අපේ_යුධ_ඇතා

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපේ යුධ ඇතා


    Prasanna-Weerakkody-3-640x400.jpg



    පුරාතන චතුරාංගනී සේනා අතර ඇත් සේනාංකයට හිමිවන්නේ අනිවාර්ය ස්ථානයකි. එහි ප‍්‍රධාන චරිත ර`ග දක්වන යුද ඇතාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. දඹදෙණි යුගයේ රජ කළ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාට ඇතුන් 990ක සේනාංකයක් තිබුණු බව දඹදෙණි අස්න වාර්තා කරයි. සීතාවක රාජසිංහ රජතුමාට අයිරාවණ නම් ප‍්‍රධාන ඇතු ප‍්‍රමුඛ 2200ක ඇත් සේනාංකයක් විය.

    දැනට ගොඩබිමේ ජීවත් වන විශාලතම සත්වයා වන අලි ඇතුන් අයත් වන්නේ ප්‍රොබෝසිඬේ :ඡුරදඉදිජසාැ* කුලයට අයත් එලිෆන්ට්ටයිඬේ :ෑකැචය්බඑසා්ැ* පවුලටය. එයිනුත් ආසියානු ඇත් කුලයට :ෑකැචය්ි ඵ්ංසපමි* ලංකාවේ සහ ඉන්දියාවේ ඇතුන් අන්තර්ගතය. මොවුන් අතරින් ලංකාවේ ඇතුන් විශාලත්වයෙන්, බුද්ධිමත්භාවයෙන් සහ රණකාමීත්වයෙන් ඉහළ බව පැවසේ. අපේ සාම්ප‍්‍රදායික දැනුම තුළ පුරාණ ඇතුන් පහත දැක්වෙන උපවිශේෂ 10 කට බෙදනු ලැබ ඇත.

    1. කාලවක 2. ගංගෙය

    3. පන්දර 4. තම්බර

    5. පිංගල 6. ගන්ධ

    7. මංගල 8. හේමා

    9. උපෝසත 10. සද්දන්ත

    මේවායින් මුල් ඇත් කුල තුන නොවැදගත් සේ සැලකෙන අතර හතරේ සිට හය දක්වා ඇත් කුල මධ්‍යම ප‍්‍රමාණය ලෙසත් අවසාන ඇත් කුල හතර වැදගත් ලෙස සැලකෙයි. එහෙත් මින් 1-7 දක්වා වූ ඇත් විශේෂ පමණක් ලංකාවේ දක්නට ලැබෙන අතර සෙසු වර්ග ඉන්දියාවේ හිමාල වනාන්තර ආශ‍්‍රිතව දිවි ගෙවන බව පැවසේ. යුද්ධයක දී ඇත් සේනාංකයෙන් ඉටුවන කාර්ය භාරය මෙලෙස වර්ග කළ හැක.

    1. සේනාවේ වැදගත් ප‍්‍රධානීන් ප‍්‍රවාහනය කිරීම.
    2. ස්වපාක්ෂික සේනාවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍යාධාර ප‍්‍රවාහනය කිරීම.
    3. සතුරු බලකොටු, යුද්ධ අට්ටාල සහ පවුරු බිඳ දැමීම.
    4. සතුරු සේනා බිය ගන්වා ඔවුන්ගේ ධෛර්ය හීන කිරීම.
    5. සතුරු සේනාවේ සංවිධානාත්මක ව්‍යූහය අඩපණ කිරීම.

    අපේ පැරණි මූලාශ‍්‍රවල යුද්ධ කාර්යයේදී ඇතුන් සහභාගි කරගත් බවට සාධක එමටය. විශේෂයෙන්ම මහාවංශයේ එළාරගේ විජිතපුර බලකොටුව බිඳීමේදී මෙන්ම එළාර රජු හා ද්වන්ධ සටනේදී දුටුගැමුණු රජුට ස්වකීය රාජකීය යුද හස්තියා වන කණ්ඩුල ප‍්‍රයෝජනවත් විය. එම ද්වන්ද සටන මහාවංශයේ මෙලෙස දැක්වේ.

    elephant-21.jpg



    ”එහිදී දුටුගැමුණු මිහිපල් තෙමේ මා හැර අනිකෙක් එළාර රජු නොමරාවයි බෙර හසුරුවා සන්නාහ සන්නද්ධ වූයේ එසේම මහා කඩොලැතු නැගී හෙතෙම එළාර රජු ලූහුබඳිමින් දකුණු වහසල් දොරට ආය: නුවර දකුණු වාසල් දොරේදී මිහිපල් දෙදෙනා හ`ඩ කළෝය. එළාර රජු තෝමරය දැමීය. ගැමුණු රජ එය වැළකීය. ඒ පර්වත නම් ඇතු සිය කඩොලැතු ලවා දෙදළින් ඇන්නවී. එළාර රජ හට තෝමරය දැමීය. ඇතු සහිත ඒ තෙමේ එහිහිනි.”

    (මහාවංශය පිටු 48, 25 පරි. ගාථා 69-70)


    එසේම මුගලන් හා සටනින් පරාජයට පත් කාශ්‍යප රජතුමා ස්වකීය ඇතු මත සිටියදීම සියදිවි නසා ගත්තේය. දෙවැනි ජෙට්ඨතිස්ස ද තුන්වන අග්බෝට විරුද්ධව ඇතකු පිට නැ`ගී සටන් කොට පැරදී සියදිවි නසාගත්තේය. ක‍්‍රි.ව. 11 වන සියවසේ පොලොන්නරුවේ රජ වූ 1 වැනි විජයබාහු සහ 1 වැනි පරාක‍්‍රමබාහු යන රජවරුන්ට සන්නාහ සන්නද්ධ ඇත් සේනා වීය. තව ද ගංගාබාන හස්තිමල්ල රජුගේ උදයෙන්දිරම් සන්නසේ ලංකාවේ රජු විසින් යැවූ ඇතුන්ගෙන් සහ අශ්වයන්ගෙන් සමන්විත මහා චතුරංගනී සේනාවක් ගැන තොරතුරු සඳහන් වෙයි. පැරණි ලංකාවේ ඇත් සේනාව මෙහෙයවූ නිලධාරියා ”හති අදෙක’ නම්වූ අතර, මහනුවර යුගයේදී එම නිලය හඳුන්වනු ලැබුවේ ”ගජනායක නිලමේ” යන නාමයෙනි. ඇත් සටන් පුහුණුකරුවන් ”හති ආචාර්ය” නම් වූ අතර, සටන් සඳහා ඇතුන් මෙහෙයවන්නා ”හස්ත්‍යාරෝහක” නම් විය. යුද ඇත් සේනාංකයක වැදගත්කම සුප‍්‍රකට ඉන්දීය ඉතිහාසඥ ඒ. ඇල්. බෂාම් මෙලෙස විවරණය කරයි.

    ”ඉතා තද සැලකිල්ලෙන් යුතුව හස්තීහු පුහුණු කරනු ලැබූහ. හමුදාවේ පෙරමුණෙහි ගමන් කරමින් වර්තමානයෙහි නම් යුද්ධ ටැංකිවල ආකාරයෙන් ඇත්තු සතුරු හමුදාවන්ගේ පෙළ බිඳිමින්ද ඔවුන්ගේ කොටුපෙතට වාසල් ආදී රක්ෂණාවරණයන් සුනුවිසුනු කරමින් ද සටන්වලැ යෙදුණහ. වඩා නොගැඹුරු ගංගා හා ඇළ දොළ තරණය කිරීමට උදව් වන පාලමක ස්වරූපයෙන්ද සිට ක‍්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකි විය.”

    NQAdi.jpg


    මූලිකවම ඇතුන්ගේ දළ අගට පිත්තල ලෝහයෙන් කළ කොපු සවි කෙරිණි. ඇතැම්විට දළ අගට මනාව තලා මුවහත් කරන ලද පිහියා, දිගු කඩු සහ චක‍්‍රායුධ වැනි මාරාන්තික අවි සවි කරන ලද බවට රඝුවංශය, කව්සිළුමිණ, දඹදෙණි අස්න වැනි ඉපැරණි ලාංකේය සහ ඉන්දීය මූලාශ‍්‍ර සාක්ෂි දරයි. විශේෂයෙන්ම ක‍්‍රි.ව. 6 වන සියවසේ උතුරු ඉන්දියාවේ හුනවරුන්ගේ රාජ්‍යයට පැමිණි සුංයුන් :උමඑිමබට හමබ* නම් චීන සංචාරකයා හො`ඩවැලට තබා බඳින ලද දිගු කඩුවලින් විශාල සතුරන් පිරිසක් ඝාතනය කළ යුද ඇතුන් පිළිබඳ වාර්තා කරයි.

    ක‍්‍රි.ව. 16 වන සියවසේ ලංකාවේ වාසය කළ රිබෙයිරෝ නම් පෘතුගීසි කපිතාන්වරයාද උඩරට සේනාවේ සිටි ඇතුන්ගේ දළ අගට දිගු කඩු සවි කෙරුණු බවට වාර්තා කරයි. ඇතැම් වාර්තාවල ඇතුන්ගේ දළ අගට දිගු ශක්තිමත් දම්වැල් සවි කළ බව සඳහන් වේ. තව ද ලංකාවේ යුද ඇතුන් මත දාරුමය ජංගම මුරකොටු පැවති බව දඹදෙණි අස්න වාර්තා කරයි. එහි ඇත්ගොව්වාට අමතරව දුනු හී, වීසි හෙලි රැුගත් සෙබළු 4-5 දෙනෙක් පමණ රැුඳී සිටියහ.

    ඇතුන්ගේ ප‍්‍රචණ්ඩ බව වැඩි කිරීම සඳහා ඔවුන්ට මත් වර්ග පොවන ලදැයි පැවසේ. එසේම සතුරු සෙබළුන් අල්ලා විසි කිරීම, පාදයෙන් පාගා මරාදැමීම සහ සතුරු බළකොටු දොරටු බිඳීම සඳහා ඇත්තු පුරුදු පුහුණු කරනු ලැබූහ. සාමාන්‍යයෙන් සටන් සඳහා ඇතුන් සූදානම් කිරීමේදී පදම් කළ සමින් නිමවූ ශීර්ෂාවරණයකින් සහ ශරීරාවරණයකින් හෙවත් කවචයකින් උන් ආවරණය කරන ලදී. ඇතුන් සඳහාම වෙන් වූ වෛද්‍යවරුද වූහ. පහත දැක්වෙන කඩොල් ඇතු හා සබැඳි මහාවංශ ප‍්‍රවෘත්තිය එකී කාරණා දෙකම සනාථ කරයි.

    ”ඇත්වෙද තෙමේ ලහටු ගල්වා බෙහෙත් කළේය. රජ තෙමේ ඒ ඇතු නැගී අතින් කුම්භස්තලය පිරිමැද දරුව කඩුලය, මුලූ ලක්දිව රජය තට දෙන්නෙමියි ඒ ඇතු තුටුකරවා වර බොජුන් කවා සළුවෙන් වෙළා මහා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණ කළ මීසම් බඳවා ඊමත්තෙහි තෙල්සම් එලවා ඒ ඇතු මෙහෙයී. ඒ ඇත් තෙමේ සෙනහ`ඩ මෙන් ගුගුරමින් උපද්‍රවයන් ඉවසමින් ගොස් ලැහැල බින්දේය.”

    (මහාවංශය, පිටු 47, පරි 25, ගාථා 34 – 39)


    පැරණි ලංකාවේ හස්ති ශිල්ප නම් ඇතුන් ආශ‍්‍රිත සටන් ශාස්ත‍්‍රයක් පැවති බව පෙනේ. මේ අනුව පෙනීයන්නේ පැරණි ලංකාවේ යුද ඇතා හා බැඳුණු ඉතා දියුණු ආරක්ෂක සංවිධානයක් පැවති බවයි.




    ‘මහාතිත්ථය’ කැණීමට සුදුසු කාලයද මේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1802798

    ලංකාවේ ඔත්තු සේවය පුරාතනයේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1803156

    කොන්ටම් පරිගණක විප්ලවය, තාක්ෂණික ලෝකය උඩුයටිකුරු කරයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1802760

    ලාංකිකයන් විසින් සිදුලක අතීත විදේශාක‍්‍රමණ
    http://www.elakiri.com/forum/showthread.php?t=1802599




    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

    ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් සිංහලෛට ඉන්නේ රනිල් ඇතා සද්දන්ත කුලේ
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ade ubamada bn liwwe ,, pattatama thiyenawa ahh

    rep+

    yku dan paththara walata article daana ewuntawath ochchara lassanata liyanna baa
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    "ප්‍රොබෝසිඬේ :ඡුරදඉදිජසාැ* කුලයට අයත් එලිෆන්ට්ටයිඬේ :ෑකැචය්බඑසා්ැ* පවුලටය. එයිනුත් ආසියානු ඇත් කුලයට :ෑකැචය්ි ඵ්ංසපමි*"
    :eek:
     
    • Like
    Reactions: Oli_Vili

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    "ප්‍රොබෝසිඬේ :ඡුරදඉදිජසාැ* කුලයට අයත් එලිෆන්ට්ටයිඬේ :ෑකැචය්බඑසා්ැ* පවුලටය. එයිනුත් ආසියානු ඇත් කුලයට :ෑකැචය්ි ඵ්ංසපමි*"
    :eek:

    :shocked:අපේ කුල මොනවද, මෙව්වනේ කුල;)
    TFS!