අපේ ජාතික කොඩිය

Jun 19, 2013
437
104
0
අපේ ජාතික කොඩිය

අපේ ජාතික කොඩිය


1553363_216678408538666_1357871483_o.jpg




අපේ ජාතික කොඩිය සැම දෙනාම දැක පුරුදු අපට හුරු වූවකි. ජාතික වශයෙන් වැදගත් උත්සව අවස්ථාවල මෙය ප‍්‍රදර්ශනය කරයි. කොඩිය සකස් වූ ආකාරය හා එහි නිරූපණය වන දේවල් පිළිබඳව ඔබ දැනුවත් කිරීම අපගේ අරමුණයි.ලංකාවේ ප‍්‍රථම අගමැතිවරයා ලෙස ඩි. එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 06 වන දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත්කළේය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත වූහ. කමිටුවේ තීරණය පරිදි වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කරන ලදී.කොඩිය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ රජයේ කලායතනාධිපති ජේ. ඒ. ඩී. පෙරේරා මහතා සහ එස්. ජි. චාර්ලිස් යන මහත්වරුන්ටය. ජාතික එකමුතුව පෙන්වීම සඳහා යොදාගනු ලබන දේවල් අතරින් ප‍්‍රධාන ස්ථානයක් ගන්නේ ජාතික කොඩියයි. ජාතික කොඩිය අපසතු වස්තුවකි. ජාතික කොඩියේ අන්තර්ගත දේවල් පිළිබඳව විමසා බලමු

1. කහ පාට :- බුද්ධිය, සාමය, අවිහිංසාව, සත්‍යය ධර්මය දැන ගැනීම
2. රතු පාට :- බුද්ධි ගෝචර අවිහිංසාවාදි සමාජයන් ඇති බවය. සමෘද්ධිය සංකේතවත් කෙරේ.
3. බෝ කොළ හතර:- ධර්මිෂ්ඨ භාවය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, යන පරම සත්‍යය පෙන්වයි. (මෙත්තා - රටවැසියා එක් මඟකට යොමු කිරීම, මුදිතා - දුකට පත් වූවන් ඉන් මුදා ගැනීම, කරුණා - සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීම, උපේක්ඛා - නිහතමානිකම , දානය, ප‍්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මකතාව අනුව සකස් කළ යුතු බව)

4. කඩුවක් අතින් ගත් සිංහය :- ( සිංහයාගේ හා කඩුවේ වර්ණය කහ පාටය. ) කඩුවත් ඉදිරියට අල්ලාගෙන සිටින සිංහයාගේ එඩිතරබව සංකේතවත් කරනු ලැබේ. සිංහයා සෙසු සතුන්ට වඩා සංවරය, ආත්ම ශක්තියෙන් යුක්තය. තමාට ගැලපෙන දේ පමණක් කරයි.

5. කෙසරමාලාතුන :- බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරේ විශ්වාසය තැබීම

6. ග‍්‍රීවය :- පාලකයා ඍජු ශක්තිමත් අයෙකු බව

7. අයාගත් මුඛය :- රාජකීය හඬ නිර්භීතව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇති බව

8. නාසය :- හරිවැරදි හඳුනා ගැනීම

9. දිව :- පාලකයාගේ ප‍්‍රකාශ සත්‍යවාදීවත්, අවංකවත් සිදුවන බව

10. ඇස :- ජනතා ඇස තුළින් ජනතා ප‍්‍රශ්න දෙස බැලීම. ඇස කඩුව දෙසට යොමු වීමෙන් පාලකයා, නිසි ලෙස පාලනය සිදු කරන්නේ දැයි පාලිකයෝ බලා සිටි ජනතාව නිතරම අවධියෙන් සිටින බව.

11. මුඛයට නැමී ගිය දත්තුන :- සිත කය වචනය යන තුන්දොර හික්මවා විවෘතව ප‍්‍රකාශ කිරීම

12. කේසර කැරලි 24 :- ගිහි විනය

13. වලිගය ස්ථාන 2 න් නැමීම :- ජනතාවගේ දැනුම, කැපවීම. පාලකයාට නොඅඩුව ලැබිය යුතු බව ප‍්‍රථම නැම්මෙන් ද රටවැසියන් හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවල එකම මඟක ගමන් කරන බව

14. වලිගයේ කේසර කැරලි :- සැමට සුදුසු මග ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගය

15. කඩුව ගත් දකුණු අත :- ආරක්ෂාව ස්වාධීනත්වය නිදහස ආරක්ෂා කිරීම

16 කඩු තලය :- පාලකයා, පිළිපැදිය යුතු දසරාජධර්මය
කෙලින් පිහිටි කඩු තලය :- පාලනය මධ්‍යස්ථය මධ්‍යම ප‍්‍රතිපදාව අනුව සිදු විය යුතුය.

17. නැවුණු තුඩු තුන :- අනිත්‍ය දුක්ඛ අනාත්ම තත්ත්වයට රට ජාතිය ලක් වීම.

18. අසිපතේ මිටේ තුඩුහතර :- රටවැසියා ගොඩනැගී ඇත්තේ ආපෝ, තෝජෝ, වායෝ, පඨවි, යන මහ භූතයන්ගෙනි.

19. කඩුව අල්ලාගත් ඇඟිලි සතර :- චතුරාර්ය සත්‍ය

20. අසිපත් දැරීම:- අසාධාරණයේදී සටන් වැදීමත් එය ධර්මයට අනුව සිදුවීමත් කහ පාටින් දැක්වේ.

21. හිස වලිගය මතට අක්ෂගතව තිබීම :- පාලකයා හා පාලිතයා අතර සමාන්තරතාවයක් ඇති බව ය

22. පාද :- උටිධාන සම්පාද, ආරක්ඛ සම්පාද, කල්‍යාණ මිත්තා, සමජීවකතා යන හතර

23. උඩට විහිදුනු නිය :- ශ‍්‍රද්ධා, ශීල, ත්‍යාග, ප‍්‍රඥා යන ධර්ම මෙලොව ජය ගැනීමට අවශ්‍යය

24. අත් වැස්මේ අන්ත දෙක :- රාජ්‍ය පාලනය පැත්තකට අන්තගාමී නොවීම

25. තැඹිලි වර්ණ තීරුව :- ද්‍රවිඩ ජතිකයන් සංකේතවත් වේ.

26. කොළ වර්ණ තීරුව :- මුස්ලිම් ජනතාව


සිංහල ජාතියජාතික කොඩිය එසවීමෙදී නිසි ගෞරය ලැබෙන ආකාරයට කටයුතු කළ යුතුයි. කොඩිය සඳහා ප‍්‍රමිතීන් නියම කොට ඇත. ප‍්‍රමිති අංක 693 වර්ෂ 1985 එය සුරක්ෂිත කර ඇත. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නියමයන් අනුව සිංහයා කහපාටින් විය යුතුය. කොඩියේ දිග පළල මෙන් දෙගුණයක් විය යුතුයි. අපේ ජාතික කොඩිය අපේ ජාතික වස්තුවකි.

ජාතික කොඩියේ නිවැරැදි භාවිත අවස්‌ථා
****************************


එළිමහනේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

ජාතික දිනය හා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ජාතික වශයෙන් වැදගත් දිනයන්හි දී සහ සියලුම රාජ්‍ය උත්සවයන්හිදී ජාතික ධජය එළිමහනේ ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය ප්‍රදර්ශනය කරන කවර අවස්‌ථාවකදී වුවද එයට ඉහළම ගෞරවනීය ස්‌ථානය දිය යුතු අතර හොඳින් පෙනෙන ස්‌ථානයක එය සවි කර තැබිය යුතුය.

විදේශීය රාජ්‍ය නායකයකුගේ ධජයක්‌ මෙරට දී ප්‍රදර්ශනය කරන අවස්‌ථාවක දී ශ්‍රී ලංකා ජාතික ධජයද ප්‍රදර්ශනය කළ යුතුය.

සෑම විටම ජාතික ධජය එසවීමේ මෙන්ම පහත් කිරීමේ කාර්යයද කළ යුත්තේ සෙමෙන් හා ගෞරවාන්විතවය.

සිරස්‌ තීරු දෙක කොඩි ගස දෙසින් සිටිනා පරිදි ජාතික කොඩිය ඔසවා තැබිය යුතුය.

සෑම උත්සවයකදීම ජාතික කොඩියට ප්‍රමුඛස්‌ථානය දිය යුතුය. වෙනත් කිසිදු කොඩියක්‌ ඊට ඉහළින් ඔසවා තැබිය යුතු නොවේ.

වෙනත් ජාතීන්ට අයත් කොඩි ඔසවා තැබීමේ දී ශ්‍රී ලංකා ජාතික කොඩියට වම් පසින් සම උසකින් හා සම ප්‍රමාණයකින් යුක්‌තව තැබිය යුතුය.

රාත්‍රි කාලයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන විටදී එය ඔසවා තබන තාක්‌ විදුලි ආලෝකයෙන් ආලෝකවත් කළ යුතුය.

ආගමික කොඩි ප්‍රදර්ශනය කළ යුත්තේ ජාතික කොඩිය හා සම උසින් සිටින පරිදිය.

පළාත් කොඩි, ප්‍රාදේශීය කොඩි, සමිති සමාගම් ආදියෙහි ධජ, පතාක සමඟ ජාතික කොඩිය එසවීමේදී ජාතික කොඩිය තැබිය යුත්තේ සියල්ලටම මැද ඉහළම ස්‌ථානයේය.

පළාත් හා පාසල් ධජ සමඟ ජාතික ධජය එකම කොඩි ගසක එකම කොණක එල්ලනු ලබන විටක දී ජාතික ධජය ඉහළින්ම ඔසවා තැබිය යුතුය.

එකිනෙකට යාව කොඩිගස්‌ කිහිපයක කොඩි එල්ලනු ලබන විට දී මුලින්ම එසවිය යුත්තේත් අවසානයට පහත් කළ යුත්තේත් ජාතික කොඩියයි.

වීදියක්‌ මැද ජාතික කොඩිය ප්‍රදර්ශනය කරනු ලබන විට සිංහයා නිසි පරිදි සෘජුව සිටින සේ තිරස්‌ අතට කොඩිය දිග පැත්තෙන් එල්විය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලබන විටදී කාලගූණය කුමක්‌ වුවත් හිරු උදාවේ සිට හිරු බැසීම දක්‌වා එකම ස්‌ථානයක ඔසවා තැබිය යුතුය.

වේදිකාවක්‌ මත ජාතික කොඩිය ඔසවන විටදී කථිකයා සභාවට මුහුණ දුන් විට ඔහුගේ දකුණු පස ඉහළින් කොඩිගසක මුදුනේ හෝ කථිකයාට පිටුපසින් බිත්තියට හේත්තුවන සේ ඔහුට ඉහළින් තැබිය යුතුය.

ජාතික කොඩිය ඔසවනු ලැබූ විට ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතුය.

සියලු දෙනා නැගී සිටිය යුත්තේ ජාතික කොඩියට මුහුණ ලා සිරුවෙනි.

හමුදා නිල ඇඳුමින් සැරසුණු අය උචිත හමුදා ගෞරවය දැක්‌විය යුතුය.

සාමාන්‍ය පුද්ගලයන් හිස්‌ වැසුම් ඉවත් කළ යුතුය.

එක්‌සත් ජාතීන්ගේ කොඩි සමඟ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම

වෙනත් ජාතීන්ගේ හා එක්‌සත් ජාතීන්ගේ කොඩි සමග ජාතික ධජය ප්‍රදර්ශනයේදී ජාතික කොඩිය එම කොඩි පෙළෙහි දකුණු පස අන්තිම කෙළවරේ ප්‍රදර්ශනය කළ යුතුය.

නිරීක්‌ෂකයකු නරඹන්නන්ට මුහුණලා කොඩි පෙළ මධ්‍යයේ සිටියදී ජාතික කොඩිය ඔහුගේ දකුණු පස අන්තිම කෙළවරේ විය යුතුය.

ජාතික කොඩියේ සිට අකාරාදි පිළිවෙළට අනෙකුත් විදේශීය කොඩි සවි කළ යුතුය.

ජාතික ධජය පළමුවෙන්ම ඔසවා අන්තිමටම පහත් කළ යුතුය.

සංවෘත චක්‍රාකාරව කොඩි ප්‍රදර්ශනයේදී ජාතික කොඩියෙන් චක්‍රය ආරම්භ කළ යුතුය.

කොඩි කඳන් එකිනෙකට හරස්‌ව සිටින සේ වෙනත් කොඩියක්‌ සමග ජාතික කොඩිය බිත්තියට සවිකර ප්‍රදර්ශනය කිරීමේදී ජාතික ධජය දකුණු පසින් තිබිය යුතු අතර එහි කොඩිකඳ අනෙක්‌ කොඩියේ කොඩි කඳට ඉදිරියෙන් තැබිය යුතුය.

