අපේ සතුට ඈට කොයිද? It Says "Yashodha Needs You

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අපේ සතුට ඈට කොයිද? It Says "Yashodha Needs You

    අපේ සතුට ඈට කොයිද? It Says "Yashodha Needs You




    පහවසර නම් පට්ට ආතල්ය. පන්තිය පුරා දගලමින් සිට අපි ඉන්ටර්වල් එකේ එළියට පනින්නේ සෙල්ලම් කිරීමටය. 5 වසර බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ අපේ පන්තිය පිහිටියේය. ඒ නිසා ඉන්ටර්වල් එකට බෙල් එක ගැසූ සැනින් අප පඩිපෙල දිගේ පහළට දිව ආවේ එක මිනිත්තුවක් වත් අපතේ නොයවා සෙල්ලම් කිරීමටය. ඉන්ටර්වල් එකේදී කැමට පෙට්ටියක දමා අම්මා එවන කෑම එක පවා අපි ඉන්ටර්වල් එකට කලින් පීරියඩ් වලදී හොරෙන් කෑවේ සෙල්ලම් කිරීමට කාලය ඉතිරි කර ගැනීමටය. බෙල් එක ගැසු සැනෙකින් පඩි පෙළට පනින්නේ ඒ ඉතිරි කර ගත් කාලය තවත් ඵලදායී කර ගැනීමටය. මට මතක හැටියට පඩි පෙළ අඩි 5ක් වත් පළලය. එහෙත් ඒ අඩි පහ අපට ප්‍රමාණවත් නොවුනේ අප ඒ කාළේ ප්‍රමාණයෙන් විශාල වූ නිසා නොව, එක පොදියට පඩිපෙල බසින්නට පොර කෑ නිසාය.


    කොට කලිසම් ගැසූ කොල්ලෝ සහ ගවුම් හැද ගත් කෙල්ලෝ කියා අපට වෙනසක් තිබුණේ නැත. කොල්ලෝ දුවන විට කෙල්ලෝ අප පිටුපසින් දුව ආවේ අපව අල්ලා ගැනීමටය. එසේම උන් දුවද්දී අපේ උන් පස්සෙන් දිව්වේ උන්ව අල්ලා ගැනීමටය. අපෙ විදුහලේ තිබූ මහා කෝන් ගස ටයිම වන අතර ඒ අසල තිබු පොල් ගස වයිම වූයේය. ටයිමට එන කෙල්ලන් බදා ගෙන නවතා ගන්නටත්, වයිමේ සිරව සිටින කෙල්ලන්ට නැවත අත දීමට එන කෙල්ලන්ව වලකා ලන්නටත් අප පොර කෑවේ ඉතා සතුටින්ය. දැන කාලේ උන්ව බදා ගන්නට ගියොත් එකම විනාශයක් වෙනවා ෂුවර්ය. ඒ නිසා ඒ කාලේම සිටියා නම් හොදයි කියා විටෙක සිතෙනු සාධාරණය.


    අපි ලැබූ ඒ සතුට ඇයට තිබුණේද? අපි එලෙස සෙල්ලම් කරද්දී එක දිනක් ඔබ කකුලක් තුවාල වී පාසල් පැමිණියේ නම්, එදින ඔබ පන්තියේ කොනක තනිවනු ඇත. පන්තිකාමරයේ යකඩ දැලෙන් පිටත සෙල්ලම් කරන ලමුන් දිහා බලාගෙන සිටිනු ඇත. විටක ඔබේ හිතවත්ම මිතුරා හෝ මිතුරිය ලගින් සිටිනු ඇත. එවිට ඔවුන් මෙසේ කියනු ඇත.


    “අද ඔයාට සෙල්ලම් කරන්න බැහැනේ.. පන්තියේ තනියම නිසා මම ලග ඉන්නම්..“






    ඇය යශෝධාය. කිරිබත්ගොඩ විහාරමහාදේවියේ ඇය උගත්තීය. 1997 ඔක්තෝබර් මාසයේදී ඇයට ලියුකේමියාව වැලදී ඇති බවට වැරදි රෝග විනිශ්චයක් ලැබෙන අතර විවධ ප්‍රතිකාර සදහා ඇයව මහරගම පිලිකා රෝහලට යොමු කරන ලදී. පහ වසරේදී අධ්‍යාපනයට ඇති ඇල්ම නිසාම ශිෂ්‍යත්වයට පෙනී සිටි ඇය ඉන් ඉහළ ලකුණු ගත්තද 1999 වසරේදී ඇගේ ඉනෙන් පහළ කොටස සම්පූර්ණයෙන් පණ නැතිව යන්නේ වසරක පමණ කාලයක් ඇයව එක්තැන් කරමින්ය. පසු කාලීනව අනෙකුත් රෝගි තත්ව ඇයගෙන් පහව යද්දී අප්‍රාණික වූ පහළ කොටස නිසා ඇගේ දකුණු උකුල් ඇටයද පනින්නේය. රෝද පුටුවක සරණින් ජීවත් වූ ඇය 2005 වසරේදි නැවත වෛද්‍ය ප්‍රතාකර සදහා යෙමු වන්නීය. එවිට ඇය කොදු ඇට පේලිය ඇදවීමේ රෝගයට (Kypho Scoliosis) ගොදුරුව ඇති බවත්, ඒ සදහා පැළදීමට සුවිශේෂී වු ජැකට්ටුවක් (Corset) ඇයට වෛද්‍ය නිර්දේශය විය. එහෙත් කොදු ඇට පේලිය දිනපතා ඇද වූ නිසාත්, උකුල් ඇටයේ වැරදි පිහිටීම නිසාත්, ඇය දුෂ්කරතා රැසකට මුහුණ දුන්නාය. දිනෙන් දින වකුටු වන කොදු ඇට පෙළ ඇයගේ පෙනහලුවලට බාධාවක් ඇති කළේය. බොහෝ වෛද්‍යවරු කීවේ මේ සදහා සැත්කමක් කිරීම අපහසු බවක්ය.


