් අපේ මහරජ තුමා අමාරුවෙන් හම්බු කරපු සල්ලි වලින් නොවැ යන්නේ. :yes::yes:
     

    Similar threads