කෝපි කියන්නෙ ලංකාවේ පට්ට ගොඩක් කට්ටිය බොන බිමක්. කාලයක් තිස්සෙ අපි කඩෙන් කෝපි කුඩු ගෙනාවෙ. 240 rs- 100g මට මතක විදියට. හරිස්චන්ද්ර, අයිලන්ඩ් කියන බ්රෑන්ඩ් වලින් තමයි අපේ ගෙදරට ගේන්නෙ. මොකද බඩු කොලිටි නිසා. ඇත්තටම කොලිටිද ?
මේ ලගදි මම කොටුවෙන් කෝපි ඇට ගෙනාවා. 500g 650 rs වුනේ. පින්තූරෙ මුලින්ම තියෙන්නේ මම ගෙනාපු විදිය වගේ ඒකක්. අමු කෝපි වේලලා. ගෙදර ගෙනත් කබලක දාල දෙවනි පින්තූරෙ පාට වෙනකම් මද ගින්නේ බැද ගත්තා. විනාඩි 10 ක් ගියෙත් නෑ. පට්ටම සුවදයි. ඊට පස්සෙ බ්ලෙන්ඩර් ඒකට දාල කුඩු කලා. පිටි හලන පෙනේරෙන් හලල ගත්තා.
දැන් අපි බොන්නෙ ඒ්ව. පට්ටම පට්ට. අපි හොදයි කියල හිතපු කඩෙන් ගෙනා කොපි හොදම නෑ කියන ඒක තේරුනේ ඒකෙන්. බොහොම චුට්ටයි දාන්නෙ. මාර රසයක් සුවදක් ඒනවා. අනික පට්ටම ලාබයි. 500g හරිස්චන්දු ගන්න ගියා නම් 240 rs x 5 = 1200rs වගේ යනවා. මට ගියේ 650 rs + ගෑස් මද ගින්නෙ විනාඩි 10 ක්් විතරයි. ඒකට ඒකක් ලාබයි.
උබලත් මේව ගෙදර හදල බිපල්ලා. බඩු ෂුවර්. ලාබයි වගේම පට්ට රසයි.