අපේ_ඉංජිනේරු සම්ප්‍රදාය

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Ayurwedaye eta warga walin menieme mulika adahasa nam
eyin siduwana wenas kam noselakiya yuthuya yannayi.

Mamath mage wife saha lamyinuth
kisima westaern medicine ekak pawichchi karanne neha..Panadol wge deyakwath.
Esema hema ledatama beheth hoyaagena duwanneth nehe.
Mage daruwan 104ta fewer negalath
kisima behethak nethiwa saneepa una.
Api karanne Ayurveda beheth witharayi.

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Ayurwedaye eta warga walin menieme mulika adahasa nam
eyin siduwana wenas kam noselakiya yuthuya yannayi.

Mamath mage wife saha lamyinuth
kisima westaern medicine ekak pawichchi karanne neha..Panadol wge deyakwath.
Esema hema ledatama beheth hoyaagena duwanneth nehe.
Mage daruwan 104ta fewer negalath
kisima behethak nethiwa saneepa una.
Api karanne Ayurveda beheth witharayi.

ආයුර්'වේදේ' ඉන්දියාවෙන්නේ ආවෙ වැරද්දක් නෑ
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Lankawa wage rata wal diyunu novwnna eka hethuwak thama, api western danuma igea gannawa...,

    ete passe api ape sanskruthiya ethule idagena, e danuma apply karannna hadanawa..
    Eka waradiy..

    Ekko api karanna ona ape ma danuma igena gena ape culture ekema idagena e danuma apply karana eka..

    Ehema nathnam western danuma igena gena, eyalage culture eke idagena e danuma apply karana eka...
     

    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    මම නම් මේ ලිපියට එකඟ වෙන්නේ නෑ. කපිල පීරිස් (මේ ලිපියේ කතුවරයා) ඇත්තටම කරන්නේ අපේ දැනුමට, හොරෙන් පහර ගැසීමක්.

    ඔහු පෙන්වන්න හදන්නේ අපේ පැරණි තරාදිය නිව්ටන්ගේ නියම වලට එකඟයි කියලා. ඔය උත්සාහයත්, සමහර බොරු පඬියෝ බුදු දහම විද්‍යාවට එකඟයි කියල පෙන්වන්න දරන නිවට උත්සාහයත් අතර කිසිම වෙනසක් නෑ.

    මේකෙන් අන්තිමට වෙන්නේ බටහිර දැනුම තමයි එකම දනුම කියලා වක්‍රාකාරයෙන් අපිත් ඒත්තු ගන්වන එක.
     
    Last edited:

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මම නම් මේ ලිපියට එකඟ වෙන්නේ නෑ. කපිල පීරිස් (මේ ලිපියේ කතුවරයා) ඇත්තටම කරන්නේ අපේ දැනුමට, හොරෙන් පහර ගැසීමක්.

    ඔහු පෙන්වන්න හදන්නේ අපේ පැරණි තරාදිය නිව්ටන්ගේ නියම වලට එකඟයි කියලා. ඔය උත්සාහයත්, සමහර බොරු පඬියෝ බුදු දහම විද්‍යාවට එකඟයි කියල පෙන්වන්න දරන නිවට උත්සාහයත් අතර කිසිම වෙනසක් නෑ.

    මේකෙන් අන්තිමට වෙන්නේ බටහිර දැනුම තමයි එකම දනුම කියලා වක්‍රාකාරයෙන් අපිත් ඒත්තු ගන්වන එක.

