අපේ මේ ගෙවන ජීවිතය!
***********************************************
**********හොරෙන් බලා කියාපාන දේට වඩා!****************
***********************************************
අඩෝ අපි මේ ගෙවන ජිවිතයේ කිසි තේරුමක් නැහැනේ,ඉස්කෝලේ ගිහින් කට්ට කාලා,විබාග කරලා,කැම්පස් වල කුණු වෙලා,ජොබ් කරලා සල්ලි හොයන්වනේ...ඒත් අපි අන්තිමට මැරෙනවානේ!!එතකොට අපි මේ මැරෙන්නද මෙච්චර කට්ටක් කන්නේ...
ඕක තමා බන් බුද්ධාගමේ දේශන කරන්නේ.. හැබැයි ඉතින් ගොඩක් උන්ට ඕක තේරෙන්නේ නැහැ.. මොකද වෙන වෙන අරමුණු හිත වහගෙන.. කෙල්ලෝ සල්ලි තනතුරු වෙන fun වගේ දේවල් වලින්..
ඔය සේරම අතරල කල්පනා කරාම ඔය ඇත්ත පේන්න ගන්නවා.. හැබැයි ඇත්ත තිත්තයි.. මේ තිත්ත ඇත්තට මුහුණ දෙන්න පුළුවන් විදි 3 ක් තියෙනවා..
1. ජීවිතේ තේරුමක් නෑ කියලා හිතලා suicide කරගන්න එක - විරුද්ධයි.. තමන්ට එන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න දන්නේ නැති එකෙක්..ඉපදුනේ මැරෙන්නේ අපේ කැමැත්තෙන් තොරව ස්වාභාවධර්මෙට ඕන විදිහට.. ලැබිච්ච දෙකින් ගන්න පුලුවන් ප්‍රයෝජනේ නොගෙන පයින් ගහනවා කියනෙන් අපරාදයක්.. ස්වභාවිකව මැරෙනකන් අපි මොකද කරන්නේ කියලා කල්පනා කරන්න ඕනි හරිනම්
2. ජීවිතේ තේරුමක් නෑ කියලා හිතලා මේකට හේතුව හොයන එක - හරියට සිදුහත් තවුස ගියා වගේ..මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න තමා ආගම තියෙන්නේ.. මන් අදහන බුද්ධාගමට අනුව නම් නිවන් අවබෝධයට මහන්සි වෙන්න ඕනේ
3. ජීවිතය තේරුමක් නැති බව තේරුම් අරන් ලැබිච්ච දෙයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න එක - සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන එක, හඬක් නැති ජීවිත වෙනුවෙන් පෙනී සිටින එක, අනුන්ට හොඳ සේවාවක් දෙන්න තමාගේ කුසලතා වැඩි දියුණු කර ගන්න එක, තමන්ට හැදෙන්න වැඩෙන්න අනිත් මිනිස්සු ලෝකය ඉතිරි කරලා ගියා වගේ ඊළඟ ට එන එවුන්ට ජීවත් වෙන්න සුදුසු විදිහට ලෝකය තියන එක..
ඔය තුන් පැත්තෙන් හිත යොදවන පැත්ත අනුව ඔය සිතිවිල්ල හොඳ හෝ නරක වෙන්න පුළුවන්.. මං කියපු දේවල අඩුපාඩු තියේනම් නිවැරදි කරන්න...