අබිරහස් හිඩැස

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    image_1201235491.jpg

    තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය ලෙස සැලකෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝ මීටර් 18 ක් දුරින් ගීසා නිම්නයේ පිහිටා ඇති පිරමීඩ ත්‍රිත්වයයි.
    ඉපැරැණි පුදුම හතට අයත්, තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය පිරමීඩය. පුරාණ ඊජිප්තුවේ එනම් මිසරයේ වාස්තු විද්‍යා මහිමය ලොවට කියා පාන්නේ ද මෙම පිරමීඩය. ගීසා හි ඉදිකර තිබෙන මෙම පිරමීඩ එසේත් නැතිනම් ‘සොහොන් ගෙවල්’ රජ පෙළපත් තුනක අභිමානය ලොවට පිළිබිඹු කරයි.
    ක්‍රි.පූ. 26 වැනි සියවස, එනම් මීට අවුරුදු 4600කට පෙර පැවති සියවස, මිසර සංස්කෘතික දියුණුවේ උච්චම අවස්ථාව ලෙස සැලකෙයි. එම කාලයේ පාරාවන් (රජවරුන්) ලෙස කටයුතු කළේ කූෆු ඔහුගේ පුතු කාෆ්රේ සහ මුණුපුරු සැන්කුරේ ය. පිරමීඩ නිර්මාණය කරන්නැයි අණ දී ඇත්තේ මොවුන්ය. ඒ, ඔවුන්ගේ සොහොන් ගෙවල් හැටියටය.
    විද්‍යාඥයන් මවිත කිරීමට සමත් අබිරහස් ‘හිඩැස’ සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත්තේ කූෆු රජුගේ පිරමීඩයෙනි. චියොෆ් යන නමින් ද කූෆු හැඳින්වෙයි. ගීසාහි ඇති මෙම යෝධ පිරමීඩ අබිරහස්වලින් පිරී පවතී. ඒ අතරුට එක්වුණු මෙම ‘හිඩැස’ සම්බන්ධ අබිරහස ද විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කිරීමට සමත් වී ඇතැයි මේල් ඔන්ලයින් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

