අභිධර්මය ප්‍රතික්ෂේප කිරීමේ භයානකකම

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Mata mekata uththara denna.

    1)abhidarmaya igenime seela samadhi Panna wadenne keseda???

    2) 2 Wana dharma sangayanawa Wana thek abhidarmaya koheda tibbe???

    3) budhun wahanse kisiyam manussayekuta abhidarmaya deshana karala tibeda???

    4) sutta/vinaya pitaka Wala abhidarmaya gana sandahanak tibeda???
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    https://publication.srivinayalankar...hose-who-appreciate-buddhism-psychologically/

    abhidharma_maragaya.png.webp

    https://publication.srivinayalankara.lk/publication-books/abhidharma_margaya/

    abidarmaye_mulika_karunu.png.webp

    https://publication.srivinayalankara.lk/publication-books/abidarmaye_mulika_karunu/

    abhidarmartha_sangrahaya.png.webp


    https://publication.srivinayalankara.lk/publication-books/abhidarmartha_sangrahaya/
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    1)abhidarmaya igenime seela samadhi Panna wadenne keseda???

    අභිධර්මයෙන් බෞද්ධකමට අවශ්‍ය මූලික පදනම සකස් කරලා දෙනවා. බුදුදහමට අනුව ලෝකය කොහොමද ලෙහන්න ඕනෙ කියන දැනුම ලබා දෙනවා. තවත් කෙනෙකුට කියා දෙනකොට පැහැදිලිව කියලා දෙන්න හැකියාව ලැබෙනවා. තමන්ට අත්දකින්න ලැබෙනකොට පැහැදිලිව තේරුම්ගන්න හැකියාව ලැබදෙනවා.

    ඉහත දෙවනි වාක්‍ය ඉස්සරහට අරන් වැඩිදුරට කතාකලොත්. මේ ලෝකය ලෙහන්න ඕනෙ තරම් ක්‍රම තියනවා. අපි ලෙහන්න භාවිතා කරන ක්‍රමය අනුව අපිට පේන දේ වෙනස්වෙනවා. උදාහරණයකට අපි විඤ්ඤාණවාදී දිට්ඨියක ඉන්න ගමන් ලෝකය විග්‍රහ කලොත් අපිට විඤ්ඤානවාදී ලෝකයක් පෙන්වා. තරහයාම පාලනය කරන්න බැහැ, තරහයාම පැවැත්මේ අත්‍යාවශ්‍ය අංගයක්ය කියන දිට්ඨිය තුල හිඳගෙන තරහයාම ගැන හිතුවොත් තරහයාම පාලනය කරන්න බැරි වීම සාධාරණීකරනය කරන්න පුලුවන් ලෝකයක් හැදෙනවා.

    එතකොට මේ කියන්නේ අපි තුල අභ්‍යන්තරයේ තිබෙන යම් යම් මතවාද සහ ඉගනෙගැනීම් ගැන. මේ මතවාද සහ ඉගෙනගැනීම් සියල්ලම ධර්මාවබෝධයට උපකරී නැහැ. සමහර ඒවා ධර්මාවබෝධය වලක්වනවා. ආන්න ඒ උපකාරී නොවෙන මතවාද පසෙකට දාලා ධර්මාවබෝධය අවශ්‍ය මතවාද (framework) හිතේ පැල කරන එකත් අභිධර්මයේ එක ගුණාංගයක්. ඒ කියන්නෙ ප්‍රඥාව වැඩීමට තිබෙන බාධක ඉවත් කිරීම අභිධර්මයේ අරමුණක්.

    2) 2 Wana dharma sangayanawa Wana thek abhidarmaya koheda tibbe???

    ඕර්තොඩොක්ස් මතය දන්නවා ඇතිනේ. ඊට අමතරව සාමාන්‍යයෙන් ස්කොලර්ස්ලා විවිධ මත ඉදිරිපත් කරනවා. ඒ සමහරුන්ට අනුව බුදුන් ජීවමාන සමයේ සිටම ඉහල අවබෝධ ශක්තියක් තිබුණු භික්ෂූන් විසින් අධ්‍යනයේ, විග්‍රහයේ සහ සන්නිවේදනයේ පහසුවට සූත්‍ර ධර්මය එක්තරා පිළිවෙලකට සංග්‍රහ කිරීමට ගත් උත්සහය කාලයත් සමග අභිධර්මය බවට හැරුණාය කියලා. මේකෙ පැහැදිලිම ආරම්භය ධර්ම සේනාධිපති සැරියුත් හාමුදුරුවන්ගෙන් පෙන්වන්න පුලුවන් කියලා තමා කියන්නෙ. උන්වහන්සේට ඇට්‍රිබියුට් කරන සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රය කියවලා බලන්න. ඒ දෙකම පැහැදිලිවම අනාගත අභිධර්මය ආකෘතිය පෙන්වනවා. ඊට අමතරව වේදල්ල සූත්‍ර බලන්න. බොහෝවිට භික්ෂූන් භික්ෂූන් අතර සිදුවෙන ධර්ම සාකච්චා සඳහන් සූත්‍ර අභිධර්මයේ ලක්ෂණ පෙන්වන පෙරගමන් කරුවන් විදිහට දකින්න පුලුවන්.

