අපේ etiquettes

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    දැන් වෙන රටවල් ගත්තහම ආචාර විදි
    ආමන්ත්‍රණය කරන ආකාර තියෙනවා නේ
    යුරෝපය අමෙරිකාව වගේ බටහිර රටවල්
    වල thank u(භාෂාව අනුව වෙනස් වෙනවා )
    කියනවා අම්මා තාත්තාට වුනත් පුංචි ළමයි
    වැරැද්දක් උනාම sorry කියනවා
    තව ඔය ජපානයේ,කොරියාවේ ඔළුව නවන ඒවා
    ඒ අයගේ වෙනම ආචාර වීදි තියෙනවා
    තව එක එක අයට ආමන්ත්‍රණය කරන formal
    නම් sir,miss,madom
    මම කියන්නේ නෑ අපේ රටේ මේවා නෑ කියලා හැබැයි ඒ තියෙන්නේ
    සුද්දග‍ෙ ඒවා නේද ඒකත් කියන්නේ මනුස්සයාge පෙනුම බලලා නේද
    ඇයි අපේ රටේ මේ වගේ ක්‍රමයක් නැත්තේ
    අපි කොච්චර කිව්වත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැරදි පිළිගැනීම
    ජනතාවගේන් සමාව ගැනීම ගැන
    ඇත්තටම අපි රටක් වශයෙන් සමාව ගැනීම ස්තුති කිරීම ප්‍රගුණ නොකළ ජාතික් නේද
    අපිට ඒ දේවල් හරිම කෘත්‍රිමයි.මම කිව්වේ සිංහල අය
    ගැන විතරක් නෙමෙයි අනිත් මුස්ලිම් දෙමළ වුනත් social etiquette නෑ


     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    ඔය වෙනස තේරෙන්නෙ වෙන රටකට ගිහින් ආපු අයට.

    හැබැයි අපි හිතන් ඉන්නේ අපිට වඩා මිනිස්සු නෑ කියලා
    රාවණාge කාලේ සුද්දා කැලේලු
    හැබැයි කැලේ ඉදපු උන් අපිට වඩා ශිෂ්ට සම්පන්න වෙලා
    ඔය දේවල් පුංචි වෙන්න පුළුවන් හැබැයි
    ඒවා නැති නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    එහෙම නෑ කියල ප්‍රශ්නයක් වෙලා නෑනෙ බං මේ අපි හොඳට ඉන්නෙ ? :confused:
    හොඳට ඉන්නවා කියන්නේ මොනවගේ අදහසක්ද?
    පුංචි වචන වෙන්න පුළුවන් හැබැයි ඒකෙන් සමාජයට
    ලොකු බලපෑමක් කරන්න පුළුවන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොඳට ඉන්නවා කියන්නේ මොනවගේ අදහසක්ද?
    පුංචි වචන වෙන්න පුළුවන් හැබැයි ඒකෙන් සමාජයට
    ලොකු බලපෑමක් කරන්න පුළුවන්

    ඔව් ඉතිං අපි බස් එකට කෝච්චියට ලිෆ්ට් එකකට නැග්ග කියල ඩ්‍රයිවර්ටයි කොන්දොස්තරටයි මගීන්ටයි අඳුරන්නැත්තං කතා කරන්නෑ ගුඩ් මෝනිං කියන්නෑ තමා. අනික් රටවල කියනවත් ඇති. ඒත් බං පොඩ්ඩක් ඇමරිකාවෙ වගේ ගහන ෆිල්ම් වල උන්ගෙ හැසිරීම එහෙම පොඩ්ඩක් බලපංකො. යාලුවො යාලුවො කතා වෙද්දි උන්ගෙම අම්මල ගැන කතා කරන විදිහ. අපි නිකං නිලියක් ගැන බඩුවක් ගැන කතා කරන විදිහටනෙ බං උන් සෙට් එක අනික් අයගෙ අම්මල ගැන කතා කරන්නෙ.

    බිග් බෑන්ග් තියරියෙ එහෙම බලපංකො වොලොවිට්ස් උගෙ යාලුවො එක්ක තමන්ගෙ අම්ම ගැන කතාකරන්නෙත් නිකං කොහෙවත් ඉන්න ගෑණියෙක් බඩුවක් ගැන කතා කරනව වගේනෙ. අම්මගෙ මහතයි පස්සෙ සයිස් එකයි. ඒත් ලංකාවෙ මොන තරම් රස්තියාදු පාට් එකේ උන් එකතු වුනත් උන් එකෙක්වත් මං නං අහල නෑ තමන්ගෙ අම්ම ගැන තමන්ගෙ යාලුවන්ගෙ අම්මල ගැන ඔය විදිහට කතා කරනව. මුලින්ම බිග් බෑන්ග් තියරි එහෙම බලන්න ගත්ත දවසෙ හිතාගන්නවත් බැරි වුනා මූ තමන්ගෙ අම්ම ගැන යාලුවො එක්ක කතා කරන ඒව joke වෙන්නෙ කොහොමද කියල.

    ඉතිං කොහොමද බං අපිට etiquettes නෑ කියන්නෙ ? නන්නාදුනන උන් හැම කෙනා එක්කම හිනාවෙලා ගුඩ්මෝනිං කියල කිව්වත් වැඩක් තියෙනවද ඔහොම හැදිල ? ඉස්කෝල වල වෙන දේවල්ම බලපංකො ලමයි කී දෙනෙක්නං දැනට වෙඩි තියල සියදිවි නසාගෙන තියෙනවද. ලංකාවෙ එහෙම දේවල් අහන්න ලැබෙන්නෙ කලාතුරකිංනෙ. මං නං අහලම නෑ.

    කෙල්ලෙක්ට පාරෙ යන්න බෑ කොල්ලො රංචු ගැහිල පස්සෙන් එන ඒව ඇමරිකාවෙ සාමාන්‍යයි. ලංකාවෙ එහෙම දේවල් අඩුයිනෙ බං ? අනික ලංකාවෙ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ලේසියෙන් ලමෙක් පන්සල් යන්න බෑ කිව්ව කියල ගාථ කියන්න බෑ කිව්ව කියල ගහනව මං නං දැකල නෑ. ඇමරිකාවෙ වගේ බලපංකො සමහර උන් තමන්ගෙ ආගමට පටහැනි දේවල් ඉගෙන ගන්නව කියල ලමයින්ව හරියට ඉස්කෝල අරින්නෙත් නෑ ගෙදට්ට ගුරුවරු ගෙන්නගෙන අම්මටයි තාත්තටයි ඕනෙ ටික විතරයි ලමයට උගන්නන්නෙ. අපිත් ඇමරිකන් කාරයො වගේ etiquettes ටික හදාගෙන ඔහොම තමන්ගෙ අම්මවත් යාලුවො ඉස්සරහ බඩුවක් ගානට දාල කතා කරන සංස්කෘතියක්ද බං හදාගන්න ඕනෙ? එහෙම කලාම අපේ රට දියුණු වෙයිද ?