දිගට එනවනං අනිවා චෙක් කරල බලවන්න., තියාගෙන ඉන්න එපා...
අපේ අම්මට තිබුණ ගොඩක් කල් ඉඳන්. එයාට ඔලුව හොඳට තදවෙන්න රෙදි පටියකින් බැඳගත්තම ටිකක් අඩුවෙනව.
මේ සිද්දිය වුනේ 2003 විතර. එතකොට අපිත් පොඩියි. ඉස්සර චැනල් කරල බේත් ගන්නෙ, පරීක්ෂණ කරන්නෙ එහෙම නෑනෙ. ඒව කරන්න වත්කමකුත් නෑ.....
සෙමට සිංහල වෙද්දු ලඟට ගිහින් නස්න කරන එක තමයි එයාගෙ ලොකුම වෙදකම.
එකදවසක් හිසරදය වැඩිවෙලා ඩිස්පෙන්සරියෙන් බේත් ගෙනාව. එදා අම්ම කතා කරෙත් නෑ. එදා නිදාගෙන ඉඳල පහුවදා නැගිට්ටමත් කිසි සිහිකල්පනාවක් නෑ. කිසි දෙයක් කතා කරන්නෙත් නෑ.....
ඊටපස්සෙ රාගම හොස්පිට්ල් එකට ගෙනිච්ච. එතනින් ලෙඩේ හොයාගන්න බැරිවුණා.
අඳුරන කෙනෙක් මාර්ගයෙන් කොළඹ මහඉස්පිරිතාලෙට ට්‍රාන්සර් කරවගත්ත. එතනින් ස්කෑන් කරල බලල මොළේ ලේ කැටියක් තියෙනව කියල හොයාගත්ත...
කොහොමහරි, ඔපරේශන් කරල ඒක අයින් කරා. ඔපරේශන් එක කරේ "කොල්වින් සමරසිංහ" ඩොක්ටර් දැන්නං එයත් ජීවතුන් අතර නෑ....
ඔපරේශන් එක 100%ක් සාර්ථකයි. මම අදටත් අපේ අම්මව බේරල දුන්න එකට කොල්වින් සමරසිංහ දොස්තර මහත්තයට පින් දෙනව.....