එක්‌සත් ජාතීන්ගේ කොඩිය ජාතික කොඩිය සමග එසවීමේදී ජාතික ධජය එය මුහුණලා සිටින දිසාවට හරියටම දකුණු පසින් එසවිය යුතුයි.

එකම කොඩි ගසක්‌ මුදුනෙහි වෙනත් කොඩි කිහිපයක්‌ සමග ජාතික කොඩිය ඔසවා නොතැබිය යුතුය.

රජය නිශ්චිත කොට ඇති විටකදි කඩදාසි හෝ වෙනත් ද්‍රව්‍යයකින් සකස්‌ කළ කොඩි භාවිතයෙන් පසු නිසි පරිදි අපහරණය කළ යුතුය.

විදේශීය ආණ්‌ඩුවල රාජතාන්ත්‍රික සහ තානාපති නියෝජිත අනුග්‍රහයෙන් පැවැත්වෙන සංස්‌කෘතික සංදර්ශන, ගීත ප්‍රසංග, චිත්‍රපට උත්සව අවස්‌ථාවලදී ජාතික කොඩිය හා වෙනත් රටවල කොඩි රාජ්‍ය අවසරය සහිතව ප්‍රදර්ශනය කළ යුතුය.

විදේශ කටයුතු අමාත්‍යංශයට අවශ්‍ය පරිදි ජාතික කොඩිය නීතිරීතිවලට යටත්ව ගුවන් තොටුපළේදී ප්‍රදර්ශනය කළ හැකිය.

සම්භාවනීය විදේශ අමුත්තන් මෙරටට පැමිණි කල විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පැමිණි අමුත්තා අයත් රටෙහි ජාතික ධජය සමග අපගේ ජාතික ධජය සුදුසු ස්‌ථානයක ඔසවනු ලබයි.


විදේශයක දී ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම
******************************


ජාතික කොඩිය විදේශයන්හි භාවිත කරන විටදි විදේශයක සිටින ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික දූත මණ්‌ඩලයක්‌ විසින් එකී දූත මණ්‌ඩල කාර්යාලයෙහි දූත මණ්‌ඩල ප්‍රධානියාගේ නිවසෙහි සහ දූත මණ්‌ඩලයේ ප්‍රධානියාගේ ඉදිරියෙහි ජාතික ධජය ප්‍රදර්ශනය කරනු ලැබීමේදී ශ්‍රී ලංකා කොඩියට අයත් රීති සංග්‍රහයට අමතරව ඔවුන් දූත මෙහෙය සඳහා පත් කරනු ලැබ සිටින රටෙහි පවත්නා කොන්දේසිවලටද එකී රටෙහි සිටිනා වෙනත් රාජතාන්ත්‍රික දූත මණ්‌ඩල විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග උනුව ද කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ජාතික කොඩිය ප්‍රදර්ශනය කළ හැක්‌කේ අදාළ නීති රීතිවලට අනුවයි.

ජාතික කොඩියේ අවභාවිත අවස්‌ථා

කිසිවක්‌ හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් පහත් කිරීම නොකළ යුතුය.

ජාතික කොඩිය කිසිම අවස්‌ථාවක බිම නොතැබිය යුතුය. ජාතික ධජය පෙරහැරක ගෙන යැමේදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස්‌ ලෙස රැගෙන යා යුතු නොවේ.

වෙනත් වර්ගයේ කොඩි පෙළක්‌ ඇති විට එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන යා යුතුය.

වෙනත් කොඩියක්‌ සමඟ පෙරහැරක ගෙනයද්දී ජාතික කොඩිය තැබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි.

ධජය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස සැලෙන පැත්තෙන් නොවේ. නූලකින් එසවීම අනුචිතය.

කොපුවෙන් කොඩිය ඔසවන විට කොඩි කණු ලම්බාකාරව හෝ කෝණාකාරව තිබිය යුතුය.

ජාතික කොඩිය ඔසවන අවස්‌ථාවේ දී සියලු දෙනා නැගී සිට සීරුවෙන් කොඩියට මුහුණ දිය යුතු අතර දුම්බීම ආහාරපාන ගැනීම කතා කිරීම සිනාසීම හෝ නොකළ යුතුය.

