අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය.. Read this

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය.. Read this

හ්ම් අද එ කියන්නේ 4 වෙනිදා ස්වර්ණවාහිනියේ ප්‍රවුර්ති වලට ගියා සජිත් ප්‍රේමදාස මහත්තය කියනවා මෙහෙම අපිට වෙලා තියෙන්නේ අපේ රටේ හරි හමන් විදේශ ප්‍රතිපත්තියක් නැති නිසා කියල... හරි වෙන්නත් ඇති...ඒත් UNP එකේ විදේශ ප්‍රතිපත්තිය විදියට මේ රට කරගෙන ගියානම් අද අපි ඇමෙරිකා යුද හමුදාවේ කඳවුරක්... මේක දිහා දේශපාලන ඇසෙන බලන්න එපා..මම මේ දේශපාලන විද්යාවෙනුයි මේ උත්තර දෙන්න යන්නේ...මොකද මම මේ පාර උසස් පෙලට ලියන එක විෂයක් තමයි දේශපාලන විද්‍යාව...

ඉතින් මේකයි අපිට එක පාඩමක් තියනවා ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කියල... එකට අනුව ලංකාවේ ඉස්සෙල්ලම බලය ගත්තේ UNP එක.. එ 1948 දි..
එ අනුව UNP එක ප්‍රධාන වශයෙන් ලංකාවේ යුග තුනකදී ආණ්ඩු බලය ගත්ත...එ තමයි..
1948-56 යුගය
1965-70 යුගය
1977-94 යුගය වශයෙන් ඒවා දක්ක්වන්නට පුළුවන්... මේ UNP පාලනයන් තුලදී ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති තුල අපිට දකින්න පුළුවන් මුලික ලක්ෂණ තුනක් තියනවා එ තමයි..
බටහිර ගති ස්වාභාවය
කොමියුනිස්ට් විරෝධී ස්වභාවය
ඉන්දියන් විරෝධී ස්වභාවය වශයෙන් ඒවා පේනවා දෙන්න පුළුවන්...

UNP එක මුල සිටම අනුඋගමනය කලේ බ්‍රිතාන්‍ය ඇමෙරිකා හිතවාදී විදේශ ප්‍රතිපත්තියකි...බටහිර රටවල් තරහ කුමන රටවල් සමගද UNP එකද එම රටවල් සමග ගනුදෙනු කලේ නැත... ඔවුන් සැමවිටම දක්ෂිනාංශ කඳවුර සමග පමණක් ගනුදෙනු කළේය.. ඔවුන් බලයට පත්වන සෑම අවස්ථාවකදීම අසල්වැසි ඉන්දියාවත් සමග ගැටළු ඇති කරගත්තේය...

ඔවුන්ගේ මෙමෙ විදේශ ප්‍රතිපත්ති නිසා රටට බොහෝ ඩේ සිදුවිණි...මේ ඒවායින් කිහිපියකි...
ඩී. එස්. සේනානායක රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳීමට කල ඉල්ලීම සෝවියට් දේශය විසින් සිය නිශේධ බලය යොදවා අහෝසි කර දැමීම...
ඩඩ්ලි සේනානායක රජය විසින් සමාජවාදී පොත් පත් භාවිතය තහනම් කිරීම...
එම පාලන සමයේදීම සෝවියට් අබ්ව්‍යකාශ විද්යාච්චයින්ට ලංකාවට එම තහනම් කිරීම...
ඉන්දියානු විරෝධය නොතකා ලංකාව තුල ඇමෙරිකාන හඬ ගුවන් විදුලි සේවය පිහිටුවීමට ජේ ආර් රජය ක්‍රියාකිරීම..
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සමුහය ඉන්දියානු සමාගම් බද්දට ගැනීමට ඉල්ලා සිටියදී ඊට වඩා අඩු මුදලකට ඇමෙරිකාන සමාගම් වලට බදු දීම...