    image_dfd54c1d90.jpg

    ගීසා නිම්නයේ ඇති පිරමීඩ ත්‍රිත්වය අතරින් උසින් වැඩිම පිරමීඩය වන්නේ මෙම පිරමීඩයයි. උස මීටර් 140 (අඩි 460) කි. මෙය ඉදි කළේ යැයි පැවැසෙන්නේ ක්‍රි.පූ. 2509 සිට 2483 තෙක් කාලයේ යැයි පුරාවිද්‍යාඥයෝ කියති. පිරමීඩය තුළ හිඩැසක් ඇතැයි සොයා ගැනීම සිදු කර ඇත්තේ අති නවීන ස්කෑන් තාක්ෂණයකිනි. පරීක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රංශ සහ ජපාන පුරාවිද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් එක් වෙමිනි. ඔවුන් යොදා ගත් මෙම ස්කෑන් තාක්ෂණය හැඳින්වෙන්නේ ‘මුවෝග්‍රැෆි’ යන නමිනි. පරීක්ෂණයට නායකත්වය දුන් එක් වි
    ‘මුවෝග්‍රැෆි’ යනු ජපාන නව තාක්ෂණයකි. මෙහිදී සිදු කෙරෙන්නේ, පෘථිවියට පතිත වන කොස්මික් කිරණ යොදා ගනිමින් ස්කෑන් පරීක්ෂණයක් කිරීමය. කොස්මික් කිරණ වායුගෝලය හරහා එද්දී, දෘහිතෘ අංශු එසේත් නැතිනම් අණුවලට වෙන් වෙයි. ‘මුවොන්ස්’ අණු ද ඒ අතර වෙයි. මේවා පස්වල ඇති ඛනිජද්‍රව්‍ය විසින් උරාගෙන පරාවර්තනය කිරීමක් සිදු කරයි. පරාවර්තනය වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ හිස් අවකාශයකි.
    පිරමීඩය ඇතුළත හිඩැසක් ඇතැයි සොයා ගැනීම සිදු වූයේ ඒ අනුවය. සුනාමියෙන් සහ භූමි කම්පාවෙන් ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අබලන් වී විකිරණ කාන්දු වෙද්දී, ඒ බව පරීක්ෂා කිරීමට යොසා ගත්තේ ද මෙම නව ස්කෑන් තාක්ෂණයයි. අයිස් තට්ටු අතර ස්කෑන් කිරීමටත්, පර්වත, භූමි ප්‍රදේශ ස්කෑන් කිරීමටත් මෙම නව තාක්ෂණය භාවිතයට ගන්නා බව පැවැසෙයි.
    කූෆු රජුගේ පිරමීඩය තුළ හිස් අවකාශ දෙකක් පවතී. එයින් එකක් ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක ඇත්තේ ඊට පහළිනි. එය කුඩාය. මේ හිඩැය නිර්මාණය කළේ ඇයි ද යන්න ගැටලුවකි. එසේත මෙය තුළ කිසියම් හෝ අබිරහස් දෙයක් තැම්පත් කර ඇතැයි ද සැක කෙරේ. හිඩැස ‘හිඩැසක්’ ද නැතිනම් ඇතුළේ වටිනා දෙයක් ඇති ද යන්න සොයා දැන ගැනීම අසීරු වී තිබේ. හේතුව පිරමීඩයට හානි නොකර එය දැන ගැනීමට නොහැකි වීම නිසාය. මෙම හිඩැස නිර්මාණය කර ඇත්තේ පිරමීඩය ඇතුළත පීඩනය නැති කිරීමට හෝ මුදා හැරීමට හෝ විය හැකියි යන්න වාස්තු විද්‍යාඥයන්ගේ අදහස වී ඇති නමුත් එය තහවුරු කිරීමට කිසිවෙකු හෝ සමත් වී නැති බව ද පැවැසෙයි.
    ගීසා නම්නයේ මුලින්ම හැදූ පිරමීඩය වන්නේ ද මෙම කූෆු රජුගේ පිරමීඩයයි. ලෝකයේ විශාලතම පිරමීඩය වන මෙය ‘මහා පිරමීඩය’ ලෙසින් ද හැඳින්වෙයි. 14 වන සියවස තෙක්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වූයේ ද මෙයයි. මෙම පිරමීඩය ඉදිකළ අවදියේ මෙහි උස අඩි 481 ක් වුව ද දැන් මෙහි මුදුනත කොටස කැඩී විනාශ වී ගොසිනි. කූෆු රජ්ජුරුවන්ගේ මෙම මහා පිරමීඩයේ පාදම අක්කර 13 ක් එනම් හෙක්ටයාර 5.3 ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 (අඩි 756) ක්.
    කාෆ්රේ රජුගේ පිරමීඩය නිර්මාණය කර ඇත්තේ කූෆුගේ පිරමීඩයට වඩා අඩි 10 ක් උසින් අඩුවෙනි. කූෆූ රජුගේ මුණුපුරු සැන්කුරේගේ පිරමීඩය මේ පිරමීඩ දෙකටම වඩා කුඩාය. උස මීටර 66 කි. කුෆූගේ බිසවුන් වෙනුවෙන් ඔහුගේ පිරමීඩය අසළ තවත් කුඩා පිරමීඩ ඉදි කර තිබේ. ඒ විතරක් නොවේ රජ පවුලේ අනෙක් රාජකීයයන් සහ ඥාතීන් වෙනුවෙනුත් මෙම පිරමීඩ සමූහය අසළ කඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදි කර තිබේ. ගීසා නිම්නයේ පිරමීඩ ත්‍රිත්වය ඉපැරණි ලෝක පුදුම 7 ට ඇතුළත් කළෝ ග්‍රීක ජාතිකයෝය.

    source : lankadeepa
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    කොහොමද මෙහෙම වුණොත් ?

    ඔය පිරමීඩ වල ගර්භයේ තැන්පත් කර ඇත්තේ විශ්වයේ රහස්ය. අප පෘථිවිය මෙන්ම එවැනි ජීවයක් ඇති ග්‍රහලෝක ගැන සඳහන් පොත්ය. එම ග්‍රහලෝක වෙත ගමන් කරන්නෙ කෙසේද යන්න විස්තරාත්මකව ඇත. බුදුහාමුදුරුවන් විසින් හා සියළු ශාස්තෘන් විසින් දේශනා කරන ලද නිවන,ස්වර්ග වෙත පිවිසීමේ මග තැන්පත් කර ඇත්තේය. ඊජිප්තු මිසර වැසියන් ඒවා තැන්පත් කර ඇත්තේ පිරමීඩ කඩා මතු අනාගත පරපුරට ඒ දැනුම ලබා ගැනීම සඳහාමය. නමුත් අපි ඒවා තවමත් ආරක්ෂා කරමින් පවතියි. පෘථවිය විනාශ වීමට ප්‍රථම වෙනත් උචිත ග්‍රහයකු වෙත ගමන් කිරීමේ ක්‍රම වේදය සඳහන් විස්තර ඇතුළත් වන්නේය. නමුත් ඒවා නිධානයක් ලෙස මෙන් තැන්පත් වී පෘථිවියත් සමග විනාශ වේ. එය අවාසනාවන්ත සත්ව කොට්ඨාශයක හා ජෛව පරිසරයක, ග්‍රහලෝකයක අවසානය වේ. :lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇත්තට බන් ඇයි ඕවා කඩලා බලලා මොනාද තියෙන්නෙ කියලා හොයා ගන්නෙ නැත්තෙ ? :frown:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තට බන් ඇයි ඕවා කඩලා බලලා මොනාද තියෙන්නෙ කියලා හොයා ගන්නෙ නැත්තෙ ? :frown:

    පුරාවස්තු එහෙම විනාශ කරන්නෑ බං. ගන්න ඕනෙ ඒවත් ගන්නෙ ඒකෙ ඇතුලෙ තියෙන නිර්මාණ වලට අවම හානියක් වෙන විදිහට.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඇත්තට බන් ඇයි ඕවා කඩලා බලලා මොනාද තියෙන්නෙ කියලා හොයා ගන්නෙ නැත්තෙ ? :frown:

    කාටූන් වල නම් බන් සාප වදිනවා කියල තියනවනේ ඔවා කැඩුවාම. අනික අර එක එක උගුල් එහෙමත් තියනවනේ.... හැම එකාම පොඩි කාලේ කාටුන් වලින් බය වෙච්ච බයවිල්ල තාම තියනව ඇතී.

    හැබැයි ඔවා ලංකාවෙ තිබුනනම් මෙලහකට අපේ උන් ඔවයි හොර ඔප්පු හදල හත් අට පාරක් විකුනලා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පුරාවස්තු එහෙම විනාශ කරන්නෑ බං. ගන්න ඕනෙ ඒවත් ගන්නෙ ඒකෙ ඇතුලෙ තියෙන නිර්මාණ වලට අවම හානියක් වෙන විදිහට.

    ඉතිං බන් ඕව තිබ්බා කියලත් මොනාද ? රහස් කියන ඒවා හොයා ගන්න ඕන. අළුත් දැනුමක් එනවා නේ එතකොට. දැන් හිතපන් ඇයි බන් ඔය නිධන් කියන ඒවා හාරන්නෙ නැත්තෙ ? ඔහොම්ම තිබ්බොත් පොළවට පස් වෙලා යයි. දැන් උබ අහයි ජේතවනාරාම, රුවන්වැලි මහාසෑ, සීගිරිය වගේ කඩල බලනවට ආසද කියලා. මම නම් ආසයි. ඔය හංගන ඒවයෙ යටි අරමුණ මොකක්ද ? තණ්හාව නේද ? කාටවත් පාවිච්චිකරන්න ගන්න බැරි වෙන්න හංගනවා. :dull:
     
    • Like
    Reactions: Hasitha-Kasun

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කොහොමද මෙහෙම වුණොත් ?

    ඔය පිරමීඩ වල ගර්භයේ තැන්පත් කර ඇත්තේ විශ්වයේ රහස්ය. අප පෘථිවිය මෙන්ම එවැනි ජීවයක් ඇති ග්‍රහලෝක ගැන සඳහන් පොත්ය. එම ග්‍රහලෝක වෙත ගමන් කරන්නෙ කෙසේද යන්න විස්තරාත්මකව ඇත. බුදුහාමුදුරුවන් විසින් හා සියළු ශාස්තෘන් විසින් දේශනා කරන ලද නිවන,ස්වර්ග වෙත පිවිසීමේ මග තැන්පත් කර ඇත්තේය. ඊජිප්තු මිසර වැසියන් ඒවා තැන්පත් කර ඇත්තේ පිරමීඩ කඩා මතු අනාගත පරපුරට ඒ දැනුම ලබා ගැනීම සඳහාමය. නමුත් අපි ඒවා තවමත් ආරක්ෂා කරමින් පවතියි. පෘථවිය විනාශ වීමට ප්‍රථම වෙනත් උචිත ග්‍රහයකු වෙත ගමන් කිරීමේ ක්‍රම වේදය සඳහන් විස්තර ඇතුළත් වන්නේය. නමුත් ඒවා නිධානයක් ලෙස මෙන් තැන්පත් වී පෘථිවියත් සමග විනාශ වේ. එය අවාසනාවන්ත සත්ව කොට්ඨාශයක හා ජෛව පරිසරයක, ග්‍රහලෝකයක අවසානය වේ. :lol:

    :lol::lol::lol: සිරා ඔයි
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    හැබැයි ඉතින් සුද්දා සිගිරියටනම් නියමෙට සුද්දේ දුන්නා. ඔක්කොම පාරවල් ටිකත් වහලා වරීමාර්ග තාක්ෂනයත් නැත්තටම නැතිකරලා වටේම වෙහෙර විහාර වල තියන පුස්කොල පොත් ටිකතට් විදලයි උන්දැලා ගියේ. හදපු රෙල් පාරවල් වලට හිලව් වෙන්න හොදට කුට්ටිය රට පැටෙව්වේ නැත්තම් ඔකුන් එවත් ගලවගෙනයි යන්නේ
     
    ඒ මචන් විනාශ කිරීමේ අරමුණෙන් නේ බන්. අපි මේක කරන්නේ දැනුම ලබා ගැනීමේ අරමුණින්. හරියට අපි පොඩි කාලෙ කරා වගේ සෙල්ලම් කාර් එකක් ගලවලා ඒකෙ රෝද කරකැවෙන්නෙ කොහෙමද ලයිට් පත්තු වෙන්නෙ කොහොමද කියල බලලා ආයේ ඒක තිබුණ විදියටම හයි කරනවා වගේ කරන්න ඕන. ;)
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Oya pyramids issara aliensla hadapuwa ban. dan yn enne natte meke minisu inna nisa un apiwa investigate kara kara wate yanawa. balapalla rusiyawe ara kadawatenna giya asteriod eka polawata watenna kalin kali kare kawuda kiya video eka utube eka tiyenawa on. mama a gena research karapu niai kiyanne. Anika mama dakka dan awurudak wage ati a time around 12 am mama bus eken bahala yana gaman hitiye. Anuradhapura site ekakata giya. A welawe kisima sound ekak natuwa UFO ekak giya polawe indan 100m witara ati. Eka drone ekak wat sattelite ekakwat nemei. Kawuru hari kiwuot kiyala kiwe sattelite kiyala. Owa haduwe Alienslage order ekata a time polawe hitapu ewun. A kale minisu godak lokui. Dan wage ewunge 100 k witara a kale ekek. Unta ewa tois. tawa okkoma a size nemei. Management eke hitiya podi ewun. Un tamai order denne loku ewunta. podak Edypt wala history balapan. :nerd::nerd::nerd::nerd::no::no::no::no::no::no::lol::shocked::shocked::shocked:
     
    හුත්ත
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    හොද පොස්ටුවක් මචන්.. අර කිව්වා වගේ පිරමීඩ ලංකාවේ තිබුනා නම්
    සාප අවතාර කෙසේ වෙතත් මෙලහකටත් බඩු බනිස්. Rep+
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හොද පොස්ටුවක් මචන්.. අර කිව්වා වගේ පිරමීඩ ලංකාවේ තිබුනා නම්
    සාප අවතාර කෙසේ වෙතත් මෙලහකටත් බඩු බනිස්. Rep+

    Owa tiya gatta kiyala labena sethe mokadda ? :eek: