අපේ පාලකයෝ..

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    3BOlKK0.png
    කල්පනා කරලා බලන්න,

    ජාතික ලැයිස්තුවක් තියෙන්නේ ඇයි? මැතිවරණයට තරග නොකරන උගත් බුද්ධිමත් නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න...දැන් එහෙම යවලා තියෙනව ද? මෙන්න සාක්කි.. පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවට දාලා ඊබ්‍රාහිම් කියලා දෙමටගොඩ මුස්ලිම් හාදයෙක්..කවුද ඊබ්‍රාහිම් කියන්නේ ? සිරියාවේ අන්තවාදී ISIS ත්‍රස්තයන් ගේ ලංකාවේ නියෝජිතයා...කවුද ඊබ්‍රාහිම්ව සිරියාවට යැව්වේ? මහින්ද රාජපක්ෂ...කාගේ සල්ලි ද මේ ? ( දෑත දෙපසට විහිදුවා පෙන්වයි) ඔබ තමුන්නාන්සේලා ගේ දුක් මහන්සියෙන් හම්බුකරලා ගෙවන බදු මුදල්...ඕං අපේ පාලකයෝ...අපි රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕනෙද නැද්ද ? ඊයා...

    මෙන්න තියෙනවා කෙරුවාව...දෙදාස් දොළහේ අප්‍රේල් විසිහතර වෙනිදා උදේ 11. 53 ට සිරියාවෙන් මිලියන දහයයි සත හැත්තෑහතරක මුදලක් එවනවා ලංකාවේ ගිණුමකට...මොකක්ද ගිණුම? ශිරන්ති රාජපක්ෂ ගේ සිරිලිය සවිය ගිණුම...ඇයි මෙච්චර මුදල් ප්‍රමාණයක් එව්වේ? ( දෑතින් ත්‍රිකෝණයක පාද දෙකක් ඇඳ පෙන්වයි) තනිකරම පාස්කු ඉරිදා ප්‍රහාරය කළ ත්‍රස්තවාදීන්ට මුදල් දුන්නේ මේ ගිණුමෙන්....කල්පනා කරලා බලන්න ( ඇඟිලි තුඩුවලින් ලුණු කුඩු ගන්නවාක් මෙන් ඇඟිලි ඉහලට ඔසවා පෙන්වයි) උමතු බල තණ්හාවෙන් වියරු වැටිලා රාජපක්ෂලා මේ කරන විනාශය අපි නවත්තන්න ඕන ද? නැද්ද ? ලැජ්ජයි ! අම්මපා...

    ඒ විතරක් ද? මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ගේ පුත්තු දෙන්නා කාගේ යාළුවො ද? නාමල් රාජපක්ෂ ගේ හොඳම යාළුවෝ...කාල්ටන් ස්පෝට්ස් වලට සල්ලි වියදම් කරේ මේං මේ කියන ඊබ්‍රාහිම් ගේ පුත්තු දෙන්නා..දෙදහස් දහතුනේ මාර්තු 26 වෙනිදා රුපියල් මිලියන පහයි සත විසිහතරක් කාල්ටන් ගිණුමකට බැර කරනවා...කවුද? මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ගේ පුත්තු දෙන්නා...මොන ජීවිත ද අප්පා මේ ? ( දෑත දෙපසට විහිදුවා පෙන්වයි) බේබිලාට සැප ගන්න ගිහිල්ලා නැතිවුණේ අපේම අහිංසක ජීවිත...නැද්ද හා..?

    මම අහනවා අපි මේ පාදඩ කාලකණ්නි දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෙද නැද්ද ? මම වගකීමකින් කියනවා...මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්, හොර බොරු වංචා නැති දේශපාලන පක්ෂයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි !

    සොනාල ගුණවර්ධන=
    ===============
    ඊබ්‍රාහිම් සිටියේ පොහොට්ටු වේ ජාතික ලැයිස්තුවේ නම්? :rofl::rofl:
    ===============================