පුත්තලම දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 05 කි.
1. ආණමඩුව
2. පුත්තලම
3. හලාවත
4. වෙන්නප්පුව
5. නාත්තණ්ඩිය
මෙම මැතිවරණ කොට්ඨාසය නියෝජනය වන නගර 05 හැර දිස්ත්‍රික්කයේ වෙනත් පරිවාර නගර කිහිපයකි.
1. මාරවිල
2. මාදම්පේ
3. කල්පිටිය
4. දංකොටුව
5. පල්ලම
6. ආඩිගම
7. වනාතවිල්ලුව
8. මුන්දලම
9. ආරච්චිකට්ටුව
10.නොරොච්චෝල
11. බංගදෙනිය
12. නවගත්තේගම
13. මදුරන්කුලිය
14. මහවැව
දිස්ත්‍රික්කයේ ජනගහනය 760778 කි. එනම් ලක්ෂ 08 කට ආසන්න වේ.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 කි.
1. ආණමඩුව
2. ආරච්චිකට්ටුව
3. හලාවත
4. දංකොටුව
5. කල්පිටිය
6. කරැවලගස්වැව
7. මාදම්පේ
8. මහකුඹුක්කඩවල
9. මහවැව
10. මුන්දලම
11. නාත්තණ්ඩිය
12. නවගත්තේගම
13. පල්ලම
14. වනාතවිල්ලුව
15. පුත්තලම
16. වෙන්නප්පුව
යනු එම ප්‍රදේශීය ලේකම් කාර්යාල වේ.
මෙයින් 05 ක්ම පිහිටා ඇත්තේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසය තුළ ය. ආණමඩුව යනු, භූමි ප්‍රමාණයෙන් සමස්ථ ශ්‍රී ලංකාවේම දෙවැනි විශාලතම මැතිවරණ කොට්ටාශය වේ.
දිස්ත්‍රික්කයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 3072 කි. පුත්තලම දිස්ත්‍රික්කය කුරැණෑගල දිස්ත්‍රික්කය සමඟ ඒකාබද්ධ කළ විට වයඹ පළාත නිර්මාණය වේ. දිස්ත්‍රික්කයේ නැගෙනහිර මායිම කුරැණෑගල දිස්ත්‍රික්කය හා අනුරාධපුර දිස්ත්‍රික්කය ද උතුරැ මායිම කලා ඔය හා මෝදරගම් ආරැ ද වේ. දකුණු මායිම මා ඔය වන අතර බටහිරින් මායිම් වන්නේ ඉන්දියන් සාගරයට ය.
දිස්ත්‍රික්කයේ ඇති ඉතා විචිත්‍ර ප්‍රදේශයක් වන කල්පිටිය මනරම් දසුන් නෙත ගැටෙන, නෙතට රසඳුනකි. සුලං බලාගාර, තාප බලාගාර, ඉස්සන් වගාවන්, කඩොලාන, සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, මනරම් මුහුඳු වෙරළ, ආකර්ශනීය සංචාරක හෝටල්, ආර්ථික මධ්‍යස්ථානය, තල්මසුන් නැරඹිය හැකි ලංකාවේ සුවිශේෂීම ස්ථාන, බත්තලංගුණ්ඩුව දූපත ආදියෙන් සමන්විතය.
දිස්ත්‍රික්කයේ වැඩිම ජනගහනය බෞද්ධ වුවද සෑම ආගමක්ම ඉතා සමඟියෙන් මෙහි ජීවත් වේ.
බෞද්ධ - 43.2%
කතෝලික - 32.8%
ඉස්ලාම් - 20.0%
හින්දු - 3.8 %
වෙනත් - 0.2% ක් ලෙස ආගම් අනුව ජනගහනය බෙදී ගොස් ඇත.
සෑම ආගමකම නමගිය ආගමික ස්ථාන මෙහි ව්‍යාප්ත වී ඇත.
1. පරමාකන්ද රජමහා ලෙන් විහාරය
2. තලවිල පල්ලිය
3. මුන්නේෂ්වරම් කෝවිල ඉන් ප්‍රධාන තැනක් ගනියි.
විජය කුමරැ ලංකාවට ගොඩබට තම්බපන්නිය අයත් වන්නේද පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව මැතිවරණ කොට්ඨාසයට ය. එමෙන්ම ලංකාවේ පළමු හා විශාලතම සෙල්ලිපිය වන තෝණිගල සෙල්ලිපිය ද ආණමඩුව නගරයේ සිට කිලෝමීටර් 04 ක් පුත්තලම පාරේ ගමන් කළ විට හමු වේ. එය කුවේණිය විසින් ළතෝනි දුන් ගල බැවින් "තෝණිගල" ලෙස හඳුන්වයි. ලංකාවේ අවසන් රහතුන් වහන්සේ වන මලියදේව රහතුන් වහන්සේ වැඩ සිටියේ ආණමඩුව පරමාකන්ද විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන ය.
