අපේ බලුතුමා Oct 04 එයාට අවුරුදු 10 ක් වෙනව 2014 ඉපදුණේ ගේ ඇතුලෙ ඇදක් යට

AnuradhaRa

Well-known member
  • weCcNHZ.jpg
    8F3bdfm.jpg

    @th62 අයියෙ මෙයා රැලේ ගියෙ නෑ. කොටින්ම අපි නැතුව ගේට්ටුවෙන් එලියට යන්නෙ නෑ
    අපි එක්කමයි ඉන්නෙ.
    ඒත් මෙයාගෙ පොඩි රෑෂ් එකක් තියෙනව. කටුව කන තරං දරුණු නැතුව ඇති. දැං සෑහෙන කාලෙක ඉදං
    අපි ඉතිං මූව උස්සං ගිහින් ඉන්ජෙක්ෂන් ගහනව. එක පාරක් ඉන්ජෙක්ෂන් තුනක්ම ගැහුව සතියෙන් සතියද මට හරියට මතක නෑ
    ඩොක්ටර් කිව්ව සබං වලින් නාවන්න එපා කියල
    ෂැම්පු ජාතියක් කිව්ව, ඒකෙන් තමා මෙයාව නාවන්නෙ
    තව අර ලැබ්‍රඩ්‍රෝ ලෝෂන් එක ඇගේ ගාන්න කිව්ව, පැකට් එකක් එන්නෙ වතුරෙ දිය කරල ගාන්නෙ ඇගේ

    මේ තියෙන්නෙ ෂැම්පු එක

    Nilmange-Shampoo.jpg


    බේත් පෙති දෙන්න බෑ. කෑමවල බේත් ගදක් ආපු ගමං මෙයා කන්නෙ නෑ
    කෑම එක සුපිරියට ඕන මෙයාට නැත්තං කන්නෙ නෑ. ඇයි ඉතිං හොදට කාල බීල පුරුදුයිනෙ

    අනිත් පැත්ත හැරි පිට කසා ගන්නව හරියට... මේ රෑෂ් එක නිත්තාවටම හොද වෙන්නෙ නෑනෙ අප්ප

    ඒක වැඩි වුණාම කකුල්වල මයිල් අඩු වෙලා රතු වෙනව. එතකොට තමා අපි ඉන්ජෙක්ෂන් කෝස් එක කරන්නෙ

    පෙති දෙන්න විදියක් නෑ
    ඩොක්ටර් කිව්ව පෙති දෙන්න පුලුවන්නං මේක නිකම්ම හොද කරන්න පුලුවන් කියල
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • බළල් තුමාගේ ආච්චි කෙනෙක්ට ලැබ්රඩො උත්තමයෙක් එක්ක අනියම් ඇසුරක් තිබිල තියනව වගේ .

    අපේ ගෙදරට ආව මචං කැහැටු බැල්ලියෙක් එකපාරට
    මූ ගෙදර අනිත් සත්තුන්ට දාන කෑම කන්න එන්නෙ
    අන්තිමට අපේ ගෙදරට පුරුදු වුණා

    ටික දවසක් ගියාට පස්සෙ බැල්ලි අතුරුදහන්
    අපිත් කල්පනා කරනව මොකක්ද යකෝ වුණේ කියල

    අපේ ගමේ අමු බේබද්දෙක් ඉන්නව, මිනිහ තනියම පාලු ගෙදරක ඉස්තෝපුවෙ නිදාගන්නෙ කන්නෙ බොන්නෙ. මිනිහගෙ තමා ගේ
    මේ මිනිහ කොහෙන්ද මංද බැල්ලියෙක්ව උස්සං ඇවිල්ල තියාගෙන

    කොහොමහරි මිනිහ අසනීප වෙලා ඉස්පිරිතාලෙ නතර වෙලා ඉදල
    ඒ දවස්වල තමා මේ බැල්ලි හැමතැනම ගිහින් තියෙන්නෙ කන්න හොයාගෙන
    බැල්ලි අතුරුදහන් වුනේ මනුස්සය ඉස්පිරිතාලෙන් ආවට පස්සෙ මූව ගැටගහල තියාගෙන 😅

    අඩේ ටික දවසකින් බැල්ලි එතනින් පැනල අපේ ගෙදර ආව ආවමයි
    එදායින් පස්සෙ හිටියෙ අපේ ගෙදර

    ඉතිං එයා පැටව් දෙන්නෙක් දැම්ම. එක පැටියෙක් ඉපදෙනකොට හිරවෙලා මැරිල. අනේ උගෙ චූටි අත මම දැක්ක බැල්ලිගෙ පිටිපස්සෙන් එලියට ඇවිත් තිබුණ
    තාත්ත කිව්ව ඌත් බල්ලෙක් කියල
    අනිත් පැටිය තමා මේ ඉන්නෙ

    හැබැයි මේ කැහැටු බැල්ලිට කිරිවත් නෑ හරියට. මේ පැටියත් කිරි මදි. දෙන්නෙක් හිටියනං කොහෙ කිරි දෙන්නද දෙන්නට ඇති වෙන්න

    කොහොමහරි මේ බලු පැටිය සෑහෙන ලොකු වෙනකං බැල්ලි හිටිය. දෙන්න මිදුලෙ දුව දුව සෙල්ලං කරනව
    දවසක් දෙන්නවම නාවල එක්කං ගියා ත්‍රීවිල් එකකින් ජලබිතිකා එන්නත විද ගන්න
    ඉන්ජෙක්ෂන් එක ගහල එන්න හදනකොට බල්ලො රෑනක් දැකල බැල්ලි පැනල දිව්වනෙ බං උං පස්සෙන්
    තාත්ත ගිහින් අඩගැහුවලු එන්නෙම නෑලු

    අන්තිමට මේ පැටියව විතරක් ත්‍රිවිල් එකේ දාගෙන ආවලු

    ඕක තමයි ඉතිං නිධාන කතාව

    මුගෙ අම්ම වගේ නෙමේ. මූ හෙන කොලිටි
    අපි හොදට කන්නත් දෙනවනෙ. හොදට හැදුන ඉතිං
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අපි නම් ඉන්ජෙක්ෂන් ගහන්නේ නෑ කළු තෙල් ටිකක් දානවා සතියෙන් හොදයි. ඔයාලා ලොකු මිනිස්සු නිසා බල්ලොන්ව පෝෂ් විදියට හදන්න ගිහින් අන්තිමට සතත් විඳවනවා ලෙඩේ හොඳ නොවී සල්ලිත් විනාශ වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අපි නම් ඉන්ජෙක්ෂන් ගහන්නේ නෑ කළු තෙල් ටිකක් දානවා සතියෙන් හොදයි. ඔයාලා ලොකු මිනිස්සු නිසා බල්ලොන්ව පෝෂ් විදියට හදන්න ගිහින් අන්තිමට සතත් විඳවනවා ලෙඩේ හොඳ නොවී සල්ලිත් විනාශ වෙනවා.
    මොන පොෂ්ද බං
    කලුතෙල් ගාන්න එපා බං. සතා පව්නෙ
    සතා පව් නිසයි එහෙම නොකරන්නෙ.
    උඹව ගොඩ දවසකට පස්සෙ දැක්කෙ
    දැං බබාට වයස කීයද?
     
    • Dislike
    Reactions: Saharan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපි නම් ඉන්ජෙක්ෂන් ගහන්නේ නෑ කළු තෙල් ටිකක් දානවා සතියෙන් හොදයි. ඔයාලා ලොකු මිනිස්සු නිසා බල්ලොන්ව පෝෂ් විදියට හදන්න ගිහින් අන්තිමට සතත් විඳවනවා ලෙඩේ හොඳ නොවී සල්ලිත් විනාශ වෙනවා.


    redneck vet