//1970 වසරේ පමණ සිට වහබ්වාදි උවදුරේ භයානක අනාගත ප්‍රතිඵල ගැන අවබෝධයකින් කටයුතු කළ සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් නායකයකු ගැන මට අසන්නට ලැබිණි. එතුමා වන්නේ සම්සූල් උලමා, සේහුනා ඒ.අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජී තුමාය. වසර 26 ක තරුණයකු වශයෙන් එතුමා 1970 වේදී පමණ වහබ්වාදයට එරෙහි ව දේශනා පැවැත්වීම ද පටන් ගත්තේය.
1979 දී ජමියතුල් උලමා සංවිධානය විසින් එතුමාට මුස්ලිම් ආගම හැර ගිය අයෙකු බව දැක්වෙන ෆැට්වා ආඥාවක් පනවනු ලැබිණි. එතුමා මුරුතද් හෙවත් ඉස්ලාම් ආගම හැර ගිය අයෙකු බවත් එතුමාගේ අනුගාමිකයන් ද මුරුතද්වරුන් බවත් මේ ආඥාව මඟින් ප්‍රකාශ කෙරිණි. දැනට මෙරට වහබ්වාදී ඉස්ලාම් ධර්මය ඉගැන්වෙන පෙළ පොත්වලට අනුව මුරුතද්වරු යනු මරාදැමිය යුත්තෝ වෙති.
කිසිදු පල්ලියකට ගොස් දේශන පැවැත්වීම මින් පසුව එතුමාට තහනම් විය. ඊට පසුව මේ වහබ්වාදී අනතුර ගැන දේශන පැවැත්වීම සඳහා එතුමාගේ ශිෂ්‍යයෙකු වූ පාරුක් මවුලවි තුමා කටයුතු කරනු ලැබිණි. වර්ෂ 1998 දී එක් දිනෙක ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර එතුමාව ඝාතනය කර දැමීමට ප්‍රදේශයේ වහබ්වාදී අන්තවාදීහු කටයුතු කළහ.//
//දැනට පහළොස් දහසක් පමණ වන කාතන්කුඩියේ වෙසෙන මේ සාම්ප්‍රදායික සුෆි මුස්ලිම් නායකයාට සහ ඔහුගේ බැතිමතුන්ට දිගින් දිගටම අන්තවාදීන්ගේ බාධක, හිරිහැර සහ වෙනස්කොට සැලකීම් වලට මුහුණ දීමට සිදුව තිබේ. ඔවුන්ට සිදු වන හිරිහැර බාධක ගැන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල තබා ශ්‍රී ලංකා රජයේ වත් අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි.
අන්තවාදීන් ගේ දඬු අඬුවට හසුවී සිටින ඔවුන්ට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වලින් ද කිසිම පිහිටක් මෙතෙක් ලැබී නැත. ආරක්ෂක අංශවලට අනුව එය මුස්ලිම් සමාජයේ අභ්‍යන්තර ගැටලුවක් වන අතර එය ඔවුන්ම විසඳාගත යුතුය. සහරාන් හෂීම්ට එරෙහිව ප්‍රදේශයේ මුස්ලිම්වරු විසින් කරන ලද පැමිණිලි අනු ගණන ගැන ප්‍රමාණවත් විමර්ශන කටයුත්තක් කාතන්කුඩි පොලීසිය මගින් සිදු කර නැත.
මේ නොසලකා හැරීමේ සහ නිවට බවේ ප්‍රතිඵල පාස්කු ප්‍රහාරය ලෙස රටටම දැකගන්නට ලැබිණි. පාස්කු ප්‍රහාරයෙන් පසු වහබ්වාදී සංවිධාන කීපයක් තහනම් කිරීමට රජය කටයුතු කළේය. එහෙත් දැන් වෙනත් සංවිධාන හරහා වහාබ්වාදය යහමින් ක්‍රියාත්මක වන බව බලධාරීන් දැනුවත් දැයි මම නොදනිමි. අනාගත ව්‍යසනයක් කරා රට ගෙන යන වහබ්වාදය තහනම් කර දැමීමට රජය වහාම පියවර ගත යුතුය.
වහබ්වාදී අන්තවාදීන් දැනට කටයුතු කරන්නේ නිහඬ සහ සැඟවුණු ස්වභාවයකිනි. ඔවුන් නැවත අළු ගසා බසා දමා නැගිටින්නේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන වැනි නිවට පාලකයන් නායකයත්වයට පත් වූ විට ය.//
//මෙවන් තත්ත්වයක් තුළ එහි සාම්ප්‍රදායික මුස්ලිම් බැතිමතුන්ගේ තත්ත්වය ඛේදනීය වන බව මෙරට වාසී සියලු දෙනා සිතට ගත යුතුය. අබ්දුල් රවුෆ් මවුලවිතුමා දැන් වයෝවෘද්ධයකු වන නමුත් තවමත් ඉතා ජවයකින් අන්තවාදයට එරෙහිව කටයුතු කරමින් සිටියි. "වාන්මරෙයි මාරුක්කුම් වහාබිසම්(ශුද්ධ වූ අල් කුර්ආනය මගින් ප්‍රතික්ෂේප කෙරෙන වහබ්වාදය) නම් කෘතිය එතුමා විසින් මෑතක දී රචනා කරන ලදී. අවුරුදු 26ක තරුණයෙකු ලෙස වහබ්වාදී මූලධර්ම වාදයට එරෙහිව සටන් වැදුණු මේ ඉස්ලාම් අධ්‍යාත්මික නායකයා තවමත් සටන අතහැර නැත. එහෙත් ඔහුගේ සහ ඔහුගේ බැතිමතුන්ගේ මේ ධෛර්යයට වටිනාකමක් ශ්‍රී ලංකා රජයේ සහ රට වැසියන් වන අප මෙතෙක් ලබා දී නැති බව පැහැදිලිය.//