අපේ විරුවන්..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lk811a.jpg


    නුදුරු අතීතයේ දී අපට සිටි එකම රාජ්‍යතාන්ත්‍රිකයා ඔහු විය. වර්තමාන අර්බුදය හමුවේ ඔහු නැති පාඩුව වෙනත් කවරදාටත් වඩා තදින් අපට දැනේ........30 වසරක යුද්ධයෙන් අපට අහිමි වූ විශාලම ප්‍රතිරූපය ඔහුයි........
    ඔහු ගෙන් හිස් වූ තැන පිරවීමේ ගැටළුවෙන් අප තවමත් විදවන්නෙමු........!!!!!


    අවජාකත කොටියන්ට හෙනම ගැසිය යුත්තේ දෙමළ සමාජයෙන් මතු වූ කුෂාග්‍ර බුද්ධිමතුන් වන ලක්ෂ්මන් කදිර්ගාමර් සහ නීලන් තිරුචෙල්වම් මහත්වරුන් ඝාතනය කිරීම නිසාය.......
    නමුත් සමහර එකාලට ඕව මතක නෑ.........
    මකත් කරල දෙනවට මැක්සා.....උඹට පින්.........!!!!
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    lk811a.jpg


    නුදුරු අතීතයේ දී අපට සිටි එකම රාජ්‍යතාන්ත්‍රිකයා ඔහු විය. වර්තමාන අර්බුදය හමුවේ ඔහු නැති පාඩුව වෙනත් කවරදාටත් වඩා තදින් අපට දැනේ........30 වසරක යුද්ධයෙන් අපට අහිමි වූ විශාලම ප්‍රතිරූපය ඔහුයි........
    ඔහු ගෙන් හිස් වූ තැන පිරවීමේ ගැටළුවෙන් අප තවමත් විදවන්නෙමු........!!!!!


    අවජාකත කොටියන්ට හෙනම ගැසිය යුත්තේ දෙමළ සමාජයෙන් මතු වූ කුෂාග්‍ර බුද්ධිමතුන් වන ලක්ෂ්මන් කදිර්ගාමර් සහ නීලන් තිරුචෙල්වම් මහත්වරුන් ඝාතනය කිරීම නිසාය.......
    නමුත් සමහර එකාලට ඕව මතක නෑ.........
    මකත් කරල දෙනවට මැක්සා.....උඹට පින්.........!!!!


    අනිවා මචෝ.. තෑන්ක්ස් උබට..;)
    මේ වගේ විරුවන්ගේ අඩුපාඩුව දෑන් අපට හොදටම දෑනෙනවා..
    :sorry:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    Bump...

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම පිළිබඳ සිදුවන පරීක්ෂණයේදී හෙළි වී ඇති තොරතුරුවලට අනුව යුද හමුදා බුද්ධි අංශ විසින් ව්‍යාජ එල්ටීටීඊ සංවිධානයක් පවත්වාගෙන යමින් යම් යම් දේශපාලන ඝාතන සිදුකරන ලදැයි අනාවරණය වීමත් එවැනි ඝාතන සඳහා එවකට බලයේ සිටි දේශපාලනඥයන් ඇතුළු බලවත් පිරිස් අනුබල හා උපදෙස් ලබාදුන් බව හෙළිවීමත් මත හිටපු කීර්තිමත් විදේශ කටයුතු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ මරණය පිළිබඳ නැවත විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔහුගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ඇතුළු පවුලේ අය පවසති.

    2005 වසරේ අගෝස්තු 12 වැනි දින කොළඹ බුලර්ස් පාරේ පිහිටි කදිර්ගාමර් මහතාගේ නිවෙසේ පිහිනුම් තටාකය අසලදී ‘ස්නයිපර්‘ තුවක්කුකරුවකු (දුර සිට වෙඩි තබන) විසින් කරන ලද වෙඩි තැබීමකින් ඒ මහතා ජීවිතක්ෂයට පත්විය.

    කදිර්ගාමර් මහතා එවකට එල්ටීටීඊ සංවිධානයේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි අයකු වූ නිසා ඔහුට අති විශේෂ ආරක්ෂාවක් ලබා දිය යුතුව තිබුණත් ඔහුගේ එම පෞද්ගලික නිවෙසට අවශ්‍ය ආරක්ෂාව සැලැසීමට කදිර්ගාමර් මහතාට ආරක්ෂාව සැලසූ යුද හමුදා ‘කොමාන්ඩෝ‘ බළකාය අපොහොසත් වී තිබිණි.

    කදිර්ගාමර් මහතා ඝාතනය වූ අවස්ථාවේ මෙරට ජනාධිපති ධුරයේ කටයුතු කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වන අතර අගමැතිවරයා වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

    කදිර්ගාමර් මහතාගේ දියණිය අජිතා කදිර්ගාමර් මහත්මිය ‘සිලෝන ටුඩේ‘ පුවත්පත හා ප්‍රකාශ කර ඇත්තේ පියාගේ ඝාතනය හා බැඳුණු තවමත් නොවිසඳුණු ගැටලු රාශියක් ඇති බැවින් තම පවුලේ උදවිය දස වසරකට පෙර සිදුවූ මේ සිද්ධිය පිළිබඳ නැවත පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බවයි.

    කදිර්ගාමර් මහතාගේ බුලර්ස් පාරේ නිවෙස ඉදිරිපිට පිහිටි ඒ මහතාගේ මිතුරකුගේ යැයි පැවැසූ නිවෙසක උඩු මහලේ සිට ‘ස්නයිපර්‘ තුවක්කුකරුවකු 2005 අගෝස්තු මස 5 වැනි දින රාත්‍රි 11ට පමණ තම පෞද්ගලික නිවෙසේ පිහිනුම් තටාකයේ දිය නා නිවෙසට යෑමට සූදානම් වූ කදිර්ගාමර් මහතාගේ හිසට වෙඩි තබනු ලැබීය.

    මේ ඝාතනය එල්ටීටීඊය විසින් සිදු කරන ලද්දක් බව එවකට පොලිස්පතිව සිටි චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනු ලැබුවත් එල්ටීටීඊ සංවිධානය ප්‍රසිද්ධියේම තමන් මේ ඝාතනයට සම්බන්ධ නැතැයි පවසා තිබිණි.

    ”මේ ඝාතනය ගැන එල්ටීටීඊයට ඇඟිල්ල දිගු කළ හැකිය. ඔවුන්ගේ සම්බන්ධයක් තිබිය හැකි බව කියන්නත් පුළුවන්. එහෙත් මේ සඳහා එල්ටීටීඊයට උපදෙස් දී ඇත්තේ වෙනත් අය දැයි කිව හැක්කේ කාටද?” අජිතා කදිර්ගාමර් සඳහන් කර ඇත.

    කදිර්ගාමර් මහතාගේ මරණයෙන් පසු ඒ මහතාගේ පවුලට අයත් ඉඩ කඩම් රාශියක් පැවැති රජය විසින් අත්පත් කරගෙන ඇතැයිද කදිර්ගාමර් මහතාගේ පවුලට අයත් බවට ඉඩම්
    ඔප්පු තිබියදීත් එවැනි විශාල ඉඩමක ජනාධිපති මැඳුරක් ගොඩනඟා ඇතැයිද අජිතා කදිර්ගාමර් මහත්මිය චෝදනා කර තිබේ.