හමුදා නිල ඇඳුමෙන් සැරසුණු අය අදාළ සේවා නියෝග අනුව ආචාර කළ යුතුය.

චාරිත්‍රානුකූලව මඟුල්බෙර වාදනය හා ශංඛ නාද පැවැත්විය යුතු වුවත් වෙනත් කිසිදු සංගීතයක්‌ වාදනය නොකළ යුතුය.

හානියට පත්වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික ධජයක්‌ ප්‍ර්‍රදර්ශනය නොකළ යුතුය.

මල් හෝ මල්දම් හෝ ලාංඡන ඇතුළු අන් කිසිවක්‌ ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගහ මත හෝ ඊට ඉහළින් නොතැබිය යුතුය.

ජාතික කොඩිය මල් වැල්, ලිය වැල, පීත්ත පටි, මල්, හෝ සැරසිලි ධජ, පතාකාදිය ලෙස හෝ වෙනත් කිසිදු ආකාරයක සැරසිල්ලක්‌ ලෙස භාවිත නොකළ යුතුය.

ජාතික කොඩියේ පෙනුම ගෙන දෙන පරිදි වෙනත් පාට රෙදි කැබලි පිළියෙල කර තැබීම නොකළ යුතුය.

කථිකයෙකුගේ මේස ආවරණයක්‌ ලෙස හෝ කථික වේදිකාවක්‌ මතින් රැලි පහතට වැටෙන සේ ආවරණය කිරිම පිණිස ජාතික ධජය භාවිත නොකළ යුතුය.

කිසිම අවස්‌ථාවකදී ජාතික කොඩියේ සිංහයා උඩු යටිකුරු ආකාරයෙන් ප්‍රදර්ශනය නොකළ යුතුය.

ජාතික කොඩිය පොළොව ස්‌පර්ශ වීමට හෝ ජලය මත ඇදීයාමට ඉඩ නොතැබිය යුතුය.

ජාතික කොඩියට හානිවන කිසිදු ආකාරයකින් එය ඔසවා තැබිය යුතු නොවේ.

ජාතික ධජය පෙළපාලියකට අයත් සංදර්ශන රථයක ප්‍රදර්ශනය කිරීමේදී කොඩි ගසක පමණක්‌ සවි කර ප්‍රදර්ශනය කළ යුතුය.

ජාතික ධජය කිසිම අවස්‌ථාවකදී අඳින ඇඳුමක්‌ සිවිලිම් ආවරණයක්‌ හෝ ඇතිරිල්ලක්‌ හෝ ආස්‌තරයක්‌ ලෙස භාවිත නොකළ යුතුය. (රාජ්‍ය හමුදා අවමංගල්‍යයකදී භාවිත කළ හැක)

මල් වැලක්‌ ලෙස හෝ රැලි කොට හකුළා හෝ උඩට ඇදීමක්‌ නොකළ යුතු අතර සැම විටම නිදහසේ එල්ලෙමින් තිබීමට ඉඩ හැරිය යුතුය.

ජාතික ධජය පහසුවෙන් ඉරී යැමට කිලිටිවීමට හෝ හානියට පත් වීමට ඉඩ ලැබෙන පරිදි සවි කිරීම ප්‍රදර්ශනය කිරීම ගබඩා කර තැබීම නොකළ යුතුය.

ජනාධිපති ආඥාවෙන් සිදු කෙරෙන යුද හමුදා රෙජිමේන්තු සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානයකදී හැර කිසිම සලකුණක්‌ විශේෂ ලාංඡනයක්‌ අකුරක්‌ වචනයක රූපයක මෝස්‌තරයක්‌ පින්තූරයක්‌ හෝ චිත්‍රයක්‌ ජාතික කොඩිය මත තැබීම නොකළ යුතුය.

කිසියම් දෙයක්‌ දැමීම දමා තබාගැනීම ගෙන යැම හෝ ගෙන ගොස්‌ භාරදීම සඳහා උපයෝගි කරගනු ලබන මල්ලක්‌ හෝ බඳුනක්‌ ලෙස භාවිත නොකළ යුතුය.

කිසිම ආකාරයක වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය යොදා නොගත යුතුය.

කිසිම ආකාරයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරයක්‌ සඳහා ජාතික කොඩිය භාවිත කළ යුතු නොවේ.

කොට්‌ට මෙට්‌ට ලේන්සු හා වෙනත් එවැනි භාණ්‌ඩවල ගෙත්තම් කිරීම සඳහා ද කඩදාසි අත පිස්‌නා පෙට්‌ටි හෝ තාවකාලික භාවිතයෙන් ඉවත දමනු සඳහා සකසන යමක මුද්‍රණය කිරීම හෝ වෙනත් ආකාර සටහන් ගැනීමට ජාතික කොඩි සලකුණ යොදා නොගත යුතුය.

ජාතික කොඩිය ඔසවා ඇති කොඩි ගසට හෝ යොතට වෙළඳ දැන්වීම් කිසිවක්‌ සවි නොකළ යුතුය.

ජාතික ධජය කිසිම වාහනයක වහල මුදුන දෙපස හෝ පසුපස ආවරණය කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත යුතුය.

ජාතික කොඩියේ කිසිම කොටසක්‌ කිසිම විටක ඇඳුමක්‌ හෝ ක්‍රීඩා ඇඳුමක්‌ ලෙස පාවිච්චි නොකළ යුතුය.

ජාතික කොඩියේ නිරූපණයක්‌ අවසර රහිතව භාවිත කිරීම තහනම් ය.

හානි වූ අවර්ණ වූ අපවිත්‍ර වූ ජාතික කොඩිය කෞතුක භාණ්‌ඩ රැස්‌ කරන්නෙකු හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීම හැර එය අගෞරව ලෙස විනාශ නොකළ යුතුය.

පිළිස්‌සීමෙන් හෝ ගරුත්වය රැකෙන වෙනත් ක්‍රමයකින් එය අප්‍රසිද්ධියේ විනාශ කර දැමිය යුතුය. .

ජාතික ධජය පරිහරණයේදී අව භාවිතයෙන් වැළකී එහි ගෞරවය රැකෙන අයුරින් නිවැරැදිව භාවිත කිරීම සියලුම ජාතීන්ගේ වගකීම මෙන්ම යුතුකමද වන්නේය. මක්‌නිසාද යත් ඒ මගින් රටේත්, ජාතියේත් ගෞරවය රැකෙන හෙයිනි.

වර්තමානයේ භාවිත කරනු ලබන සිංහ සංකේතය සහිත ශ්‍රී ලාංකේය ජාතික කොඩිය ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ඩී.ආර්.විජේවර්ධනයන්ගේ දේශ හිතෛශී ක්‍රියාකලාපය නිසා සොයාගත් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගේ රාජකීය සිංහ ධජයේම සංස්‌කරණයකි. එනිසාම සිංහල ජාතියේ අතීත ශ්‍රී විභූතිය අභිමානයෙන් යුතුව ලොවට පෙන්වීමට ඇති ජාතියේ ප්‍රබලතම සංකේතය ශ්‍රී ලාංකේය සිංහ ධජය යෑයි පැවසීම යුක්‌ති යුක්‌ත වන්නේය.


බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල් විසිනි.


කෙසේ වුවද ඉතිහාසයේ අර්ථවත් වූ සියල්ලක්ම අද වන විට අර්ථ ශුන්‍ය කරමින් පාලකයන් හැසිරෙන බව කනගාටුවට කරුණකි...​
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කඩුවක් අතින් ගත් සිංහයා කඩුව අල්ලන් ඉන්නේ මිටෙන් නෙමෙයි තලය අසලින් නේද? එකේ තේරුම අපි ඉවසිලි වන්ත බව හා අවශ්‍ය විට සටනට සුදානම් බව වගේ තමයි මට මතක. (බාලදක්ෂ සාමාජික පදක්කම ගන්න කොට ඕව තිබ්බ. ඔච්චරනම් විස්තර තිබ්බේ නෑ වගේ තමයි මට මතක.)

    ඔය ජාතික කොඩිය ඇඟ වටේ ඔතාගෙන නටන පිස්සන්ට මේක කියවලාවත් තේරුම් ගන්න පුළුවන් උනොත් හොඳයි.
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ඉතා වටිනා ලිපියක් මචන්. බොහෝම ස්තුති.

    ජාතික කොඩිය ඔසවන විට හිස්වැසුම් පළදින්න පුළුවන් ත්‍රිවිද හමුදාව සහ පොලිස් පුද්ගලයන්ට පමණි. ඒඉන්ද ආචාර කරන්නේ අධිකාරී ලත් නිලධාරීන් පමණි (Officers).

    මම දවසක් කොළබ MC එක ඉස්සරහින් යනකොට ඊකෙ උස්සලා තිබ්බ ජාතික කොඩිය අඩියක් විතර පහත් වෙලා, මන් අයෙත් හරවාගෙන ගිහින් කිව්වා කොඩිය උස්සන්න කියල. එතන හිටිය ගාර්ඩ් හැබෑඉ ඉක්මනට ඇතුලට කතා කරලා එක අයෙත් ඉස්සුවා. කවුරු කවුරුත් හැකි පමණ මේවගේ දේවල් අනිත් යට පොඩි කට්ටියට කියල දුනොත් තමයි මෙව්වා රැකෙන්නේ.
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    TFS :) වැදගත් දෙයක්.. දැනන් හිටියේ නැති දේවල් දැනගත්තා!!
     
    Jun 19, 2013
    437
    104
    0
    කඩුවක් අතින් ගත් සිංහයා කඩුව අල්ලන් ඉන්නේ මිටෙන් නෙමෙයි තලය අසලින් නේද? එකේ තේරුම අපි ඉවසිලි වන්ත බව හා අවශ්‍ය විට සටනට සුදානම් බව වගේ තමයි මට මතක. (බාලදක්ෂ සාමාජික පදක්කම ගන්න කොට ඕව තිබ්බ. ඔච්චරනම් විස්තර තිබ්බේ නෑ වගේ තමයි මට මතක.)

    ඔය ජාතික කොඩිය ඇඟ වටේ ඔතාගෙන නටන පිස්සන්ට මේක කියවලාවත් තේරුම් ගන්න පුළුවන් උනොත් හොඳයි.

    ඔව් මචන්, අනිත් රටවල කොඩිත් එක්ක බලද්දී, අපේ කොඩිය වඩාත් අර්ථාන්විතව නිර්මාණය කරලා තියෙනවා... ඊට ගරු කරන්න දන්නේ නැති ශ්‍රී ලාංකිකයොත් අද ඉන්නවා... :(:(
     
    Jun 19, 2013
    437
    104
    0
    ඉතා වටිනා ලිපියක් මචන්. බොහෝම ස්තුති.

    ජාතික කොඩිය ඔසවන විට හිස්වැසුම් පළදින්න පුළුවන් ත්‍රිවිද හමුදාව සහ පොලිස් පුද්ගලයන්ට පමණි. ඒඉන්ද ආචාර කරන්නේ අධිකාරී ලත් නිලධාරීන් පමණි (Officers).

    මම දවසක් කොළබ MC එක ඉස්සරහින් යනකොට ඊකෙ උස්සලා තිබ්බ ජාතික කොඩිය අඩියක් විතර පහත් වෙලා, මන් අයෙත් හරවාගෙන ගිහින් කිව්වා කොඩිය උස්සන්න කියල. එතන හිටිය ගාර්ඩ් හැබෑඉ ඉක්මනට ඇතුලට කතා කරලා එක අයෙත් ඉස්සුවා. කවුරු කවුරුත් හැකි පමණ මේවගේ දේවල් අනිත් යට පොඩි කට්ටියට කියල දුනොත් තමයි මෙව්වා රැකෙන්නේ.

    සැහෙන අගය කලයුතු දෙයක් මචන්... අද එහෙම දෙයක් පෙන්නලා දෙන්නත්, පෙන්නලා දෙන දේ හදාගන්නත් ලැජ්ජාව හිතේ තියෙන සමාජෙක, නියම ශ්‍රී ලාංකිකයෙක් විදියට තමන්ගේ රටේ ඉදන් එහෙම කරපු එක ගොඩක් වටින දෙයක්... :):):)
     
    Jun 19, 2013
    437
    104
    0
    TFS :) වැදගත් දෙයක්.. දැනන් හිටියේ නැති දේවල් දැනගත්තා!!

    කමෙන්ට් කරපු, රේප් දීපු හැමෝටම අනිත් පැත්තට තියෙන හැටියෙන් රේප් දුන්න. එත් ඔයාට දෙන්න හදනකොට පැය 24 ක් ඇතුලත ටූ මච් දීලලු... පස්සේ දෙන්නම් හොඳේ...
    ;);););)
     
    Last edited:

    Similar threads