අපේ රටේ විෂඝෝර සර්පයන්

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අපේ රටේ විෂඝෝර සර්පයන්

    අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ මුහුදේ. ඉතින් ගොඩබිම ඉන්න මාරාන්තික විෂ තියෙන සර්පයන් අතරින් 7 දෙනයි ඉතාම මාරාන්තික.

    01. තෙල් කරවලා. Indian krait blue krait (Bungarus caeruleus)

    ශ්‍රී ලංකාවේ මාරාන්තික විෂ ඇති සර්පයෝ 7 දෙනාගෙනුත් උග්‍රම විෂ ඇත්තා .
    මෙයාගේ මතුපිට තෙල් ගාලා වගේ දිලිසෙනවා. රෑට තමයි වැඩිපුර ක්‍රියාකාරී. මිනිස් වාසස්ථාන ළඟ වේලිච්ච කොලරොඩු ගොඩවල් වල තමයි බහුලව සිටින්නේ. වැඩිපුරම ඉන්නේ වියලි කලාපිය ශුෂ්ක ප්‍රදේශ වල. තෙල් කරවලාගේ විෂ වලට මිනිස් ස්නායු පද්ධතිය විනාශ කරලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවලු.

    02. නයා Cobra (Naja Naja)

    අපි කව්රුත් දන්නා කියන නයා .
    අපේ රටේ සීත අධික මධ්‍යම කඳුකරේ ඇරුනාම හැම තැනම ඉන්නවා. නයාගේ විෂ වලටත් මිනිස්සුන්ගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය නතර කරන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා. දෂ්ට කලොත් පැය 36ක් ඇතුලත බෙහෙත් නොකළොත් රෝගියා මැරෙනවා.

    03. වැලි පොළගා Saw-scaled Viper (Echis carinatus carinatus)

    වැලි පොළඟාගේ ඔලුව ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. මෙයාව හම්බවෙන්න පුළුවන් වැඩිපුරම වියලි කලාපේ වෙරළබඩ (වැලි සහිත ප්‍රදේශ )පැති වලදී තමයි. රෑට තමයි ක්‍රියාකාරී. දවල්ට කොළ රොඩු ගොඩක් ඇතුලේ, පඳුරක් අස්සේ, බුරුල් වැලි පසේ හැංගිලා ඉන්නවා.ලෝකේ සර්ප විෂ ශරීර ගත වීමෙන් ලෝකයේ සිද්ද වෙන ගොඩක් මරණ වලට වග කියන්න ඕනේ වැලි පොළඟා යැයි කියැවේ.

    04. තිත් පොළගා Russell's Viper (Daboia russelli)

    තිත් පොළඟා අපිට උස සීත අධික කඳුකර ප්‍රදේශ වල ඇරෙන්න වෙන ඕනෙම තැනකදී හම්බවෙන්න පුළුවන්. මෙයා රෑට වගේම සමහර වෙලාවට දවල්ටත් දකින්න පුළුවන්. විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්‍රමයෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය නතර වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් සිද්ධ වෙන්න වග කියන්න ඕනේ තිත් පොළඟා යැයි කියැවේ.

    05. පොළොන් තෙලිස්සා නැත්නම් කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)

    මේ එක එක පාට තියෙන වර්ග කිහිපයක සිටිනවාලු. ලංකාවේ හැම පළාතකම ඉන්නවලු. රෑට තමයි ක්‍රියාකාරී. දවල්ට කුණුගොඩවල් , ගල් යට වගේ තැන් වල සැඟවී සිටී. පන්න පන්නා දෂ්ඨ කරයි. ලංකාවේ සර්ප විෂ වලින් සිද්ධ වෙන මරණ වලින් 02% කට වග කියන්න ඕනේ මොවුන්.

    06. මුදු කරවලා Ceylon krait (Bungarus ceylonicus)

    මෙයා අපේ රටටම ආවේනික සත්වයෙකි. තද දම් නැත්නම් කළු පාට ඒ වගේම ඇගේ හරස් අතට සුදු පාට ඉරි තියෙන සතෙක්. මේ මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.

    07. දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)

    වැලි පැහැයට හුරු කහ පැහැයක් ගන්නවා. රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වේ. දවල් වෙලාවට කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඉන්නේ වියළි කලාපයේ. එත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්‍රදේශ වලදීද දැක ගන්න පුළුවන්.