    ඉතින් අන්න එහෙම ධර්මය පුරාම තියන කරුණු යම්කිසි පිලිවෙලකට සකස්කරලා ඉදිරිපත් කරන්න ගත්ත උත්සහයක් ලෙස අභිධර්මය හඳුන්වන්න පුලුවන්. එහෙම අභි-ධර්මයක්, අභි-විනයක් ගැන පිටකය කතා කරනවා. ඒවගේම විනය පිටකය, සූත්‍ර පිටකය සමග මාතිකා කියලා ඉගැන්වීමක් සූත්‍රවල සඳහන් වෙනවා (මහාගෝපාලක සූත්‍රය, මජ්ජිම නිකාය, සුගතවිනය සූත්‍රය අංගුත්තර නිකාය). මේ මාතිකා කියන්නෙත් ධර්මය ඉහත කියපු ආකාරයටම ක්‍රමානුකූල සකස් කිරිමක් කියන එකයි පොදු පිළිගැනීම.

    ඉහත කාරණය එක්ක බැඳෙන තවත් විද්වත් මතයක් තමා, අවස්ථානුකූලව බුදුන් සිදුකරපු "බෙදා වෙන්කොට දැක්වීම" කියන ක්‍රමයේ කෙලවරකටම යාම තමා අභිධර්මය කියලා. මට මතකයි මම රොන්ට්මර්ටම කිව්වා බුදුන් මනුශ්‍ය අත්දැකීම, ඒ කියන්නෙ අපි ජීවත්වෙනවා කියලා ඇහෙන, දකින, දැනෙන සහ හිතන කියන අපේ අත්දැකීම් සමුදාය විවිධ කොටස් වලට කැඩුවා කියලා. ඒවා පිලිවෙලින්,

    නාම-රූප
    ස්කන්ධ
    ආයතන
    ධාතු

    ආදී ලෙස පිලිවෙලින් වැඩිවෙන ආකාරයට දක්වන්න පුලුවන්. ආන්න එහෙම බෙදා වෙන්කරීම තව දුරටත් බෙදා වෙන්කරන්න බැරි මට්ටමකට (කෙලවරකටම) බෙදා වෙන්කරන්න ගත් උත්සහයක ප්‍රතිපලයක් තමා අභිධර්මය කියන්නෙ. ඒ කියන්නෙ මුලු මනුශ්‍ය අත්දැකිමම චිත්ත, චෙතසික, රූප සහ නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරට ගොනුකරලා ඒවා තවදුරටත් බෙදීමට ලක්කරලා සිත් 89ක් හෝ 121ක්, චෛතසික 52ක්, රූප 28ක් සහ නිබ්බානය ලෙසට මේ බෙදීම කෙලවර කිරීම තමා අභිධර්මය වුනා කියන්නෙ.

    තවත් මතයක් තමා විවිධ බෞද්ධ නිකායන් ධර්මය විග්‍රහ කිරීමේදි ඇතිවුන විවිධ මතගැටුම් පහදන්නත්, බෞද්ධ නොවන ඉගැන්වීම් වලින් එල්ලවුන චෝදනා වලට පිලිතුරු සැපයීමට ගත්ත උත්සහයනුත් අභිධර්මය වැඩිදියුණු කලා කියන එක.


    3) budhun wahanse kisiyam manussayekuta abhidarmaya deshana karala tibeda???

    සාම්ප්‍රදායික මතයට අනුව බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට කෙටියෙන් දේශිත උන්වහන්සේ ඒ කෙටි දේශනා විස්තර සහ්තව අන්‍ය භික්ශූන්ට දේශනා කල ඉගැන්වීම් තමා අභිධර්මය.

    4) sutta/vinaya pitaka Wala abhidarmaya gana sandahanak tibeda???

    අභිධම්ම සහ මතිකා කියන ආකාරයෙන් සඳහන් වෙනවා විනය පිටකයේ සහ සූත්‍ර පිටකයේ.

    Edited - grammar and formatting, reference added for මාතිකා
     
    Last edited: