අභිරහස් ඝාතකයා
පනන්කන්ද හෙල්ලූ ඝාතකයා කවරෙක්ද?

රත්නපුර කහවත්ත පනන්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පනස්හතර හැවිරිදි ජයන්ති ඉකුත් සතියේ දිනෙක සවස් යාමයේ සිය නිවසින් පිට වූයේ ගමේ පොළට ගොස් නිවසට අවශ්‍ය කලමනා රැගෙන ඒමේ අදහසිනි.
"තාත්තේ මම පොළට ගිහින් එන්නම් යෑයි සිය පියාට පැවසූ ඇය එසේ නිවසින් පිටවූවාය.
සිය වැඩිමහල් දියණිය මේ නිවසින් පිටව යන්නේ එක්තරා මූසල කතාන්දරයක ආරම්භය සටහන් කරමින් බව මේ වන විට අසූවියට ආසන්නව සිටින ඇගේ පියාට ඒ මොහොතේ නොසිතුනා විය යුතුය.
ඒ වනවිට ජයන්තිගේ බාල සොයුරියද නිවසේ වූවාය. එහෙයින් වයෝවෘධ පියාගේ යම් වුවමනාවක් වුවහොත් ඇය සිටින්නෙයෑයි යන හැඟීමද ජයන්තිගේ සිතට සැනසීමක් එක්කළා නියතය.
ඇය පිටව ගියාය. කාලය විනාඩි පැය ලෙසින් ගෙවී යමින් ඒ දිනය අවසන් වන ලකුණුද පහළ වෙමින් තිබිණි. එහෙත් පොළට ගිය ජයන්ති යළි නිවසට ඒමක් නම් සිදු නොවිනි.
"පුතේ අක්ක පොළට ගියා තවමත් නැහැනේ මයේ පුතේ... කෙල්ලට කරදරයක්වත් දන්නේ නැහැ... මෙසේ ජයන්තිගේ යළි පැමිණීම ප්‍රමාද වෙද්දී ඇගේ පියා ජයන්තිගේ සොයුරිය අමතා එසේ පවසන්නට වූයේ සිතේ වූ යම් නුහුරු බියක්ද සමගිනි.
"අක්ක එයි තාත්තේ... බස් නැතුව ඇති... අනෙක මේ ගමේ අක්කට කවුරු කරදර කරන්නද? සිය වයෝවෘධ පියා එසේ පවසද්දී ජයන්තිගේ සොයුරිය ඔහු අස්වසමින් කියන්නට වූයේ ඒ පිළිබඳ එතරම් තැකීමක්ද නොකරමිනි.
අවිවාහක කාන්තාවක් වුවද ජයන්ති මැදිවියද ඉක්වමින් සිටි තැනැත්තියක වීමද ඇය එසේ සිතීමට හේතු වූවාද විය හැකිය.
එහෙත් ඔවුන් එසේ සිත් හදා ගත්තද ඒ දිනය ගෙවී පසුදාට පහන් වන තුරුත් ජයන්ති නම් වූ ඒ කාන්තාව යි නිවසට නොපැමිණියාය.
ඇයට සිදු වූයේ කුමක්ද? ඒ රැයේ ඇඬූ කඳුළින් ගම්වැසින්ද සමග එක් වී ජයන්තිගේ මහලු පියා සහ නැගණිය ඇය සොයා ගැනීමට අනේක විධ උත්සාහයක යෙදුණද එය නිරර්තක කාර්යයක්ම වී තිබිණි.
"අනේ බුදු මහත්තයෝ... ඊයේ හවස ගමේ පොළට ගිය මගේ කෙල්ල තවම ආවේ නැහැ... අපි ගමේ අයත් එක්ක මුළු රෑම හෙව්වා.. ඒත් කෙල්ල ගැන කිසිම හෝඩුවාවක් නැහැ මහත්තයෝ...
අවසානයේ හැඬූ කඳුළින් කහවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණි ජයන්තිගේ පියා සහ සොයුරිය ඇගේ අතුරුදන් වීම පිළිබඳ පැමිණිල්ලක් කරන්නට වූයේ කළ හැකි අන් කිසිවක් නොවූ බැවිනි.
මෙම පැමිණිල්ල ලැබුණු වහා කහවත්ත පොලිස්යේ නිලධාරින් කණ්ඩායමක්ද පනන්කන්ද ගම්මානය වෙත පැමිණියේ සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයකට මුලපුරමිනි.
එසේ පැමිණි පොලිසිය ගම්වාසීන්ද සමග එක්ව ජයන්ති සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය. ඔවුහු ගම්මානයේ කැලෑ පීරමින් ජයන්ති සොයන්නට වූහ.
එසේ ඇය සොයමින් ඔවුහු පනන්කන්ද ආරණ්‍ය රක්ෂිතයද පීරන්නට වූහ. එදින දහවල් වන විට අතුරුදන් වූ ජයන්ති හැඳ සිටි ඇඳුම්වල කොටස් කිහිපයක් සමග ඇය නිවසින් පිටවන විට පොළට රැගෙන ගිය මල්ල සහ කපා දමා තිබූ ඇගේ දිගු කොණ්ඩයේ කොටස් මෙන්ම රුධිරය ගලා ගිය ස්ථාන කිහිපයක්ද ආරණ්‍ය රක්ෂිතයේ තිබී එක් කණ්ඩායමකට හමුවූයේ මේ අතරේය.
"ජයන්ති මරලා... කලු ඇඳගත්තු අත්භූත මිනිසෙක් ජයන්ති මරලා... හමුවූ දැ තුළින් ඇය මරා දමා ඇති බවට ස්ථිරව යමක් කිව නොහැකි තත්ත්වයක් පැවැතුනද එකී සිද්ධියත් සමග ගම පුරා ලැව් ගින්නක් සේ පැතිර යන්නට වූයේ එවන් කතාවකි.
"ඔව් ඒ ඝාතකයා කලු ඇඳගෙන මුවහත් කඩුවක් වගේ අවියකුත් අතේ තියාගෙනයි ගමේ සැරිසරන්නේ... ඔහු ගමේ කාන්තාවන් රවටා කැලයට රැගෙන ගොස් කපා කොටා මරා දමනවා... මේ වෙනකොට ගමේ කාන්තාවන් හය දෙනෙක් ඒ විදිහට මරල තිබුණේ... ජයන්ති තමයි හත්වෙනි ගොදුර...
එකී බිහිසුණු ඝාතකයා සම්න්ධයෙන් ගැමියන් අතරේ විවිධ කතා කියෑවෙන්නට වූයේ එලෙසිනි. එය පොලිසියද අන්දමන්ද කරවන්නක් බවට පත්වන්නට ඒ හැටි කාලයක් ගත නොවුණි.