    ඉතින් මෙන්න මේ සතුන් තමයි අපේ රටේ ඉන්නා උග්‍ර විෂ සර්පයින් වන්නේ. එහෙනම් අපි දැන් බලමු සර්ප දෂ්ඨනයකදී කෙසේ ක්‍රියා කළ යුතුද කියලා.

    1. විෂ අධික හෝ නැතුවා අනිවාර්‍යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.

    2. සර්ප දෂ්ඨනයක්දැයි නොදනීනම්, ඇස් ඇරීමට අපහසුවීම, රූප බොඳවී පෙනීම, සිහිකල්පනාව මඳ බවට පත්වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මාංශ පේෂි වේදනාව සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණයි. ඊට අමතරව දළ ලකුණු පිහිටි තැන ඉදිමීම, බඩේ කැක්කුම වමනයත් ඇති විය හැකියි. කරවලා දෂ්ට කළ විට තදින් ම බලපාන්නේ ස්නායු පද්ධතියටයි. මේ නිසා හුස්ම ගැනීමේ අපහසුව වඩාත් දැනෙනවා. ඒ වගේ ම පොළඟා, නයා වැනි සර්පයන් සපා කෑ විට දළ ස්ථානවලින් රුධිරය වහනය වීමේ හැකියාව වැඩියි. එමෙන්ම මුත්‍රා සමඟ ලේ පිටවීමත් සිදුවෙන්න පුළුවන්.

    සර්ප විෂ ශරීරගත වූ විට විනාඩි 20 – 30ක් වැනි කාලයක් ඇතුළත වුණත් ඉක්මනින් මෙම රෝග ලකුණු පහළ වෙනවා.

    3. රෝගියාගේ මානසික තත්ත්වය බිඳ නොවැටීමට අන් අය වගබලා ගත යුතුයි. ඒ කියන්නේ රෝගියා අනවශ්‍ය විදිහට බය කරන්න එපා. බය වුණාම හෘද ස්පන්ධනය වැඩිවෙනවා. එවිට ශරීරයේ රුධිරය ගලනයත් වැඩිවෙනවා. රෝගියා රෝහලට ගෙනෙනතුරු කිසිම අත් බෙහෙතක් දෙන්න එපා. ඒ වගේම තුවාලය තැවීම, වෙනත් කෙනෙක් මුඛයෙන් විෂ උරා ඉවත් කිරීම කිසි විටෙකත් නොකළ යුතුයි.

    කළ යුත්තේ පිරිසුදු ඇල් දියෙන් තුවාල වුණු තැන සෝදා පිරිසුදු රෙදිකඩකින් වෙලා රෝගියා කාලය නාස්ති නොකර හැකි ඉක්මනින් රෝහලට ගෙනඒමයි. තවද තුවාලය මැදි වන සේ රෙදි පටිවලින් තද කර බඳින්න එපා. රෝගියාගේ පාදය සෙළවෙන විට තුවාලයේ ලේ ගැලීම නැවැත්වීමට පමණක් ආධාරකයක් යෙදුවාට කමක් නෑ.

    4. රෝහලට ගෙනයන තෙක් කන්න බොන්න කිසිවක් දෙන්න එපා.

    5. විශේෂයෙන් වමනය යා හැකි නිසා සහ සිහිකල්පනාව අඩුනම් පැත්තකට හරවා රෝගියා ගෙන ඒම සුදුසුයි.

    6. හැකි ඉක්මනට රෝහලට රැගෙන යායුතු වන අතර බොහෝ ප්‍රමාද වුණොත් තුවාල ඉදිමී පටක විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ ම වකුගඩුවල හෘදය වස්තුවට, ස්නායු පද්ධතියට, මාංශපේෂිවලට බලපෑ හැකිය. ඒ නිසයි හැකි ඉක්මනින් රෝගියා ළඟම ඇති රෝහලට රැගෙන යා යුත්තේ.

    (උපුටා ගැනීම :පිටුවෙන් හා http://kiyagannaba.blogspot.com/)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ෂා...නියම ත්‍රෙඩ් එකක් සහෝ...වැඩකට නැති දාහක් ත්‍රෙඩ් අතරේ සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක්..:)
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මම අහලා තියෙනවා ලංකාවේ ලු වැඩියෙන්ම සර්ප විස නිසා මැරෙන මිනිස්සු ඉන්නේ......per capita

    wenna puluwan ban.riya anathur walinuth sahena ganak marenawaa. :yes::yes::yes::confused:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අපේ රටේ විෂඝෝර සර්පයන්

    RF9812.jpg
     
    • Like
    Reactions: Apparently Kid