අපේ බෞද්ධ උරුමය අපි රැකගත යුතුයි....

Bole121

Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    අපේ බෞද්ධ උරුමය අපි රැකගත යුතුයි....


    ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කකට පෙර ගොසිප්9 විසින් හෙළිකල බව ඔබට මතක ඇති.

    2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.

    මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.

    කෙසේ වුවද අදින් ඇරඹෙන මෙම දෙසැම්බර් මාසය තුළ එය වැලැක්වීමට නොහැකි වුවහොත් ලෝ පුරා බෞද්ධයන්ට සිදුවන්නේ තලෙයිබාන්වරුන්ට බනින අතරතුරේ තඹ පතල හෑරීම සිදුකරනා චීනයටත් බැනීම පමණකි.

    මෙම අන්තර්ජාල පෙත්සම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කල චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන Brent E. Huffman මහතා විසින් මේ පිළිබඳව The Buddhas of Mes Aynak නමින් වාර්තාමය චිත්‍රපටයක් නිපදවා තිබෙන අතර එය භාෂා කිහිපයකින් හඬ කැවීමට නියමිතයි.

    මෙම සංග්‍රාමය සඳහා ඩොලර් 40,000ක මුදලක් එකතු කිරීම ආරම්භ කල අතර දින 20ක් ඇතුලත ලෝ වටා බෞද්ධයන්ගෙන් එම මුදලින් 98%ක් මේ වනවිට එකතුවී තිබෙනවා.

    එම චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර මෙතනින්.http://www.kickstarter.com/projects/472409280/the-buddhas-of-mes-aynak

    මෙම ලෝක උරුමය රැක ගැනීම සඳහා යුනෙස්කෝව වෙත යොමු කිරීමට එක් අන්තර්ජාල පෙත්සමකුත්, ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට තවත් පෙත්සමකුත් ආරම්භ කර තිබුණා.

    යුනෙස්කෝ පෙත්සම මේ වනවිට අවසන් කර ඇති අතර අනෙක් පෙත්සමට අත්සන් කිරීමට තව දුරටත් ඔබට අවස්ථාව තිබෙනවා.

    ඔබ තවමත් මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් නොකලා නම් අත්සන් කිරීමට මෙතනින්.

    http://www.change.org/petitions/president-hamid-karzai-prevent-destruction-of-ancient-site-of-mes-aynak-the-environmental-damage-3


    එළකිරි එකේ ඉන්නේ සහෝදරවරුනේ හැමෝම මේකට සයින් කරන්න. එක විතරයි දැනට අපිට කරන්න පුළුවන්. මේ විනාස වෙන්න යන්නේ අපේ බෞද්ධ උරුමය. එක රැකගන්න අපි පෙරමුණට එන්න ඕන. මේ එකට කාලයයි. මේකට අත්සන් කලානම් අනික් යට බලන්නට් අත්සන් කරන්න පුළුවන් වෙන්න අඩුමගානේ බම්ප් එකක්වත් දල යන්න.


    මම මේක ගත්තේ ගොසිප්9 එකෙන් මොකද මේක අපිට රැකගන්න ඕන නිසා මම ඒ ලිපිය ඒ විදියටම මේකට දැම්ම.
     
    Last edited:

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    කතා කරොත් පොර ටෝක් දෙන අපේ සිංහලයෝ 50 බලල ඒ උනාට අඩුම තරමින් බම්ප් එකක් දල තියෙන්නේ . මේකද අපි මහා ලොකුවට කෑගහන සිංහල බෞද්ධ කම
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කතා කරොත් පොර ටෝක් දෙන අපේ සිංහලයෝ 50 බලල ඒ උනාට අඩුම තරමින් බම්ප් එකක් දල තියෙන්නේ . මේකද අපි මහා ලොකුවට කෑගහන සිංහල බෞද්ධ කම
    kello bageta heluwen inna ekak dammanam balan iddi bump wenne :dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කලින්ම අත්සන් කළා බං.. friends ල සෙට් එකකටත් invite කළා..
    11.gif