වැනි කාරණා ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති නිසා ඇති වූ තත්වයන් බව කිව යුතුය..තවත් වැදගත්ම කාරණාවක් වන්නේ..ජේ ආර් ව මට්ටු කිරීමට ඉන්දියාව විසින් කොටි සංවිධානයට තමිල්නාඩුවේදී තම යුද කටයුතු කරගෙන යාමට සහයෝගය දීම පේනවා දිය හැකිය.. තවද ඩෙන්සිල් කොබ්බෑකටුව ඇතුළු හමුදා නිලධාරින් කොටින්ව එක තැනකට කොටු කර තිබියදී ප්‍රථම වතාවට ලංකාවේ ස්වාධිපත්‍ය උල්ලංගනය කරමින් ලංකාවේ ගුවන් සීමාව පවා උල්ලංගනය කරමින් ඉන්දියාවෙන් වියලි ආහාර උඩින දා යුද්දය නතර කර හමුදාව ආපස්සට ගත්තේද UNP එක ඉනිදාවත් සමග ඇති කරගෙන තිබු මේ මතබේද නිසාවෙනි... එතකොට මෙවන් විදේශ ප්‍රටිහ්පත්තියක්ද අපට අවශ්‍ය වන්නේ දැයි... මනසින් කල්පනා කර බලන්න..අවැසිය​
...
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
එතකොට UNP එකේ විදේශ ප්‍රතිපත්තිය එහෙම බලනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ ප්‍රතිපතතිය ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් විය..
ඔවුන්ද අප රටේ බලය ගත ප්‍රධාන අවදීන් 3ක් දැක්විය හැකිය...එනම්
1956-65 යුගය
1970-70 යුගය
1994- අද දක්වා තිබෙන යුගය...


මොවුන්ගේ පාලනයන් තුල මුලික ලක්ෂණ දෙකක් ඇත එනම්...
නොබැඳි, මද්යස්ත විදේශ ප්‍රතිපත්තිය...
ඉන්දියානු හිත වාදී විදේශ ප්‍රතිපත්තිය...

ශ්‍රී.ල.නි.පය මුල සිටම අනුගමනය කලේ නොබැඳි මද්යස්ත විදේශ ප්‍රතිපත්තියකි... එනම් ධනවාධි කඳවුරට හි සමාජවාදී කඳවුරට ගති නොවී එම දෙපිරිසම සමගම සුහදව කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය ඌවුන් අනුගමනය්අ කළේය...බටහිර රටවල් සමග පමණක් නොව බටහිර නොවන රටවල් සමගද ගනුදෙනු කළේය... අසල්වැසි ඉන්දියාව සමග ඉති‍ා සමීප විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.... ඉන්දියාව එක්සත් ජාතික් පක්ෂ පාලනයන් කාලය්දේ ඇති කරගත් ගැටළු බොහෝ විට නිරාකරණය කරගත්තේ ශ්‍රී.ල.නි.ප පාලනයන් තුලදීය..

ශ්‍රී.ල.නි.ප වීදේශ ප්‍රතිපාත්තියේ වැදගත් සිදුවීම..මෙසේ දැක්විය හැකිය...

1957 දි සෝවියට් දේශය සමගද 1958 දි චීනය සමගද තානාපති සම්බන්දත ඇති කරගත්තේය...
සමාජවාදී පොත් පත භාවිතයට තිබුණ තහනම ඉවත් කරන ලදී..
විශේෂම දෙය වන්නේ ජාත්‍යන්තර නොබැඳි සමුළුව මෙරට පැවැත්වීම හා එහි සභාපතිත්ව මෙරට හිමිවීම...
1964 දි ඉන්දියාව සැම සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කර මෙරට වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය පිලිබඳ තිබු ප්‍රශ්නය නිරාකරණය කරගැනීම..
ඉන්දිආව සමග සාකච්චා කොට කච්චතිවු දුපත ලංකාවට ලබාගෙනීම...

මේවයින් ඔබට මෙහි වෙනස තේරුම ගත හැකිය... එජාප පාලනයක් දැන් ක්‍රියාත්මක වුනනාම් අද ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයන්ගේ අල්ලේ නැටවෙන රුඋකඩයක් හා සමාන ලෙස ලංකාවට සිටින්නට සිදුවෙනවායි මගේ අදහස.... එහෙනම් මන නවතිනවා..හොඳනම් සලකල යන්න...මේක දැම්මේ මගේ දේශපාලාන විද්‍යාව දැනුමෙන්,.. බොරුනම් මේ ගැන දන්නා ඕනෑම කෙනෙක්ගෙන් අහල දැනගන්ට පුළුවන්... then good night friends sweet dreams... ohh this is not copy..this is only my ideas and..knowledge