ආගමික අතින් ගත් විට ඉස්ලාම් බහුතරය පුත්තලම මැතිවරණ බල ප්‍රදේශයේ ද, කතෝලික බහුතරය වෙන්නප්පුව මැතිවරණ බල ප්‍රදේශයේ ද , බෞද්ධ බහුතරය ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයේද ජීවත් වේ. හලාවත හා නාත්තණ්ඩිය මැතිවරණ බල ප්‍රදේශ දෙකෙහි ද බහුතරය බෞද්ධ වුවද සැලකිය යුතු පිරිසක් කතෝලික භක්තිකයන් සිටිති. ඔවුන් බොහෝ විට මුහුඳුබඩව ජීවත් වේ.
මෙරට විදුලිබල නිෂ්පාදනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සපයන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ නොරොච්චෝල තාප බලාලාරය හා සුළං බලාගාර වලිනි. එසේම මෙරටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙනු ලබන දිස්ත්‍රික්කයක් ලෙසද පුත්තලම දිස්ත්‍රික්කය සැලකේ. ඉතාලිය වැනි රටවලින් වැඩිම විදේශ විනිමයක් උපයා දෙන වෙන්නප්පුව "පුංචි ඉතාලිය" ලෙස විරැදාවලිය ලබා ඇත. වෙන්නප්පුව යනු ඉතාමත් ඉසුරැමත් නගරයක් වන අතර මාරවිල, හලාවත, නාත්තණ්ඩිය හා දංකොටුවද ඊට දෙවැනි නොවේ.
ජනප්‍රිය සංගීත කණ්ඩායම් වලින් සාතිශය බහුතරය පුත්තලම දිස්ත්‍රික්කයෙන් බිහි වී ඇත.
1. සන්ෆලවර්ස්
2. ප්ලෑෂ්බෑක්
3. මේරියන්ස්
ඉන් ප්‍රධාන තැනක් ගනියි.
දිස්ත්‍රික්කයේ අධ්‍යාපන තත්ත්වය බොහෝ මැතිවරණ බල ප්‍රදේශ වල ඉතා ඉහළ මට්ටමක පිහිටයි. එහි ප්‍රධානතම පාසල් රාශියකි.
1. හලාවත ආනන්ද විදුහල
2. නාත්තණ්ඩිය දම්මිස්සර විදුහල
3. ආණමඩුව මධ්‍ය මහා විදුහල
4. වෙන්නප්පුව ජෝශප් වාස් විදහල
5. වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය
6. පුත්තලම ආනන්ද විදුහල
7. පුත්තලම ඇන්ඩෲ විදුහල
8. දංකොටුව බාලිකා විදුහල
9. හලාවත ශාන්ත මරියා විදුහල
10. මාරවිල ශේවියර් විදුහල
ඒ අතරින් ප්‍රධාන වේ.
පොල් ත්‍රිකෝණයට අයත් නගර වලින් බහුතරය පුත්තලම දිස්ත්‍රික්කයට අයත් ය. ඉන් සමස්ථ ශ්‍රී ලංකාවේම ගුණාත්මක අතින් ඉහළම පොල් නිපදවන්නේ මාරවිල ප්‍රදේශයේ ය. පොල් පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේද වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පොල් ජාන තාක්ෂණ මධ්‍යස්ථානය ආණමඩුව හලාවත පාරේ පල්ලම ප්‍රදේශයේ පිහිටා ඇත. පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක 3 න් දෙකක්ම අයත් වන්නේ වයඹ පලාතේ වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ඉතා වැදගත්ම කර්මාන්ත ව්‍යාප්තව ඇත්තේ ද පුත්තලම දිස්ත්‍රික්කයේ ය.
1. සිමෙන්ති
2. පෝසිලේන්
3. වීදුරැ
4. ලුණු
5. කොහු ආශ්රිත නිෂ්පාදන
6. කරවල
7. යකඩ
8. ධීවර නර්මාන්තය
9. සංචාරක කර්මාන්තය
10. කෘෂි කර්මාන්තය
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන බත සැපයීමට දායක වන මහා වාරි කර්මාන්ත රාශියක් මෙම දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
1. ඉඟිනිමිටිය
2. තබ්බෝව
3. මහඋස්වැව
4. ඌරියාව
5. කොට්ටුකච්චිය
6. මහවැව
7. මාදම්පේ
8. කිරිමැටියාන
9. රාජාංගනය ජලාශයේ වගා බිම් වලන් 40% ක්
10. දැදුරැඔය ජලාශයේ පෝෂක ප්‍රදේශයෙන් 60% ක්
රටට බත සැපයීමට උර දී සිටියි. සාමාන්‍යයෙන් අප ආහාර ලැස්තුවක් සඳහන් කරන්නේ හාල්, පොල්, මිරිස්, තුනපහ ආදී ලෙසය. මින් මෙම දිස්ත්‍රික්කයේ බහුල නොවන්නේ තුනපහ වර්ග ටික පමණි. ඉතිරි සියල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම නිෂ්පාදනයන් ය.
ශ්‍රී ලංකාවේ විශාලතම වැඩ බිම වන්නේ නොරොච්චෝල තාප බලාගාරය යි. ඉන්ජිනේරැවන් පමණක් 107 දෙනෙකු එහි සේවයේ නිරත වේ. ඉන්ජිනේරැවන් 107 ක් වැනි විශාල ප්‍රමාණයක් ලංකාවේ එක් ස්ථානයක සේවයේ නිරත වේ නම් එය නොරොච්චෝල තාප බලාගාරය පමණි. එසේම විදුළි අධිකාරී වරැන්