මෙඩිකල් ෆැකල්ටියෙ තුන්වෙනි අවුරුද්දෙ දි අපට ඉගෙනගන්න තියෙන ඉතාම වැදගත් විශයක් තමයි පැරසිටලොජි ; එහෙම නැත්නම් පරපෝෂීවේදය කියන්නේ. මේකේ දි උගන්නන්නේ අපේ ඇඟේ ඉන්නවාය කියන එක එක විදිහෙ පණුවො, පොඩි පොඩි සත්තු, මදුරුවො ගැන එහෙම. මේ විශය කොච්චර වැදගත් ද කියනවා නම් තුන්වෙනි අවුරුද්දෙන් පස්සේ ආයේ මේක උගන්නන්නෙත් නෑ. ඊට පස්සේ ඉගෙනගත්තු දේවල් කිසි කෙනෙක්ට මතකත් නෑ.
පැරසිට් වල පාඩමක් විදිහට අපට සර්පයො ගැනත් ඉගෙනගන්න තියෙනවා. කකුල් නැති, බඩගාගෙන යන ඕනි සතෙක් දැක්කොත් අපි නයෙක් කියලා කෑගැහුවට ඇත්තට ම ඒක එහෙම නෙවෙයිනේ. ඒ නිසා පැරසිට් වලදි සර්පයෙක් දැක්කාම කොහොමද උන්ව හරියට අඳුරගන්නේ, මොනාද උන්ගෙ විශේෂ ලක්ෂණ, ඒකෙක් කෑවොත් මොකද වෙන්නේ, මොනාද දෙන්න ඕනි බෙහෙත් වගේ දේවල් උගන්නනවා. මේ දේවල් ඇත්තටම වැදගත් නිසා අපි ඒ ලෙක්චර් එකට සහභාගි වෙන්න තීරණය කලේ බොහොම කැමැත්තකින්.
හැබැයි ඒ ලෙක්චර් වලින් මට සර්පයෝ අඳුරගන්න හැකියාවක් ලැබුණා කියලා හිතෙන්නේ නෑ. මොකද කියනවා නම්, ලෙක්චර් එක කරපු සර් අපට මැරුණු සර්පයො ගෙනැත් පෙන්නලා දුන්න ලක්ෂණ පණ තියෙන සර්පයෙක් හම්බුණ වෙලාවකට බලන්නේ කොහොමද කියලයි මම මේ කල්පනා කරන්නේ. උදාහරණයක් විදිහට සර් පෙන්නලා දුන්න ලක්ෂණ මෙන්න මේ වගේ.
" අපට උග්‍ර විෂ කුණකටුවා, එහෙම නැත්නම් මග මරුවාව ( Hump Nosed Viper ) අඳුරගන්න හරිම ලේසී. මොකද ඌගෙ නහය කෙළවර ඉස්සිලා තියෙන්නේ. ලඟට ගිහිං බලද්දී ඒක පේනවා.. "
" ඒ වගේ ම උග්‍ර විෂ නයායි, නිර්විෂ ගැරඬියායි පොඩි කාලේ එක වගේ පේන්නේ. හැබැයි ගැරඬියාගෙ ඇහැ යට කලු ඉරි තියෙන නිසා මේ දෙන්නාව වෙන් කරලා අඳුරගන්න එක තරම් ලේසි වැඩක් මේ ලෝකෙ නෑ.. "
" උග්‍ර විෂ තෙල් කරවලාගෙ ( Indian Krait ) බඩ පැත්තේ ඉරි නෑ, සුදු පාටයි. උගෙ අනිකා උග්‍ර විෂ මුදු කරවලා ( Ceylon Krait ) බඩ පැත්තෙ ඉරි තියෙනවා.. "
මම සෑහෙන වෙලාවක් කල්පනා කලේ මේ කියන ලක්ෂණ වලිං අපට පාරෙදි හම්බෙන සර්පයෙක් අඳුරගන්න එක කරන්න පුලුවන් වැඩක් ද කියලා. කුණකටුවෙක් හම්බුණාම උගෙ හොම්බ බලන්න තරම් ලඟට යන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. අනික බඩගාගෙන එන සර්ප පැටියෙක්ගෙ ඇහැ යට කලු ඉරි තියෙද කියලා බලනකං ඌ පාඩුවෙ ඉන්න එකක් නෑනෙ. ඔක්කොටමත් වඩා අපි කොහොමද කරවලාට කියන්නේ උගෙ බඩ පොඩ්ඩක් පෙන්නන්න කියලා.
මේකට මොකද කරන්නේ කියලා කල්පනා කරද්දි තමයි මට මතක් වුණේ ෆේස්බුක් එකේ " සර්පයින් රැකගනිමු " ගෲප් එක. ඒකෙ නිතරම එක එක සර්පයින්ගේ ෆොටෝ දාලා ID Plz කියන නිසායි කට්ටිය අසුරු සැණින් උන්ව අඳුරගෙන කමෙන්ට් කරන නිසායි මම ඒ ගෲප් එකට ඇඩ් වුණා ඒකෙ ඉන්න අයගෙන්වත් සර්පයො වෙන්කරලා අඳුරගන්න උදව්වක් ලැබෙයිද බලන්න.
හැබැයි මට වුණේ නයා කාපු මිනිහාට කුණකටුවෙකුත් දෂ්ට කලා වගේ වැඩක්. ඒ ගෲප් එකට මොන විශඝෝර සර්පයෙක්ගෙ ෆොටෝ එක දැම්මත් එයාලා කමෙන්ට් කරන්නේ " නිර්විෂ රදනකයා " කියලා. මම ලෙක්චර් වල උගන්නපු ලක්ෂණ එක්ක සංසන්දනය කරලා බොහොම ආඩම්බරයෙන් සර්පයෙක් අඳුරගෙන ඒක හරි ද බලන්න කමෙන්ට් කියවද්දී ඌ රදනකයෙක්. ඒක දැකලා දැකලා ම මට දැන් රදනකයා කියන එකා එක්කත් කේන්තියි. කොහොමද හැම සර්පයෙක්ම රදනකයෙක් වෙන්නේ.
මෙහෙම ඉද්දී දවසක් කෙනෙක් පෙණයක් තියෙන සර්පයෙක්ගෙ ෆොටෝ එකක් දාලා ID Plz කියලා අහලා තිබ්බා. මට හොඳට ම විශ්වාසයි අනිවාර්යයෙන් ම මූත් රදනකයෙක් වෙන්න ඇති. ඒ නිසා මම ඒකට " පෙණය සහිත නිර්විෂ රදනකයා " කියලා කමෙන්ට් කලා. දැන් මාව ඒ ගෲප් එකෙන් බ්ලොක් කරලා.
Source