අභිරහස් රෝගයක් හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රාන්තයේ පිහිටි "එලුරු" නම් ප්‍රදේශයෙන් මෙම රෝගීන්පසුගිය සති අන්තයේ දී වාර්තා වී ඇත. මෙලෙස වාර්තා වූ රෝගීන්ට සිහිය නැතිවීම සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.
ලෝකයේ දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී සිටින ඉන්දියාවෙන් මෙවැනි අභිරහස් රෝග තත්ත්වයක් වාර්තා වීම එරට සෞඛ්‍ය කේෂ්ත්‍ර මේ වන විට දැඩි අභියෝගයකට මුහුණ පා සිටියි.
අන්ද්‍රා ප්‍රාන්තය කොවිඩ් වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් ඉන්දියාවේ ප්‍රාන්තවලින් එකක් වන අතර මේ වන විට එහි කොවිඩ් රෝගීන් ලක්ෂ 08 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
Source: http://nethnews.lk/article/82008