අබිරහස් හෙදියන්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අබිරහස් හෙදියන්

හෙදියන් ලෙස සැරසී පැමිණි හඳුණා නොගත් කාන්තාවන් දෙදෙනෙකු රාජාංගනය යාය 8 ශ්‍රී රාහුල විද්‍යාලයට ඇතුළු වී එම පාසැලේ දැරියන් තිදෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

මෙසේ එන්නත් කර ඇත්තේ කුමන ද්‍රව්‍යයක් ද යන්න මෙතෙක් හඳුණාගෙන නොමැති අතර එන්නත් කළ දැරියන් දෙදෙනා සිහිසුන් වී ඇති බව යි පැවසෙන්නේ.

එම ප්‍රදේශයේම පදිංචි 8 හැවිරිදි දැරියන් දෙදෙනෙකුට මෙලෙස එන්නත් ලබා දී ඇති අතර එම දැරියන් පාසැල නිම වී නිවෙසට පැමිණි අවස්ථාවේ සිහිසුන් වීමෙන් පසුව රෝහල්ගත කිරීමට දෙමාපියන් පියවර ගෙන තිබෙනවා.

වීඩියෝව පහතින් > > >

මෙම සිදුවීම පිළිබඳව රාජාංගනය පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් සිදුකරමින් පවතින නමුත් හෙදියන්ගේ වෙස් ගෙන විද්‍යාලයට පැමිණියේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට හැකියාව මෙතෙක් හැකියාව ලැබී නොමැති අතර වෛද්‍යවරයකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හෝ වෙනත් සෞඛ්‍ය අංශයක කිසිවකු විද්‍යාලයට ඇතුළු වී නොමැති බව පොලිසිය ස්ථීරවම තහවුරු කරගෙන තිබෙන බව යි වාර්තා වනනේ.

සිද්ධියට මුහුණ දුන් දැරියන් පවසා ඇත්තේ සුදු ඇඳුමින් සැරසුණු හෙදියන් දෙදෙනකු තමන්ව විදුහල් භූමිය තුළ දී අල්ලාගෙන එන්නත් ශරීර ගත කළ බව යි.

පාසැලේ ගුරු විවේකාගාරය තුළ දී සහ ක්‍රීඩා පිටියේ දී දැරියන්ට මෙම එන්නත් ශරීර ගත කර ඇති අතර ඔවුන්ගේ සිරුරුවල එන්නත් ශරීරගත කළ ස්ථාන පෙනෙන්නට තිබෙන බව ද පොලීසිය සඳහන් කරනවා.

එන්නත් ශරීර ගත කිරීමකින් අනතුරුව පිටවන රුධිරය නවතාලීමට ලබාදෙන පුළුන් කැබැල්ලක් ද විදුහල් භූමියේ තිබී පොලිසිය සොයාගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා එම පුළුන් කැබැල්ල අනුරාධපුර ශික්ෂණ රෝහලට ලබාදීමට පොලිසිය ක්‍රියා කර තිබෙනවා.

විද්‍යාලයට සෞඛ්‍ය අංශයකින් පැමිණ එන්නත් ලබාදීමක් සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් රාජාංගනය ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිිනිය වන ජී.වී. එස්. කරුණාරත්න මහත්මියගෙන් සිදු කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ ද කිසිදු සෞඛ්‍ය අංශයකින් විද්‍යාලයට පැමිණ එන්නත් ලබාදීමක් සිදු නොකළ බවයි.