අපේ දේ අපේ ගෙදරම - කෝපි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    අපේ ගෙදර කෝපි තියනවා තේ වත්ත වටේ මායිම් වල තැන් තැන් වල කෝපි ගස් තියනවා
    අම්මා නම් පොඩි සයිඩ් ඉන්කම් එකකුත් හොයා ගන්නවා ඕව වේලලා විකුනලා.

    කෝපි ගස් තියනවා නම් ගෙදර කෝපි හදාගන්න හරි ලේසියි
    ගෙඩි ඉදුනම කඩලා මොනවත් නොකර වේලන්න ඕන, ගෙඩි කලු පාට වෙන්න වේලුනාට පස්සෙ වංගෙඩියෙ දාල ගොඩක් හයියෙන් නැතුව ලාවට කොටන්න ඕන, එතකොට පිට පොත්ත ගැලවිලා ඔය වගේ ලස්සනට කෝපි ඇට ටික වෙන්වෙලා එනවා, ඒව බැදලා කොටලා අරන් බොන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: wpmanoj