    ඇය තනිවම මේ සදහා ප්‍රතිකාර සෙව්වාය. ඒ අතර ඉන්දියාවේ ඇපලෝ රෝහලේ
    Dr. Sajan Hegde මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මේ සදහා වන සැත්කම් ඉතා සාර්ථකව සිදු කරන බව ඇයට සොයා ගන්නට හැකි වූවාය. උක්ත වෛද්‍ය පිරිස ලංකාවට පැමිණි අතර වාරයක ඇය ඔවුන් හමුවට ගිය විට මේ සදහා සාර්ථකව ඉතා ඉක්මනින් සැත්කමක් කළ යුතු බව ඔවුන් කියා සිටියහ. එය ඉතා සාර්ථකව ඉන්දියන් ඇපලෝ රෝහලේ සිදු කෙරෙන බවත් ඊට ඉන්දියානු රුපියල් ලක්ෂ දාහතක් (17) ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හතලිස් පහක් (45) වියදම් වන බවට Dr. Sajan Hegde මහතා ඇස්තමේන්තු ලිපියක් එවන ලදී.​

    එම ලිපි මෙසේය.. (Please open in a new tab)







    ඒ සියළු කාරණා මැද අගේ පියා දියණියන් තිදෙනෙකු සිටින පවුලේ කටයුතු අතෑර දමා අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇගේ මවගෙන් දික්කසාදය ඉල්ලා සිටි අතර එය ඔහුට පක්ෂව ලැබෙන්නේය. සියළු නොමනා කම් උසුලා ගන්නට බැරි උච්චම අවස්ථාවේදි ඔවුන් මහනුවර ප්‍රෙද්ශයේ කුලී නිවසකට පිටත් වන අතර, ඇගේ නැගෙනිය මහනුවර බාලිකාවකට ඇතුලත් කරන ලදී. විවාපත් අක්කා තම පවුල් දෙකම නඩත්තු කරන අතර එය ඔවුන්ගේ ජීවත් වීමේ සටනට යම් තාක් දුරට අස්වැසිල්ලකි. ඇගේ මව විශ්‍රාමලත් ගුරුවරියක් වන අතරය, යශෝධාගේ සියළු බර ඇය මත පැටවී ඇති නිසා ඇයටද වෙනත් කර්මාන්තයක නියැලෙන්නට නොහැකිය. නැගෙනිය මේ වසරේ උසස්පෙළ සදහා ගණිත අංශයෙන් ඉදිරිපත් වන්නීය.

    ඉන්දියානු ඇපලෝ රෝහලේ වෛද්‍ය කණ්ඩායම සිදු කළ ප්‍රතිකර්ම වල සාර්ථකත්වය පිළබද පහල වීඩියෝ වලින් බලන්න.

    Dr. Sajan Hegde ( Sr. Consultant Spine Surgeon) Speaks on Renaissance




    Spinal Deformity Correction on Agra Dibyajali, a 13yr old Srilankan girl.







    අප කවදාවත් නොදුටු හසංගිට හසරැල්ලක් වුණෙමු. අප කවදාවත් නොදටු යශෝධාට සරණක් විය යුතු මොහොත එළැඹ ඇත්තේය. ඔබ අද වෙන් කෙරෙන කිසියම් මුදලකින් ඇය හෙට දිනයේ තම දෙපා වලින් එසවී සිටිය හොත්, මතු කිසිම දිනෙක ඔබට, ඔබගේ හිතවතෙකුට මෙවන් කරදරයක් නොවේවා යන්න සෑමාගේ පැතුමයි.


    ඔබ සැමට තෙරුවන් සරණයි.
    දෙවි පිහිටයි.


    ඇය නැවත හිනැහෙනවා දකින්න
    එකතු වෙන්න අප සමග

    Jayarathne Diyunugalge Yashodha Samindri
    ගිණුම් අංකය - 273-2-001-4-0000208
    මහජන බැංකුව, කඩවත.
    PSBKLKLX (Swift code)

    වැඩිදුර විස්තර සදහා

    0775262396 / 0728571983


    Source : http://www.samindikasrimantha.blogspot.com/2013/03/it-says-yashodha-needs-you.html