අපේ බලවේගය පරාද කරන්න බෑ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
අපේ බලවේගය පරාද කරන්න බෑ

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයෝ පෙරළා මව් රට පැමිණ; අනේ ශ්‍රී ලංකාව වෙනස් වෙලා යැයි කියති. එයිනුදු බුද්ධිමත්හු තව වසර පහකින් රට ගොඩ යැයි කියති. ශ්‍රී ලාංකිකයෝ පමණක් නො ව විදේශිකයෝ ද එය ම කියති. මෙවර “ටයිම්” සඟරාවේ සංචාරක පිටුව වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ය. කොළඹ පැමිණීමට කරුණු පහක් ලෙසින් එම ලිපිය ශ්‍රී ලංකාව විග්‍රහ කරයි. එම සංචාරකයා කියන ලෙස යුද්ධයෙන් ද සුනාමියෙන් ද විනාශ වූ ශ්‍රී ලංකාව ඉතා කෙටි කාලයකින් යථා තත්ත්වයට පැමිණ තිබේ. දැන් එය පාරාදීසයෙකි. බටහිර රටවල් මෙන් ම ඇතැම් අන්තර්ජාතික සංවිධාන ද ශ්‍රී ලංකාව වැනි රටවල් ගැන වර්ණනා කරන්නේ නැත.

“ටයිම්”, “ඉකොනොමිස්ට්” වැනි අන්තර්ජාතික සඟරා අප ගැන කතා කරන්නේ ද කලාතුරෙකින් ය. එහෙත් සිදු වී ඇති වෙනස මත ශ්‍රී ලංකාව ගැන ලියන්නට හා කියන්නට ඔවුනට සිදු ව තිබේ. ලෝක මානව හිමිකම් සංවිධාන හා රාජ්‍ය නො වන සංවිධාන කුමන මතයක් දැරුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟ ශක්තිමත් ය. ස්ථාවර ය. ඒ බව ලෝක බැංකුව ද පිළිගෙන තිබේ. ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂවරිය වන නගෝෂි ඔ කොන්ජෝ මහත්මිය මීට දින කිහිපයකට පෙර අපූරු ප්‍රකාශයක් කර තිබිණි. එනම්; ඊ ළඟ වසරේ සිට ශ්‍රී ලංකාවට ලබා දෙන අරමුදල්වල ප්‍රමාණය දෙගුණ කරන බව ය. අධ්‍යක්‍ෂවරිය ඊට අදාළ හේතු සාධක විග්‍රහ කර තිබිණි. ශ්‍රී ලංකාව ගෙන යනු ලබන ආර්ථික දර්ශනය, එම වැඩ පිළිවෙළ හා කෙටිකාලීන ලෙස අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ නගෝෂී මහත්මිය ගේ විශේෂ සැලැකිල්ලට ලක් ව තිබිණි.

2010 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධිය 8%කි. එම ආර්ථික වර්ධනය ආසියාවේ කැපී පෙනෙන ආර්ථික සංවර්ධනයක් සංකේතවත් කරයි. ඇමෙරිකාවේ දකුණු කැරොලිනාවේ රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රීවරයකු වන ජෝ විල්සන් මහතා ශ්‍රී ලංකාව ගැන තවත් විග්‍රහයක් ඉදිරිපත් කරයි. එම විග්‍රහයට අනු ව ශ්‍රී ලංකාව නව යුගයකට ප්‍රවිශ්ඨ වී සිටී. ආර්ථික වෘද්ධිය 8% දක්වා ඉහළ යෑම, ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන වන කෘෂිකර්මය, කාර්මික අංශය හා සේවා අංශය නො කඩවා වර්ධනය වීම මෙන් ම අපනයන ආදායම; ඉහළ නැංවීමත් එම හේතු අතර තිබේ. ජෝ විල්සන් මහතා ඉහත සඳහන් විග්‍රහය ඉදිරිපත් කර ඇත්තේ කොංග්‍රස් මණ්ඩලයේ සමුළුවක් අමතමින් ය.

ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රවේශයක් ගෙන ඇති බව ද දේශපාලන වශයෙන් ප්‍රගතිශීලී ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන ඇති බව ද මධ්‍යස්ථ විචාරකයෝ පිළිගනිති. එක් අතකින් මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙයි. තව අතෙකින් ගෘහනිය ගේ කුස්සියට දැනෙන ක්ෂුද්‍ර ආර්ථික උපාය මාර්ග ද ක්‍රියාත්මක වෙයි. එය ආර්ථිකයේ නැගී සිටීමයි. දෙවනු ව දේශපාලන ස්ථාවරත්වය කෙතරම් ද යත්; මැතිවරණ ගණනාවකින් විපක්‍ෂය අන්ත පරාජයට පත් ව සිටී. ශ්‍රී ලංකාවේ විපක්‍ෂය යනු අන්ත ධනවාදය ද අන්ත කොමියුනිස්ට් වාදයේ ද එකමුතුවෙකි. දේශීය ආර්ථිකය ගොඩනැගිය හැකි ප්‍රායෝගික චින්තනය, දර්ශනය හා වැඩපිළිවෙළ මහින්ද චින්තනය තුළ තිබේ.

නිදහසින් පසු ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික ආර්ථික හා දේශපාලන වැඩසටහන එය බව බොහෝ දෙනා පිළිගනිති. ඊට විරුද්ධ වන සුළු පිරිස විපක්‍ෂය නියෝජනය කරති. විපක්‍ෂයට ආර්ථික වැඩ පිළිවෙළක් පමණක් නො ව දේශපාලන ඉදිරි දැක්මක් ද නැති බව මෙරට බහුතරය දැන් පිළිගෙන තිබේ. විපක්‍ෂයට ඇත්තේ බොරු ශබ්දයක් පමණි. ඒ බව ප්‍රායෝගික දේශපාලන තලයේ දීී හොඳහැටි පැහැදිලි වනු ඇත. විපක්‍ෂයේ ප්‍රධාන තර්කය හා අභියෝගය බවට පත් ව තිබුණේ බඩු මිල ය. එළවළු මිල සහල් මිල ආදී ලෙසින් වර්ග කොට ප්‍රසිද්ධ වේදිකාවල දීී තර්ක ඉදිරිපත් විය. එහෙත් අවුරුදු උත්සව සමයේ සිදු වූයේ කුමක් ද? එළවළු මිල හොඳට ම පහළ ගියේ ය. සහල් මිල ස්ථාවර මට්ටමක පැවැතිණි. මාළු මිල පහළ ගියේ ය. ආණ්ඩුව ඉතා හොඳින් ආර්ථිකය හසුරුවන බව පෙනී ගියේ ය.

මේ අතර දේශීය චින්තනයට හා සම්ප්‍රදායට මුල් තැනක් දීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබේ. එය ශ්‍රී ලංකාවාසීන් පිළිගන්නා ක්‍රමය වේ. විපක්‍ෂය හැම විට ම විජාතික බලවේග පිළිබඳ විශ්වාසය තබමින් කටයුතු කරයි. එම බලවේගවලට පූර්ණ සහාය ලබාදීම ඔවුන්ගේ සිරිත වී තිබේ. විජාතික බලවේග යනුවෙන් අප අදහස් කරනුයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග හා රාජ්‍ය නො වන සංවිධානවල බලපෑම් ය. මේ බලවේග තවදුරටත් ශ්‍රී ලංකාව සූරාකෑමට ප්‍රයත්න දරමින් සිටී. ආණ්ඩුව ඊට එරෙහි ව කටයුතු කරයි. අප ගේ අනාගතය රැඳී ඇත්තේ විදේශීය බලවේග මත නො ව ආණ්ඩුවේ ස්වදේශීය චින්තනය මත යැයි ශ්‍රී ලංකාවේ බහුතරය පිළිගෙන තිබේ. ඒ අනුව කුමන වාර්තා එළිදැක්වුව දේශමාමක වැඩසටහන සාර්ථක වනු ඇත.
 
  • Like
Reactions: RLR
Oct 27, 2010
1,996
200
0
Colombo 7
Mahinda%20Rajapakse%204.jpg

දිනපති නුඹයි අපෙ ගත උණුසම දුන්න
තරුපති නුඹයි අඳරෙදි එළියක් දුන්න
ජනපති නුඹයි රට හා අප රැක දුන්න
අධිපති නුඹයි මුළු ලොව පිළිරැව් දුන්න
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
presidentslfpwinatcrowd.jpg

සමන් පිච්ච මල් පිපෙන්න ගෙබිම සකස් කරදුන්
සිරිදෙවූදුව කැන්ද එන්න මාවත සකසාදුන්
ජනපති අපෙ ලෝ පූජිත කුලුනුගුණැති මිහිදූන්
රැකදෙනුමැණ සක්දෙවිදුනි පින්බර ජණපතිදුන්

සබ්බීතියො විවජ්ජන්තු සබ්බ රෝග විනස්සතු ! මාතේ භවත්තන්තරායො සුකීදීඝා යුකෝභව ! බුදුසරණයි !
 

SF Forever

Member
Apr 20, 2011
237
23
0
යකෝ ෆිල්ම් එකක් බලන්න බෑ.. ඒකේ කොටු... සුබ අනාගතයක්...
උඔලත් තමන්ට වාසි එව්වා විතරක් හරියට වර්ණනා කරනවා නේද.. පිටරට වල උන් අපේ රටේ කඩවන මානවහිමිකම් ගෑන කිව්වාම එව්වා විතරක් බොරෑ..... හොර votes දාල මහරජා Times එකේ ඉස්සරහට ආවා කියල පම්පෝරිනම් ගහන්වා.,.:confused:
 
  • Like
Reactions: Mr Dilshan
Oct 27, 2010
1,996
200
0
Colombo 7
යකෝ ෆිල්ම් එකක් බලන්න බෑ.. ඒකේ කොටු... සුබ අනාගතයක්...
උඔලත් තමන්ට වාසි එව්වා විතරක් හරියට වර්ණනා කරනවා නේද.. පිටරට වල උන් අපේ රටේ කඩවන මානවහිමිකම් ගෑන කිව්වාම එව්වා විතරක් බොරෑ..... හොර votes දාල මහරජා Times එකේ ඉස්සරහට ආවා කියල පම්පෝරිනම් ගහන්වා.,.:confused:

kotu ewa balanna ona nam down load karala balaganna. tv eke dala owa podi lamayinuth balanawa. rate sadacharayak kiyala ekak thiyenawane. UNP andu wage me anduwa rate sadachare binduwata dana wada karanne naha
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
මේ මම කැමතිම කියමනක්....

"බල්ලන් බිරුවාට තවලම ඉදිරියටම ඇදෙනු ඇත"

.
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අර windows 8 කියන account එක යට ගහල එකේ අයිතිකර අවජාතක බල්ලා එක නිල් කරගන්න පොඩි උත්සහයක් කරා.:shocked::shocked:
    ඔන්න ඒක අයෙත් රතු වෙලා.:lol::lol::lol::lol:
    කවුරු හරි මුගෙයි උගෙයි නම් දෙකයි profile දෙකෙයි වෙනස ඇරෙන්න වෙන වෙනසක් පෙන්නුවොත් මම රුපියල් 1000 දෙනවා.:yes::yes::yes::yes:
    වෙනස පෙන්නුවට වැඩක් නැහැ. එක පිළිගන්න පුළුවන් මට්ටමක තියෙන්නත් ඕන.:confused::confused:
    අවසන් තීරණය මා සතුයි
    :nerd::nerd::nerd::nerd:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අර windows 8 කියන account එක යට ගහල එකේ අයිතිකර අවජාතක බල්ලා එක නිල් කරගන්න පොඩි උත්සහයක් කරා.:shocked::shocked:
    ඔන්න ඒක අයෙත් රතු වෙලා.:lol::lol::lol::lol:
    කවුරු හරි මුගෙයි උගෙයි නම් දෙකයි profile දෙකෙයි වෙනස ඇරෙන්න වෙන වෙනසක් පෙන්නුවොත් මම රුපියල් 1000 දෙනවා.:yes::yes::yes::yes:
    වෙනස පෙන්නුවට වැඩක් නැහැ. එක පිළිගන්න පුළුවන් මට්ටමක තියෙන්නත් ඕන.:confused::confused:
    අවසන් තීරණය මා සතුයි
    :nerd::nerd::nerd::nerd:

    wenas hoya hoya inna uba wage kalakanninta wadak nathi unata meke inna anith memberslata wada thiyenawa
    meke rata wenuwen peni inna hama ekagema account ethakota windows8geda :lol: