අපේ රටේ තියෙන අපිටම වෙන්වුන අපූරු අවමංගල්
අපේ රටේ තියෙන අපිටම වෙන්වුන අපූරු අවමංගල්‍ය සිරිත් විරිත්
අම්මයි තාත්තයි අපිට ලස්සන ජීවිතයක් දීලා තියෙනවා. දුප්පත් වුනත් පෝසත් වුනත් ඒ ජීවිතේ හුඟක් වටිනවා. ඉපදුන හැම කෙනෙක්ම මැරෙනවා. හැබැයි අපි අතර ඉන්න හුඟ දෙනෙක් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙනවා. ජීවිතේට ප්‍රශ්න ආවම ජීවිතේ නැති කරගන්න හිතෙනවා. ජීවත් වෙන්න ආස මිනිස්සු ආකාලේ මැරිලා යනවා. අඬාගෙන උපදින අපි අඬ අඬා ජීවත් වෙනවා. ඊට පස්සේ අපිට ආදරේ කරන සුළු පිරිසක් අඬවලා ජීවිතෙන් සමුගන්නවා. මරණය මේ ගැන අපිට කතා කරන්න බෑ. මොකද තාමත් ඒ අත්දැකීම අපිට නැති හින්දා. හැබැයි අපේ රටේ අපිටම ආවේණික වෙච්ච අවමංගල්‍ය සිරිත් විරිත් තියෙනවා. ඒවා කරන්නන් වාලේ කරනවා මිසක් ඇයි එහෙම කරන්නේ කියලා අපි දන්නේ නැති තරම්? මියගිය පුද්ගලයෙක්ව ආදාහනය හරි භූමිදානය හරි කරන්න ගෙනියද්දී ඇයි වැලි පොරි කාසි ඉහින්නේ? ඇයි මළ ගෙදරක ජනෙල් දොරවල් ඇරලා තියන්නේ? ඇයි මළගෙදරක මිණිය තනි නොකරන්නේ? මළ බත අහලා තියෙනවා. හැබැයි මළ පත ගැන ඔයා අහලා තියෙනවද? මේ වගේ හුඟක් දේවල් සිංහල අපේ අවමඟුල් සිරිත් විරිත් ඇතුලේ තිබුණා. මොකද හිතන්නේ මරණයක් මළ ගෙයක් කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්න ඕනේ තැනක්ද? එහෙම නැත්තම් කෙනෙක් මැරුණට පස්සේ මොන සිරිත් විරිත් ද?
අද අපේ සමාජේ කෙනෙක් නැති වුනාම අවමංගල දැන්වීමක් පත්තරේක දානවා. එහෙම නැත්තම් ඒ පුද්ගලයගේ ඡායරූපයක් එක්ක දැන්වීමක් මුලු ගමපුරා නගරේ පුරා අලවනවා. ඒ වගේම ස්පීකර් බැඳගෙන ඒ මරණේ ගැන කිය කියා ගම පුරා යනවා.
හැබැයි ඉස්සර ගම්වල මරණයක් වුනාම ඒ දේ අනිත් අයට කියන්න ගෙදරින් ගෙදරට "මළපත" කියලා හඳුන්වපු තල්පතක් යවලා තියෙනවා. කෙනෙක් මියගියාට පස්සේ ඒ ගැන තවත් කෙනෙක්ට කියන්න අපේ පැරැන්නො ටිකක් අකමැති වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා විශේෂ සංකේත අක්ෂරයක් ඇඳපු මළපත එක්ක බුලත් කොළයක් අරගෙන ගිහින් මරණය ගැන පුවත් දැන්වීම සිද්ධ වෙලා තියෙනවා. එදා වගේම අදටත් මළ ගෙයක සංකේතය සුදු කොඩිය වෙද්දි මරණයක් ගැන දැනුම් දීපු අනිත් සන්නිවේදන මාධ්‍ය වුනේඉතින් ඒ හින්දා විශේෂ සංකේත අක්ෂරයක් ඇඳපු මළපත එක්ක බුලත් කොළයක් අරගෙන ගිහින් මරණය ගැන පුවත් දැන්වීම සිද්ධ වෙලා තියෙනවා. එදා වගේම අදටත් මළ ගෙයක සංකේතය සුදු කොඩිය වෙද්දි මරණයක් ගැන දැනුම් දීපු අනිත් සන්නිවේදන මාධ්‍ය වුනේ මළ බෙරේ ගහන එක. මේ මළ බෙරය අතීතයේ පටහ බෙරය කියලත් අඳුන්නලා තියෙනවා.
අපේ රටේ අඟහරුවාදා, සිකුරාදා වගෙම පෝය දවස් වල අදාහන භූමිදාන කටයුතු සිද්ධ වෙන්නේ නෑ. මේ සිරිත අපේ රටට ලැබිලා තියෙන්නේ ඉන්දියාවෙන්. හින්දු ආගමික සිරිතක් තමයි අදටත් අපි මේ පිළිපදින්නේ. ඉස්සර මරණයක් ආරංචි වුනාට පස්සේ දුරබැහැර ඉඳලා එන්න සෑහෙන කලක් ගත වුනා දුරබැහැර ජීවත්වෙන ඥාතීන්ට මියගිය පුද්ගලයා දැකබලාගෙන මිනියට ගෞරව කිරීමේ අවස්ථාව සලස්සන්න තමයි දිනගණනාවක් මිනිය ගෙදර තියා ගත්තේ. හැබැයි මේ සිරිත නම් කොයිතාක් දුරට හොඳද නරකද කියන දේ අපි හිතන්න බලන්න ඕනේ. මොකද මෘත ශරීරයකින් අධික විදියට පරිසරයට විශබීජ මුදාහරිනවා. මේ විෂබීජ කියලා අද අපි හැඳින්නුවට ඒකට අපේ පැරැන්නෝ කිව්වේ කිල්ල කියලා. ඒක මම දවසක් පැහැදිලි කරලා දුන්නා. ඉස්සර වගේම අදටත් නිවසේ සිට අවසන් කටයුතු සිද්ධ වෙන තැන දක්වා ගමන් මාර්ගය සැරසීම සිද්ධ වෙනවා. හැබැයි එදා මේ සැරසීම සිද්ධ වුනේ ගොක්කොළ වගේ ස්වාභාවික දේවල් වලින් හැබැයි අද සැරසීම සිද්ධ වෙන්නේ තනිකරම පොලිතින් වලින්. මැරුණ මනුස්සයටත් පවු පුරවන දෙයක් තමයි මේ කරන්නේ. මේ දෙයින් කොයිතරම් පරිසර විනාසයක් සිද්ධ වෙනවද කියන දේ තේරුම් ගන්නේ නැති එකනම් ලොකු දුකක්. මෙන්න මේ වගේ ආකල්ප හදා ගන්නකන් නම් අපි හරියි කියලා අපිට හිතන්න බැරි වෙනවා.
දැකලා තියෙනවද අවමංගල්‍ය පෙරහරක් ගිහින් ඉවර වෙද්දි ඒ යන මග දිගට වැලි පොරි ඉහිනවා. නිකමට හිතලා තියෙනවද ඒ ඇයි කියලා. නෑ නේද? ඉස්සර අද කාලේ වගේ පාරවල් තිබුනේ නෑ. මරණයක් සිද්ධ වුනාට පස්සේ පුළුවන් තරම් ගමෙන් ඈත කෑලේට ගිහින් වළදාල එන එක තමයි සිද්ධ වුනේ. ඉතින් කෑලෙට ඇතුලට ඇතුලට යද්දී ආපිට එන පාර මතක් කරගන්නයි මේ විදියට වැලි ඉහින්න අපේ පැරැන්නෝ පුරුදු වෙලා තියෙන්නේ කියලයි මට දැනගන්න ලැබුනේ. මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කරන්න කලින් දෙන කරතියගත්ත පිරිස වල වටේ හරි චිතකය වටේ හරි තුන් වරක් ගමන් කරනවා. ඒ ඇයි කියලා දන්නවද? මියගිය පුද්ගලයාගේ ආත්මය ආපිට එන මග නවත්තලා මංමුළා කරන්න තමයි ඒ සිරිත අනුගමනය කරලා තියෙන්නේ. මළ ගෙදරක තියෙන පින්තූර අනිත් පැත්ත හරවනවා ගෙදර තියෙන බුලත් තට්ටුවේ බුලත් තියන්නේ කණපිටට. ඒක අඳුන්වන්නේ ඉලත්තට්ටුව කියලා. අද මිනිය ආදාහන භූමිදාන කලාට ඒ කාලේ මිය කැලේ ගැසීම කියලා තමයි කියලා තියෙන්නේ මේ විදියට මිනිය කෑලේ ගහන්න ගියපු අයගේ වෙහෙසට කැඳක් පිළියෙල කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ මීනි වළ කෑපු අයට දෙන කැඳක් මේක මතක කැඳ කියලා හඳුන්නලා තියෙනවා. අනිත් අයට මිරිස් හොද්දක් එක්ක බත් දීලා තියෙනවා. පස්සේ මේක ටිකක් වෙනස් වෙලා වට්ටක්කා එක්ක කරවල දෙන්න පටන් අරන් තියෙනවා. මේකට කියන්නේ මළ බත කනවා කියලයි. සමහර අය මේකට පරාණ බත කියල කියනවා කියලත් මට දැනගන්න ලැබුණා.
මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කරන්න කලින් සිද්ධ කරන ආගමික වතාවත් කීපයකුත් තියෙනවා. පැන්වැඩීම, මතක වස්ත්‍ර පූජා කිරීම වගේ සිරිත් විරිත් ප්‍රදානයි. ඔය කියන මතක වස්ත්‍රය විදියට සලකන්නේ සුදුරෙදි යාර 16 කියලයි මහනුවර යුගයේ අය පිළිගන්නේ. මේ විදියට පූජා කරන රෙදිකඩ පාංශුකූල සිවුර විදියට අපේ බුද්ධ කාලීන භික්ෂුන් වහන්සේලා භාවිතා කරලා තියෙනවා. ඉස්සර ඒ භික්ෂූන් වහන්සේලා සිවුරු පිළියෙල කරගෙන තිබුණේ අමු සොහොනේ තිබුණ රෙදි අරගෙන ගිහින් පඬුපොවලා තමයි ආයෙමත් පාවිච්චියට අරන් තිබුණේ. මේ සිවුර පවුල සිවුර කියලත් හඳුන්වලා තියෙනවලු. තව තැනක සොහොන් රෙදිකඩ කියලත් අඳුන්නලා තියෙනවා.
ජීවිතය අනිත්‍යයයි ඒක ඇත්ත. ඉස්සර අපේ මේ සිරිත් විරිත් ඇතුලේ වැඩිපුරම තිබුනේ මනුස්සකම. මේ සිරිත් විරිත් අහිමි වෙනවා කියන්නේ අපිට අපේ මනුස්සකමත් අහිමි වෙනවා කියන එක. ඉතින් මේ වෙනුවෙන් අපි කතාබහ කරන එක හුඟක් වටිනවා කියලයි මට නම් හිතේන්නේ.