අභිරහසක_මතකය

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai


    -

    -

    upaliwije.jpg


    ඒ, ක්වාලාලම්පූර්වලින් ම පිටත් ව මලයාසියානු ගුවන් යානය අතුරුදන් වූ බවට සැකකරන ප්‍රදේශය ආසන්නයේ අතුරුදන් වූ L35A ලියර් ජෙට් ගුවන් යානය හේතුවෙනි.

    අදට ත් තොරතුරක් නැති L35A ලියර් ජෙට් ගුවන් යානයේ ගමන් කළේ, එවකට මෙරට ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා ය.

    1983 පෙබරවාරි 13 වන දා රාත්‍රී 8. 41 ට මෙම යානය ක්වාලලාම්පුර් සිට කොළඹ බලා පිටත් ව ගොස් තිබිණ.

    එකල මාධ්‍ය වාර්තාවන්ට අනුව ජෙට් යානය ගමන් අරඹා විනාඩි 15කට පසු ගුවන්තොටු‍පොළ රේඩාර්වලින් නොපෙනී ගොස් තිබේ.

    ඉන් අනතුරුව මෙම ගුවන් යානය සම්බන්ධයෙන් කිසිඳු නිෂ්චිත තොරතුරක් වාර්තා නොවී ය.

    දින හතරකට පෙර අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ පුළුල් මෙහෙයුම මෙන් එවකදී ද අමෙරිකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් සෝදිසි මෙහෙයුම් සඳහා එක් විය.

    1983 පෙබරවාරි මාසයේ 21 වන දා පුලාවූ පන්දුන් දූපත් අසල තිබී එම ජෙට් යානයේ යැයි සැක කළ අතිරේක රෝදයක් හමුවී ම ත් සමග යානය මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් පුපුරාගොස් ඇති බවට විශේෂඥයෝ මත පළ කළහ.

    කෙසේවෙතත් එම රෝදය යානයට සවිකරන ආධාරකය යානයේ නිෂ්පාදිත සමාගමට අයත් වූවක් නොවේ.

    විවිධ මතවාද අතර උපාලි විජේවර්ධන මහතා ඇතුළු 07 දෙනෙකුට සිදු වූයේ කුමක් ද? යන්න වසර 30 ක් ගත ව ඇතත් අදට ත් අභිරහසකි.
     
    • Like
    Reactions: *Dinushi9*

    aruna47

    Well-known member
  • උපාලි මරුනේ නැහැ කියල කතාවක් තියෙනවා. ජෙට් එක උඩදී පිපුරුවා හෝ මුහුදට වැටුනා නම් අනිවාර්යෙන් කැලි තියෙන්න ඕන. ඒ එකක්වත් හම්බ උනේ නැහැ නේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    හිතා ගන්න බෑ මචන්. මේ ඔක්කොම නිකන් අන්දුන් කුන්දුන් වගේ. වෙන්න පුලුවන් දැන් මේ ලොකෙ වෙන දේවල් දැක්කම. හිට්ලරුත් තවම කොහෙදො රටක ජීවත් වෙනවලු. ඉතින් මේව අහනකොට එහෙම හිතෙන එක සාදාරනයි මචො
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් හිතෙනවා Hitler සියදිවි නසා ගත්තේ නෑ කියලා බන්. ඌ ඒ තරම් ලේසියෙන් මැරෙන්න කැමති වෙන්න විදියක් නෑ