අප සමාව ඉල්ලන්නේ නෑ
ජනාධිපතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ සලකා බැලිය හැකි මුත් සමාව ඉල්ලා සිටීමට තම සැමියා වන හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මහතා කිසිවිටෙකවත් සූදානම් නැතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය "දිවයින" ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළාය.
සරත් ෆොන්සේකා මහතා හමුවීමට තමා වැලිකඩ බන්ධනාගාරයට ගිය බවද එහිදී සැමියා ප්‍රකාශ කර සිටියේ සමාවක් ඉල්ලා සිටීමට තරම් තමා වරදක් කර නැති බව යෑයිද අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටියාය.
නිදාගැනීමට පැදුරක් සහ කොට්ටයක්ද ආහාර ගැනීම සඳහා පිඟානක්ද ලැබී ඇතැයි සැමියා කී බව පැවසූ ෆොන්සේකා මහත්මිය යුද්දධ කරද්දී කැලෑවේ ගෝනි කැබලි මත මදුරුවන් තලමින් නිදාගත් තමාට සිරකුටියේ ලැබෙන අඩුපහසුකම් ඉවසිය හැකි බව කීවේ යෑයිද සඳහන් කළේය.
කිසිදා ආපස්සට ගමන් නොකරන තමන් මනා මානසිකත්වයකින් පසුවන බව ඔහු කීවේ යෑයි පැවසූ ෆොන්සේකා මහත්මිය ජම්පරය අඳින්නේ මිනිසුන් මිස සතුන් නොවන බැවින් එයද ඉවසා සිටිය හැකි යෑයි ඔහු ප්‍රකාශ කළ බව කීවාය.
තම සැමියා හමුවීමට අවස්ථා ලබාදී තිබෙන්නේ මසකට වරක් බැවින් තවත් දින තිහකට පසු ඔහු දැක ගැනීමට වැලිකඩ සිරගෙදරට යන බවද අනෝමා ෆොන්සේකා මහත්මිය වැඩිදුරටත් කීවාය.