    Ow ape aya hithanna purudu wela inne batahira danuma hari kiyana thena idala..
    Ewath ekka ape de compare karanna yanawa..
    eka waradi..
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඇද නෑරෙන බලු වලිගය

    මහාචාර්ය නලින් ද සිල්වා
    http://www.vidusara.com/2009/12/30/feature2.html

    කපිල පීරිස්‌ මහතා නැවතත් තමාට තහවුරු කිරීමට නොහැකි මතයක්‌ හීන් සීරුවේ තමා ගේ ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය නමැති ලිපි පෙළෙන් කියාපෑමට උත්සාහ කරයි. මාස දෙකකටත් වැඩි කලක්‌ තිස්‌සේ අපේ ප්‍රවාද ලිපි පෙළ නවතා මට කපිල පීරිස්‌ මහතා ගේ ලිපිවලට පිළිතුරු දීමට සිදු විය. ඒ ඔහු ගේ ලිපිවලින් කියෑවුණු කරුණු කිහිපයක්‌ සම්බන්ධයෙනි. ඉන් ප්‍රධාන ම කරුණක්‌ වූයේ අපේ පැරැන්නන් විසින් ඉංජිනේරු ක්‍ෂෙත්‍රය යෑයි අද හැඳින්වෙන දැනුම් පද්ධතියෙහි කරන ලද නිර්මාණ නිව්ටෝනීය විද්‍යාවෙන් තේරුම් ගැනීම ය.

    කපිල පීරිස්‌ මහතා පුන පුනා කියා සිටියේ එසේ කිරීම වැදගත් බව හා අද එසේ කිරීමෙන් හැරෙන්නට ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය තේරුම් ගැනීමට නොහැකි බව ය. ඔහු ගේ ප්‍රධාන තර්කයක්‌ වූයේ අපේ පැරැණි නිර්මාණ පිළිබඳ දැනුමක්‌ අද අප සතු ව නොමැති බැවින් එසේ නිව්ටෝනීය විද්‍යාව මගින් ඒ නිර්මාණ තේරුම් ගත යුතු බව ය. මෙහි දී කිව යුතු ප්‍රධාන කරුණක්‌ නම් කපිල පීරිස්‌ මහතා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය යනු කුමක්‌ දැයි පැහැදිලි නො කිරීම ය. අපේ ඉංජිනේරු සම්ප්‍රදාය යනුවෙන් ඔහු විසින් හඳුන්වනු ලැබුයේ අපේ ජීවන සම්ප්‍රදාය මිස අනෙකක්‌ නො වන බව මම පැහැදිලි කර දුන්නෙමි.

    බටහිර නිපදවන ලද බයිසිකලය ද (පාපැදිය) රේල් බසය ද ඔහු අපේ ඉංජිනේරු සම්ප්‍රදායට උදාහරණ ලෙස ගෙන දැක්‌වී ය. බටහිර පාපැදිය ඉන් නො නැවතුණ බව හෝ එය අද බටහිර ගමනාගමනයෙහි දී යොදා ගන්නා ප්‍රධාන වාහනයක්‌ නො වන බව හෝ ඔහු අමතක කෙළේ ය. පාපැදිය තබා යතුරු පැදිය වත් අද බටහිර ප්‍රධාන ගමනාගමන මාධ්‍යයක්‌ නො වේ. පාපැදිය නිර්මාණය වූයේ බටහිර යාන්ත්‍රික වාහනවල මුල් අවස්‌ථාවේ බවත් එහි තිබුණේ අපේ ජීවන සම්ප්‍රදායෙන් උකහා ගත් මූලධර්මයක්‌ නො වන බවත් එක්‌කෝ කපිල පීරිස්‌ මහතාට අමතක විය. නැත්නම් ඔහු හිතා මතා ම ඒ බව අමතක කෙළේ ය.

    අපේ ඉංජිනේරු සම්ප්‍රදායෙහි මූලධර්ම පිළිබඳ වැටහීමක්‌ ඇත්තකු අද නැතැයි කපිල පීරිස්‌ මහතා කියයි. තමාට ඒ ප්‍රතිනිර්මාණය කිරීමට තරම් බුද්ධිමය හැකියාවක්‌ නැති බව ද ඒ මහතා දනියි. එහෙත් එයින් කියෑවෙන්නේ අනාගතයේ දී ඒ ප්‍රතිනිර්මාණය කිරීමට නොහැකි ඉංජිනේරුවකු මෙරටින් බිහි නො වන බව නො වේ. අපේ වෑයම එවැන්නකු හෝ එවැන්නන් හෝ යම් දිනක බිහි කර ගැනීම ය. අපේ ප්‍රවාද ලිපි පෙළ කපිල පීරිස්‌ මහතාට නම් ප්‍රලාප විය හැකි ය. එහෙත් අප ඒ ලිපි පෙළ ලියන්නේ ඉහත කී අන්දමේ පුද්ගලයන් ද බිහි කර ගැනීමේ ෙච්තනාවෙනි.

     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    කපිල පීරිස්‌ මහතාට ඒ සඳහා ඉවසීමක්‌ නැත. ඔහු දැන් පවතින සංවර්ධනයට එරෙහි ව වෙනත් සංවර්ධනයක්‌ අද අද ම බිහි කරගත යුතු යෑයි කියයි. ඔහු ගේ ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය ලිපි පෙළ ඒ සඳහා ය. එහෙත් දැන් පවත්නා සංවර්ධන සම්ප්‍රදාය වෙනුවට වෙනත් සම්ප්‍රදායක්‌ ඇති කර ගැනීම අපේ ඉංජිනේරු සම්ප්‍රදාය නමින් ලියෑවෙන ලිපිවල විස්‌තර කෙරෙන අපේ පැරැණි නිර්මාණ නිව්ටෝනීය විද්‍යාවෙන් තේරුම් ගැනීමෙන් කළ හැකි දෙයක්‌ නො වේ. මේ බව අපි කරුණු සහිතව පුන පුනා කීවෙමු. කපිල පීරිස්‌ මහතාට අප කී දෑට එරෙහි ව ගෙන ආ හැකි තර්කයක්‌ නැත. එහෙත් ඔහු තම අදහස ඉවත් කරගෙන නැත.

    ඒ බව පසුගිය 23 වැනි දා ඔහු ලියූ ලිපියෙන් පැහැදිලි වෙයි. ඔහු මෙසේ කියයි. "අපේ

    පැරැන්නන් සතු වූ භූගත ජල හැසිරීම පිළිබඳ අවබෝධය කෙතරම් ද යන්න මෙමඟින් පැහැදිලි ය. එසේ ම මෙහි දී වැදගත් වන්නේ මේ දැනුම තම වැඩ කටයුතු සඳහා උපරිම ලෙස ස්‌වාභාවිකත්වය තුළ ම හිඳිමින් ජල චක්‍ර නො බිඳිමින් ප්‍රයෝජනයට ගත් ආකාරයයි. අද අප මේ ජල ක්‍රියාවන් නූතන ජලගති (නිව්ටෝනීය) විද්‍යා මගින් තේරුම් ගත්ත ද, ඔවුන් මේවා කරගෙන ඇත්තේ සොබාදහම පිළිබඳ වෙන ම වූ වැටහීමකිනි.

    එම වැටහීම අද අපට නැත. ඒ නිසා අද අපි මේවා නූතන විද්‍යා මගින් තේරුම් ගනිමු. අතීත ඉංජිනේරු (සංවර්ධන) සම්ප්‍රදායට නැවත එසවීමට එය පවතින තත්ත්වයන් තුළ බාධාවක්‌ නො වේ. මේ භූගත ජල ආචරණ පිළිබඳ නූතන ද්‍රව යාන්ත්‍රික විග්‍රහයක්‌ රූපය 1හි ඇත"

    පුරා දෙමසකට වැඩි කාලයක්‌ පැවැති විවාදයෙහි දී (කපිල පීරිස්‌ මහතා තම කුහක ප්‍රතිපත්තියට අනුව විවාද නො කරන්නේ යෑයි කියමින් විවාද කෙළේ ය. තර්ක නො කරන්නේ යෑයි කියමින් තර්ක කෙළේ ය.) කපිල පීරිස්‌ මහතාට මේ සම්බන්ධයෙන් අප නැඟූ තර්කවලට පිළිතුරු නොමැති විය. ඔහු ඒ ගැන අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේ ය. විවාදයක දී තමන්ට තර්ක නැතිනම් ඇතැම්හු ප්‍රතිවාදියා ගේ මතය පිළිගනිති. එහෙත් බොහෝ දෙනා එසේ නො කරන බව අපි දනිමු. තර්කයෙන් පැරැදීමෙන් පසුව වුව ද ඔවුහු ප්‍රතිවාදී මතය නො පිළිගෙන තම මතයේ ම එල්ලී සිටිති.

     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0

    කපිල පීරිස්‌ මහතා ද ඒ ගණයට අයත් වෙයි. කපිල පීරිස්‌ මහතා ගේ නවතම දාර්ශනික හඳුනා ගැනීම වූ ද ඔහු ගේ මිතුරකු වූ ද උදයසිරි වික්‍රමරත්න මහතාට අනුව මා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු මිස බෞද්ධයෙක්‌ නො වේ. උදයසිරි වික්‍රමරත්න මහතා ඥන විභාගයක්‌ වූ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය පිළිබඳව අබමල් රේණුවක්‌ වත් නො දන්නා බව ඒ කියමනෙන් ම පැහැදිලි වන බව අපි කීවෙමු. මගේ බෞද්ධකම හෝ අබෞද්ධකම හෝ පැත්තකින් තබමු. එහෙත් කපිල පීරිස්‌ මහතා හොඳ බෞද්ධයෙක්‌ වෙයි. එසේ වුවත් ඔහු තම මතවාද අත් හැරීමට අකැමැති වෙයි. තම මතවාදවල ම එල්බ ගෙන සිටියි. තමන්ට තර්ක නොමැති වුවත් තම මතවාද අත් හැරීමට අකැමැති මොහු තම කුහක ප්‍රතිපත්තිය අනුව තර්කයෙන් යමක්‌ දැන ගැනීමට නොහැකි යෑයි කීමට ඉඩ ඇත. එහෙත් එසේ කිව හොත් ඉන් ප්‍රතික්‍ෂේප වන්නේ බෞද්ධ සංස්‌කෘතිය අනුව වුවත් දැනුම ලබා ගැනීමේ (නිර්මාණය කිරීමේ එක්‌ ක්‍රමයක්‌ වූ අනුමානය ය.)

    අනුමානයෙන් දැනුම නිර්මාණය කිරීම මේ බෞද්ධයනට අනුව අකැප යෑයි කියමු. එසේ නම් ඔවුන්ට ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ වූ දැනුමක්‌ ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය සම්බන්ධයෙන් ඇත් ද? නිව්ටෝනීය විද්‍යාවෙන් ඔවුන් මෙතෙක්‌ ලබාගෙන ඇති ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය සම්බන්ධ දැනුම කුමක්‌ ද? කපිල පීරිස්‌ මහතා කරන්නේ අපේ පැරැණි නිර්මාණ නිව්ටෝනීය විද්‍යාවෙන් පැහැදිලි කිරීම මිස වෙනත් විශ්වකර්ම වැඩක්‌ නො වේ. ඔහු අපේ ඉංජිනේරු සම්ප්‍රදායක මූලධර්ම කිහිපයක්‌ වත් නිව්ටන් ගේ පිහිටෙන් ලබාගෙන ඇත් ද? අපේ ඉංජිනේරු විද්‍යාවක මූලධර්ම කිහිපයක්‌ වත් නැති වන්නට හේතුවක්‌ නැත. අපේ වෙදකමෙහි ගොවිකමෙහි හා වෙනත් දෑහි මූලධර්ම ඇත. ඉංජිනේරු විද්‍යාවක පමණක්‌ එසේ නො වීමට හේතුවක්‌ නැත.

    අප කලින් කියා ඇති පරිදි ඔහු කරන්නේ අපේ ජීවන සම්ප්‍රදාය ගැන කීම ය. ඒ වසා ගැනීමට අපේ ඉංජිනේරු සම්ප්‍රදාය යන්නට පසුව සංවර්ධනය යන වචනය ද වරහන් තුළ ලියයි. අප විවාදයෙහි දී පෙන්වා දුන්නේ ඔහු එසේ සංවර්ධනය යන්න වරහන් තුළ ලිවීමට පටන් ගත්තේ ඔහු ඉංජිනේරු සම්ප්‍රදායක්‌ ගැන කිසි ම සඳහනක්‌ නො කරන බව අප විසින් තේරුම් කරනු ලැබීමෙන් පසුව ය. අප කලින් ද කියා ඇති පරිදි සංවර්ධනය, ජීවන ක්‍රමය, වෙදකම, ඉංජිනේරු ශිල්පය පමණක්‌ නො ව ඇඳුම්, පැළඳුම්, සිරිත් විරිත් ආදිය ද එකිනෙකට බැඳී ඇත. එහෙත් වෙදකමට අදාළව වෙන ම දැනුම් පද්ධතියක්‌ ඇති අපේ ම ඉංජිනේරු ශිල්පයට ද අදාළ වෙන ම දැනුම් පද්ධතියක්‌ වෙයි. සංවර්ධනය යන්න වරහන් තුළ ලියා තමන් ඉංජිනේරු සම්ප්‍රදායක්‌ ගැන කතා කරන්නේ යෑයි කීමට කපිල පීරිස්‌ මහතාට නොහැකි ය.

    කපිල පීරිස්‌ මහතා තමාට විවාදයේ දී තර්ක නැති වූ බව පිළිගැනීමට අකැමැති ය. ඔහු පසුගිය 16 වැනි දා ලිපියෙන් ද විවාදය නැවත ආරම්භ කිරීමට සූදානමක්‌ ඇති බව කියයි. ඔහු දැන් යථාර්ථය වියුක්‌තකරණය ගැන වෙනත් අදහස්‌ ප්‍රකාශ කරයි. ඉඩකඩ මඳ වීම හේතුවෙන් ඔහු ලියා ඇති ඡේද කිහිපය උපුටා දක්‌වා එහි වැරැදි පෙන්වා දීම මේ ලිපියෙන් කළ නොහැකි ය. එබැවින් ඒ පිළිබඳ කරුණු දැක්‌වීම මීළඟ සතියට කල් දැමීමට සිදු වෙයි. ඔහු ගේ අදහස්‌ ඔහු ගේ වචනවලින් ම දක්‌වා එහි දොස්‌ පෙන්වීම වඩා සුදුසු ප්‍රතිපත්තිය යෑයි සිතමි.

    එහෙත් එයට පළමුව කිව යුතු කරුණු දෙකක්‌ වෙයි. පළමුව කපිල පීරිස්‌ මහතා යම් මතයක එල්බගෙන ඒ සනාථ කිරීමට තර්ක සොයන බව පැහැදිලි ය. තමා ඉදිරිපත් කරන තර්ක වැරැදි යෑයි පෙන්වූ විට ඔහු තම මතය ම පුන පුනා කියයි. නැත හොත් තවත් වැරැදි තර්කයක්‌ ඉදිරිපත් කරයි. කපිල පීsරිස්‌ මහතා නිව්ටන් ගේ නියම, යථාර්ථය හා වියුක්‌තය පිළිබඳ අලුතෙන් වැරැදි තර්ක ඉදිරිපත් කරන්නේ එම මතය අත්හැරීමට ඔහු සූදානම් නැති බැවිනි. විවාදය නිමවීමෙන් පසුව මා ඒ විවාදයට අදාළ කිසිවක්‌ පසුගිය සති දෙක තුනේ මා ලියූ ලිපිවල සඳහන් නො කිරීමට වග බලාගත්තෙමි. එහෙත් කපිල පීරිස්‌ මහතා තම ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදායේ ලිපි මගින් නැවතත් විවාදය ආරම්භ කිරීමට සූදානමින් සිටියි. ඒ ගැන මට කිසිදු ගැටලුවක්‌ නැත. කපිල පීරිස්‌ මහතා විද්‍යාවන්හි (බටහිර හා වෙනත් ඉතිහාසය හා දර්ශනය නො දැන ඉදිරිපත් කරන තර්කවලට පිළිතුරු දීම ඉතා ම පහසු කාර්යයකි. එහෙත් එමගින් අපේ ප්‍රවාද ලිපි පෙළ අඛණ්‌ඩව ලිවීමට නො ලැබෙන බව පාඨකයන්ට තේරුම් යා යුතු ය. කපිල පීරිස්‌ මහතා නිව්ටන් ඊනියා යථාර්ථයෙන් හා වියුක්‌තයෙන් මුදවා ගැනීමක්‌ ගැන කතා කළත් ඔහුට ඒ කළ නොහැකි බව අපි විවාදයේ දී පෙන්වා දුන්නෙමු. ඔහු දැන් විද්‍යාවේ (බටහිර හා වෙනත්) ඉතිහාසයක්‌ ගැන සඳහන් කරමින් කරන උපකල්පනවල කිසිදු වැදගත්කමක්‌ නැත. ඔහුට අවශ්‍ය කිසියම් තර්කයකින් නිව්ටන් ගේ නියම ඊනියා අපේ ඉංජිනේරු සම්ප්‍රදාය දැන ගැනීමට (එය එසේ දැනගත නොහැකි ය) යොදාගත යුතු බව කීම ය. එමඟින් ඔහු අවසානයේ දී කරන්නේ පාසල් සිසුන් හා වෙනත් අය නිව්ටන් ගේ ආධිපත්‍යයට යට කිරීම පමණකි.

    අප සූදානම් වන්නේ අපේ විද්‍යාවක්‌ ගොඩනැඟීමට ය. එහි දී අපට වත්මන් ශිෂ්‍ය පරම්පරාව නිව්ටන් ගේ, එනම් බටහිර ආධිපත්‍යයෙන් ගලවා ගැනීමට අවශ්‍ය වෙයි. කපිල පීරිස්‌ මහතා කරන්නේ එහි විරුද්ධ පැත්ත ය. ඔහු උපායශීලීව ශිෂ්‍යයන් නිව්ටන් ගේ ආධිපත්‍යයට යට කරන්නේ නිව්ටන් වියුක්‌තයෙන් හා යථාර්ථයෙන් මුදාගත හැකි ය යන මිථ්‍යාව සිසුන් තුළ ඇති කිරීමෙනි. බටහිර විද්‍යාව අපේ සංස්‌කෘතියට අවශෝෂණය කිරීම අපට ගැටලුවක්‌ නො වේ. දැනුම නිර්මාණය කිරීමේ එක්‌ ක්‍රමයක්‌ ලෙස මගේ ලෝකය කෘතියෙහි අවශෝෂණය ද සඳහන් වෙයි. එහෙත් කපිල පීරිස්‌ මහතා කරන්නේ අවශෝෂණයක්‌ නො වේ. කපිල පීරිස්‌ මහතා විවාදය නැවතත් ආරම්භ කර ඇත. අපට නැවතත් ඔහු හෙළිදරව් කිරීමට සිදු වේ. ඒ සඳහා පුවත්පතේ ඉඩ ලබාගැනීම පිළිබඳව පාඨකයන aගෙන් හා කර්තෘතුමා ගෙන් සමාව අයදිමි. කපිල පීරිස්‌ මහතා කැමැති නම් පුවත්පත ඒ සඳහා යොදා නො ගෙන අපට මේ කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයක්‌ පැවැත්විය හැකි ය. ඒ විවාදය කපිල පීරිස්‌ මහතා සේවය කරන නර්ඩ් ආයතනයේ වුව ද පැවැත්වීමට මම කැමැත්තෙමි.
     
    Last edited:

    Similar threads