අභිරහස් ඝාතකයා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අභිරහස් ඝාතකයා

    පනන්කන්ද හෙල්ලූ ඝාතකයා කවරෙක්‌ද?

    NEOSQUQV1nxyTO_1_1.jpg

    රත්නපුර කහවත්ත පනන්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පනස්‌හතර හැවිරිදි ජයන්ති ඉකුත් සතියේ දිනෙක සවස්‌ යාමයේ සිය නිවසින් පිට වූයේ ගමේ පොළට ගොස්‌ නිවසට අවශ්‍ය කලමනා රැගෙන ඒමේ අදහසිනි.

    "තාත්තේ මම පොළට ගිහින් එන්නම් යෑයි සිය පියාට පැවසූ ඇය එසේ නිවසින් පිටවූවාය.

    සිය වැඩිමහල් දියණිය මේ නිවසින් පිටව යන්නේ එක්‌තරා මූසල කතාන්දරයක ආරම්භය සටහන් කරමින් බව මේ වන විට අසූවියට ආසන්නව සිටින ඇගේ පියාට ඒ මොහොතේ නොසිතුනා විය යුතුය.

    ඒ වනවිට ජයන්තිගේ බාල සොයුරියද නිවසේ වූවාය. එහෙයින් වයෝවෘධ පියාගේ යම් වුවමනාවක්‌ වුවහොත් ඇය සිටින්නෙයෑයි යන හැඟීමද ජයන්තිගේ සිතට සැනසීමක්‌ එක්‌කළා නියතය.

    ඇය පිටව ගියාය. කාලය විනාඩි පැය ලෙසින් ගෙවී යමින් ඒ දිනය අවසන් වන ලකුණුද පහළ වෙමින් තිබිණි. එහෙත් පොළට ගිය ජයන්ති යළි නිවසට ඒමක්‌ නම් සිදු නොවිනි.

    "පුතේ අක්‌ක පොළට ගියා තවමත් නැහැනේ මයේ පුතේ... කෙල්ලට කරදරයක්‌වත් දන්නේ නැහැ... මෙසේ ජයන්තිගේ යළි පැමිණීම ප්‍රමාද වෙද්දී ඇගේ පියා ජයන්තිගේ සොයුරිය අමතා එසේ පවසන්නට වූයේ සිතේ වූ යම් නුහුරු බියක්‌ද සමගිනි.

    "අක්‌ක එයි තාත්තේ... බස්‌ නැතුව ඇති... අනෙක මේ ගමේ අක්‌කට කවුරු කරදර කරන්නද? සිය වයෝවෘධ පියා එසේ පවසද්දී ජයන්තිගේ සොයුරිය ඔහු අස්‌වසමින් කියන්නට වූයේ ඒ පිළිබඳ එතරම් තැකීමක්‌ද නොකරමිනි.

    අවිවාහක කාන්තාවක්‌ වුවද ජයන්ති මැදිවියද ඉක්‌වමින් සිටි තැනැත්තියක වීමද ඇය එසේ සිතීමට හේතු වූවාද විය හැකිය.

    එහෙත් ඔවුන් එසේ සිත් හදා ගත්තද ඒ දිනය ගෙවී පසුදාට පහන් වන තුරුත් ජයන්ති නම් වූ ඒ කාන්තාව යි නිවසට නොපැමිණියාය.

    ඇයට සිදු වූයේ කුමක්‌ද? ඒ රැයේ ඇඬූ කඳුළින් ගම්වැසින්ද සමග එක්‌ වී ජයන්තිගේ මහලු පියා සහ නැගණිය ඇය සොයා ගැනීමට අනේක විධ උත්සාහයක යෙදුණද එය නිරර්තක කාර්යයක්‌ම වී තිබිණි.

    "අනේ බුදු මහත්තයෝ... ඊයේ හවස ගමේ පොළට ගිය මගේ කෙල්ල තවම ආවේ නැහැ... අපි ගමේ අයත් එක්‌ක මුළු රෑම හෙව්වා.. ඒත් කෙල්ල ගැන කිසිම හෝඩුවාවක්‌ නැහැ මහත්තයෝ...

