දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ළමයින්ගේ අත්දැකීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලිමක් කරයි.
එසේ ළමයින් පිළිබඳව ප්‍රචාරණය වන වීඩියෝපට හෝ අන්තර්ගතයන් තිබේ නම් 1929 දුරකථන අංකයට දැනුම් දීමක් කරන ලෙසද අධිකාරිය කියා සිටියි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට ළමයින් විශාල පිරිසක් අගතියට පත්ව ඇති අතර ඔවුහූ මුහුණදුන් අත්දැකීම් හේතුවෙන් දැඩි පීඩනයකට පත්ව සිටිති.
මේ මොහොතේ ළමයින් කම්පනයට හා භීතියට පත්ව ඇති නිසා ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව නැවත නැවත විමසමින් සමාජ මාධ්‍ය තුළ පළ කිරීම මගින් ඔවුන් අගතියට පත්වන බවත් එය තවත් ආකාරයකින් ළමයින්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් එම අධිකාරිය සඳහන් කරයි.
පශ්චාත් ආපදා තත්ත්වය තුළ ළමයින් මානසිකව ශක්තිමත් කළ යුතු අතර ඒ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරියකු, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරියකු, ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරියකු හෝ පුහුණුවලත් මනෝ උපදේශකවරයකු මාර්ගයෙන් ඔවුන්ගේ මානසික තත්ත්වය වැඩිදියුණු කළ යුතුය.
එසේම එම ළමයින් පිළිබඳව තොරතුරු ලබා ගන්නේ නම් භාරකරුවකු හෝ වගකිවයුතු නිලධාරියකුගෙන් එම තොරතුරු ලබා ගත යුතු බව එම අධිකාරිය පවසයි.
අන් අයගේ දැනගැනීම් සඳහා අත්දැකීම් හුවමාරු කරගැනීමේ පරමාර්ථයෙන් ප්‍රශ්න ඇසීම, ප්‍රසිද්ධියේ සිය අත්දැකීම් ප්‍රකාශ කිරිමට බලපෑම් කිරිම හා වීඩියෝ ගත කර හෝ ජායරූප සමාජ මාධ්‍ය ඔස්සේ හෝ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ කිරිම නොකළ යුතු බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.