    අවසානයේ හැඬූ කඳුළින් කහවත්ත පොලිස්‌ ස්‌ථානය වෙත පැමිණි ජයන්තිගේ පියා සහ සොයුරිය ඇගේ අතුරුදන් වීම පිළිබඳ පැමිණිල්ලක්‌ කරන්නට වූයේ කළ හැකි අන් කිසිවක්‌ නොවූ බැවිනි.

    මෙම පැමිණිල්ල ලැබුණු වහා කහවත්ත පොලිස්‌යේ නිලධාරින් කණ්‌ඩායමක්‌ද පනන්කන්ද ගම්මානය වෙත පැමිණියේ සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයකට මුලපුරමිනි.

    එසේ පැමිණි පොලිසිය ගම්වාසීන්ද සමග එක්‌ව ජයන්ති සෙවීමේ මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබීය. ඔවුහු ගම්මානයේ කැලෑ පීරමින් ජයන්ති සොයන්නට වූහ.

    එසේ ඇය සොයමින් ඔවුහු පනන්කන්ද ආරණ්‍ය රක්‍ෂිතයද පීරන්නට වූහ. එදින දහවල් වන විට අතුරුදන් වූ ජයන්ති හැඳ සිටි ඇඳුම්වල කොටස්‌ කිහිපයක්‌ සමග ඇය නිවසින් පිටවන විට පොළට රැගෙන ගිය මල්ල සහ කපා දමා තිබූ ඇගේ දිගු කොණ්‌ඩයේ කොටස්‌ මෙන්ම රුධිරය ගලා ගිය ස්‌ථාන කිහිපයක්‌ද ආරණ්‍ය රක්‍ෂිතයේ තිබී එක්‌ කණ්‌ඩායමකට හමුවූයේ මේ අතරේය.

    "ජයන්ති මරලා... කලු ඇඳගත්තු අත්භූත මිනිසෙක්‌ ජයන්ති මරලා... හමුවූ දැ තුළින් ඇය මරා දමා ඇති බවට ස්‌ථිරව යමක්‌ කිව නොහැකි තත්ත්වයක්‌ පැවැතුනද එකී සිද්ධියත් සමග ගම පුරා ලැව් ගින්නක්‌ සේ පැතිර යන්නට වූයේ එවන් කතාවකි.

    "ඔව් ඒ ඝාතකයා කලු ඇඳගෙන මුවහත් කඩුවක්‌ වගේ අවියකුත් අතේ තියාගෙනයි ගමේ සැරිසරන්නේ... ඔහු ගමේ කාන්තාවන් රවටා කැලයට රැගෙන ගොස්‌ කපා කොටා මරා දමනවා... මේ වෙනකොට ගමේ කාන්තාවන් හය දෙනෙක්‌ ඒ විදිහට මරල තිබුණේ... ජයන්ති තමයි හත්වෙනි ගොදුර...

    එකී බිහිසුණු ඝාතකයා සම්න්ධයෙන් ගැමියන් අතරේ විවිධ කතා කියෑවෙන්නට වූයේ එලෙසිනි. එය පොලිසියද අන්දමන්ද කරවන්නක්‌ බවට පත්වන්නට ඒ හැටි කාලයක්‌ ගත නොවුණි.
     
    • Like
    Reactions: TROJAN-MAN

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    friday_the13th08.jpg

    මේ සියලු කතා අතරේ පනන්කන්ද පමණක්‌ නොව ඒ අවට ගම්මාන රැසකම සිටින මිනිසුන් අතරේ අමුතු භීෂණයක්‌ පැතිර යන්නට වූයේ ඇසුරු සැණෙනි.

    මේ සමගම එකාවන්ව එකට එකතු වූ ගම්මුන් එතැන් පටන් ජයන්ති පමණක්‌ නොව මේ බිහිසුණු ඝාතකයාද සොයා දිවා රෑ නොබලා කඩු, පොලු, මුගුරු රැගෙන ගම දෙවනත් කරන්නට වූහ.

    මේ අතරේ බිරාන්තව සිටි එකී ගම්මානවල කාන්තාවන් බිහිසුණු ඝාතකයාගෙන් බේරීමට සියල්ලන් එකට එක්‌ව ආරක්‍ෂිත ස්‌ථානයක රැඳී දිවා රෑ ගෙවා දමමින් කාලය ගත කරන්නට විය. ඔවුහු නිදිවර්ජිතව රැය පහන් කළ අවස්‌ථාද බොහෝ වූහ.

    මෙසේ ප්‍රදේශය පුරා වූයේ දැඩි කැළඹීමකි. එය මේ මොහොත වන විටද ශේෂවී තිබෙන්නකි.

    මේ බිහිසුණු ඝාතකයා කවරෙක්‌ද? ගම්මුන් කියනා පරිදි ඔහු මේ වන විට එකී ගම්මානවල කාන්තාවන් හත් දෙනකුම බිලි ගෙන තිබේද?

    කලු වස්‌ත්‍රයක්‌ හැඳ මුහුණ වසා තියුණු අවියක්‌ද රැගෙන සැරිසරන ඝාතකයෙක්‌. ඇතැම් සටන් චිත්‍රපටවල එන පරිදි ඒ ගම්මානවල මැදිවිය ඉක්‌මවූ කාන්තාවන් බිලිගනිමින් මේ සැරිසරන්නේ අප නොදන්නා නින්ජා වෙක්‌ද?

    එසේ නැතහොත් මේ ගෙතෙන්නේ කවුරුන් හෝ ගැමියකු දුටු එවන් කතාවක චරිතයක්‌ හා බැඳුණු කට කතාවක්‌ද?

    කෙසේ වෙතත් ගමක්‌ පමණක්‌ නොව ගම්මාන කිහිපයකම ජනයා භිතියෙන් මුසපත් කළා වූ මේ සිදුවීම පිළිබඳ අසා දැන නිහඬව සිටිය නොහැකි බැවින්ම ඉකුත් දිනෙක එහි සුළ මුල සොයා අපි පනන්කන්ද ගමමානය වෙත ගියෙමු.

    ඒ ගමනේදී අප මුලින්ම අවධානය යොමු කළේ මේ අරබයා එකී ගම්මාන අයත් බල ප්‍රදේශයේ වන කහවත්ත පොලිසියේ හඬ වෙතය.

    "ඔව් ඔය ගම්මානයද ඇතුළු මේ ප්‍රදේශයේ ඉකුත් 2007 වසරේ සිට කාන්තාවන් හය දෙනකු මරා දමා තිබෙනවා... ඒ ඝාතන සිදුව ඇත්තේ තියුණු අවිවින් කපා කොටා ඉතා භිහිසුණු ලෙසින්...

    මෙහිදී කිව යුතු විශේෂම කරුණ වන්නේ 2007-2008 අතර මැද කාලයේ මෙසේ කාන්තාවන් හතර දෙනකු මිය ගියා.. ඒ මිය ගිය කාන්තාවන් සිව් දෙනා අතරින් දෙදෙනකුම මරා දමා තිබුණේ අතවර කිරීමෙන් අනතුරුව.

    අප එකී මිනිස්‌ ඝාතන පිළිබඳ පුළුල් ලෙස පරීක්‍ෂණ සිදු කළා... අවසානයේ ඒවාට සම්බන්ධ වූ සැකකරු අප අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගෙන ගියා... එහිදී හෙළි වුණා ඔහු මානසික අබාධයක්‌ සහිත අයෙක්‌ කියා.

    ඊට පසුව කහවත්ත ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනකු මරා දැමුණා... ඒ ඝාතනත් සිදුව තිබුණේ තියුණු අවිවලින් කපා දැමීමෙන්... එහිදීත් අප පරීක්‍ෂෂණ පැවැත්වූවා... එහිදී අනාවරණය වුණා ඒවා ඉඩම් ආරාවුල් මුල් කරගෙන සිදුවූ ඝාතන බව...

    ඒවා සම්බන්ධ සැකකරුවන් අප අත්අඩංගුවට ගත්තා... එහෙත් ඒ අවස්‌ථාවේ ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති කමින් අපට ඔවුන් මුදා හරින්නට සිදු වුණා.

    මෙහිදී කැපී පෙනෙන කරුණක්‌ වූයේ මේ සියල් කාන්තාවන් මැදිවිය ඉක්‌මවූවන් වීම. අවසන් වරට සිදුවූ සිදුවීම තමා මේ පනන්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජයන්ති නම් කාන්තාව අතුරුදන් වීම... ඇයත් මැදිවිය ඉක්‌ම වූ කාන්තාවක්‌...

    මෙම සිද්ධියත් සමග ගම්මුන් අතරේ මෙවන් කතාවක්‌ සහ භීෂණයක්‌ පැතිර යැමට එකී සමානතාව හේතු වූවාදැයි සැකයක්‌ පවතිනවා... කෙසේ වෙතත් කිසිවක්‌ බැහැර නොකර අප මේ වන විට පුළුල් විමර්ශනයක්‌ සිදුකරමින් සිටිනවා.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ අදහස්‌ අපට පළ කළේ කහවත්ත පොලිසියේ වත්මන් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාය.

    අප ගිය ඒ ගමනේදී අපට මේ පිළිබඳ අදහස්‌ දැක්‌වූ වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිනී අනෝමා වඩුගේ මහත්මිය අද ඒ ප්‍රදේශවල ඇති තත්ත්වය පිළිබඳ කීවේ මෙවන් කතාවකි.

    "අද මේ ප්‍රදේශයේ ජනතාව තුළ ඇතිවී තිබෙන භීතිය ප්‍රදේශයට විශාල කරදරයක්‌. කාන්තාවන් පැහැරගෙන ගොස්‌ වධ හිංසා පමුණුවා මරා දමන පුද්ගලයකු මේ ප්‍රදේශයේ රහසිගතව සැරිසරන අයුරු ගම්වැසියන් ඇස්‌ දෙකින් දැක තිබෙනවා.. මේ හේතුවෙන් අද මේ ප්‍රදේශවල සිදු කෙරුණු රබර් කිරි කැපීම, තේ දළු නෙළීම, වැනි රැකියාවලට මෙන්ම හේන් වගාව, වතු වැඩ වැනි දේටත් දැඩි බාධා එල්ල වී තිබෙනවා.

    එහෙයින් මේ පවතින තත්ත්වයට යුද හමුදාව යොදා හෝ කෙරෙන මෙහෙයුමක්‌ මගින් විසඳුමක්‌ ලැබෙනවා නම් එය මේ ජනතාවට කෙරෙන විශාල සහනයක්‌.

    මෙම අභිරහස්‌ ඝාතකයා ඇසින් දුටු පහළකිරඹ පදිංචි තරුණයකු වන ලසන්ත ප්‍රදීප් මහතා මේ පිළිබඳ කියා සිටියේ මෙවන් කතාවකි.

    මේ ජයන්ති අක්‌කා අතුරුදන් වීමට පෙර දිනයේ රාත්‍රි මේ කියන අත්භූත පුද්ගලයා කඩුවකට සමාන ආයුධයකුත් තියාගෙන ගමේ බෝක්‌කුවක්‌ උඩ වාඩිවී සිටිනවා මම දැක්‌කා.

    අපි සැකකරන්නේ ඔහු අපරාධ සිදු කර මේ පනන්කන්ද ආරන්‍ය රක්‍ෂිතයේ සැඟවී ඉන්නවා කියායි. කාන්තාවන් තමයි ඔහුගේ ගොදුර වී තිබෙන්නේ.

    මෙකී බිහිසුණු ඝාතකයාගේ ගොදුරක්‌ බවට පත්වීමට ගොස්‌ අනූනවයෙන් ගැලවුණු බව කියනා දන්දෙණිය පන්නිල තේ වත්තේ දළු නෙළන්නියක ලෙස කටයුතු කරන 57 හැවිරිදි එමලින් තමන් ලද භිහිසුණු අද්දැකීම පිළිබඳ කීවේ මෙවන් කතාවකි.

    "එදා මම වැඩ ඉවර වෙලා ගෙදර එනවිට පාරෙදී ඔය කියන හැඩහුරුකම් තියෙන මිනිහෙක්‌ හමුවුණා... එම ප්‍රදේශය හරිම පාලුයි... ඒ මිනිහා මට කිව්වා එයා වවපු කොටුවක එළවලු ගොඩක්‌ තියෙනවා.. සල්ලි එපා එළවළු දෙන්නම්.. එන්න කියලා මට කතා කළා යන්න...

    ඒත් මේ මිනිහා ගැන සැක හිතිලා මම සල්ලි නැහැ හෙට එන්නම් කියලා බේරිලා ආවා.. හෙටත් මේ වෙලාවට එනවද කියලත් එවෙලේ ඒ මිනිහා මගෙන් ඇහුවා...

    මේ ප්‍රදේශයේ ඔය කියන ආකාරයේ පුද්ගලයෙක්‌ ඉන්නවා නම් වහාම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට මා කහවත්ත සහ ඕපනායක පොලිසිවලට උපදෙස්‌ දීලා තිබෙනවා... ඊට අමතරව මේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමකුත් යොදවා තියෙනවා...

    එහෙත් මේ වනතුරුත් එවන් පුද්ගලයකු පිළිබඳ හෝඩුවාවක්‌ හෝ හමුවී නැහැ... මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් ඒ කතාව අපට කීවේ රත්නපුර ප්‍රදේශය භාර වැඩබලන පොලිස්‌ අධිකාරිවයා ලෙස අද කටයුතු කරන එච්. පී . නන්දසේන මහතාය.

    මේ කරුණු කුමක්‌ වුවත් අද එකී භීෂණය හමුවේ එම ගම්මානවල ජිවත් වන අසරණ ගම්වැසියන් පත්ව සිටිනුයේ දැඩි දුෂ්කරතාවකට බව නම් එහි ගිය අපට පැහැදිලිවම පෙනී ගිය කරුණකි. එම ගම්මානවල සියලු රැකියා කටයුතු ඇණ හිට ගොසිනි.

    දැනට අතුරුදන්ව සිටින ජයන්ති නම් වූ ඒ කාන්තාවට සිදු වූයේ කුමක්‌ද? සැබැවින්ම ඇය මේ කියන ආකාරයේ ඝාතකයකුට බිලි වූයේද? එසේ නොමැති නම් ඇයට සිදු වූයේ කුමක්‌ද?

    මේ ගම්මානවල මිනිසුන් භීතියට පත්ව සිටිනුයේ සැබැවින්ම එවන් ඝාතකයකු එහි සැරිසරණ නිසාවෙන්ද? ඔවුන් කියන්නේ සත්‍යයක්‌ද? එසේ නොමැතිනම් එය කාගේ හෝ කටකතාවක ප්‍රතිඵලයක්‌ද? ඔවුන් චෝදනා කරන පරිදි මෙතෙක්‌ සිදු කෙරුණු පොලිසියේ විමර්ශන හරිහැටි සිදුවී නොමැතිද?

    වගකිවයුත්තනි. කරුණ කුමක්‌ හෝ වේවා මේ මිනිසුන් පත්ව සිටිනා තත්ත්වය හමුවේ ඔවුන්ගේ බිය පහකර හරිමින් එවන් ඝාතකයකු සිටී නම් ඔහු අල්ලා ගැනීමේ හෝ එසේත් නොමැති නම් පැහැදිලි යමක්‌ සිදු කිරීම වහා සිදුවිය යුත්තකි. මන්ද ඒ මිනිසුන් ඉන් අද දැඩි සේ විඳවමින් සිටින බැවිනි.


    Code:
    http://www.divaina.com/2011/06/26/feature02.html