අභිරහස්_පිරමීඩ

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අභිරහස්_පිරමීඩ

    අභිරහස් ඊජිප්තු පිරමීඩ


    1280x1024-wallpaper-7.jpg




    පිරමීඩ නිර්මාණය


    පිරමීඩ පිළිබඳ පර්යේෂණ හා අධ්‍යයනයන් කිරීමේ අරමුණින් පිහිටුවන ලද The Great Pyramid of Gizah Research Association නමින් හඳුන්වනු ලබන ලොව පුරා 5000 කට වැඩි සාමාජිකත්වයකින් යුතු සංවිධානය විසින් පිරමීඩ පිළිබඳව නවතම සොයාගැනීම් ඉදිරිපත් කර ඇත. මෙම සංවිධානය විසින් කරන ලද ගවේෂණයන්ට අනුව ඔවුන් ප‍්‍රකාශ කරන්නේ, පිරමීඩ ඊජිප්තු ජාතිකයන් නිර්මාණය කරන ලද නිර්මාණයක් නොවන බවයි. ඉහත සඳහන් කළ ආකාරයට පසුකාලීනව ඊජිප්තුව පාලනය කළ රජවරුන්ගේ නම් එම පිරමීඩ වලට ආදේශ කර ඇති බව එම සංවිධානයේ නිගමනයයි. මීට වසර 10000 කට වඩා පැරණි වූ ප‍්‍රාග් ඓතිහාසික කාලවකවානුවක් කරා මෙම සංවිධානයේ ගවේෂණයන් පැතිර ගොස් ඇත. ඊජිප්තු ජාතිකයන් විසින් නොව එම කාල වකවානුවේදී ඊජිප්තුවේ වාසය කළ කෙමිටියන් (Kemitian) නම් වූ ඉතාමත් දියුණු මිනිස් කොට්ඨාශයක් විසින් ලොව පුදුම 7 න් එකක් වන මෙම විශ්ම්ත ඉදිකිරීම කර ඇති බවට ඔවුන් ප‍්‍රකාශ කර ඇත.

    කෙම්ටියන් වරු අනෙකුත් ග‍්‍රහලෝක හා සම්බන්ධ වී සිටි බවට ඔවුන්ගේ න්‍යායාත්මක දැනුම භාවිතා කළ තාක්ෂණය හා උපකරණ මගින් සනාථ වේ. ඊජිප්තු වැසියන් හෝ ලෝකයේ වෙනත් කිසිඳු ශිෂ්ටාචාරයක මෙවැනි දියුණු තාක්ෂණයක් නොතිබුණු බවද මෙම සංවිධානයේ මතය විය. පිරමීඩ ඉදිකිරීම සඳහා භාවිතා කළ ටොන් ගණන් බරැති ගල් එසවීමේදී ගුරුත්වාකර්ෂණය වැලැක්වීම සඳහා ජලය හා ශබ්ද තරංග භාවිතා කර ඇති බවට ප‍්‍රකාශ වේ. සූක්‍ෂම නිරවද්‍යතාවයකින් මෙම සුව්සල් පාෂාණ කැපීමටද මෙම මාධ්‍යයන් 2 භාවිතා කර ඇත.

    බාහිර ග‍්‍රහවස්තුවක සිට වුවද පිරමීඩ මතට වැටෙන ආලෝකය (සඳ වැනි) පරාවර්තනය කිරීමේ හැකියාව ඇති වන පරිද්දෙන් පිරමීඩය මතුපිට ඇති පාෂාණ දර්පණ ලෙස ක‍්‍රියාත්මක වන තරමටම එම පාෂාණ සුමට විය. නමුත් පසු කාලයේදී මෙම සුමට පෘෂ්ටයන් පල්ලි ඉදිකිරීම සඳහා විවිධ රජවරුන් විසින් භාවිතා කරන ලදී. එම නිසා වර්තමානයේදී පිරමීඩ වල දක්නට ඇත්තේ පඩි සහිත මතු පිටකි.

    පිරමීඩයක අභ්‍යන්තර කොටස්



    giza_pyramids.jpg


    පිරමීඩ යනු කුමක්ද ?

    පිරමීඩ යනු ත‍්‍රිකෝණාකාර පැති 4 කින් යුතු ඉහළදී ශීර්ෂ එකතුවන පහළදී සමචතුරස‍්‍රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයකි. ඊජිප්තුව සම්බන්ධව බලන කළ මෙවැනි පිරමීඩ ඉතා විශාල ඒවාය. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුදු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල පිරමීඩය. ඔවුන් තැනූ පිරමීඩ ප‍්‍රමාණය 90 කටත් වඩා වැඩිය. ඒවා රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස තැනූ ඒවාය. නමුත් ඔවුන් වන්දනාමාන පවත්වන ස්ථාන ලෙසද සමහර අවස්ථා වලදී පිරමීඩ යොදා ගැනුණි.

    රටේ පාලකයා මිය ගිය පසු ඔහුගේ මෘත ශරීරය ඉතා පරෙස්සමින් පිළියෙල කොට රෙදි වලින් ඔතා එය මමියක් ලෙස සංරක්ෂණය කොට පිරමීඩ තුළ තැන්පත් කරන ලදී. පුරාණ ඊජිප්තු වැසියන්ගේ මතයට අනුව මමියක් තැන්පත් කර ඇති පිරමීඩය මගින් මිය ගිය අධිරාජ්‍යයාට මරණින් මතු ජීවිතය සඳහා පහසුකම් සපයයි. එම නිසා එකල පූජකවරුන් විවිධ පූජාවන් මගින් මිය ගිය පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් ඉවත් වීම වළක්වා එය සමඟම රඳවා තැබීමට උත්සාහ ගත්හ. මුල් කාලයේදී ගල් කුට්ටි මගින් පිරමීඩ නිර්මාණය කළ ඔවුන් පසු කාලයේදී පස් වලින් තැනූ විශාල ගඩොල් යොදා ගත්හ.


    පිරමීඩ සොයා ගැනීම


    පිරමීඩ ඓතිහාසික වටිනාකමකින් යුතු අපූර්ව වූ ඉදිකිරීමක් ලෙස ශතවර්ෂ ගණනාවක් ගෙවී ගියද එහි අන්තර්ගතය පිළිබඳ ප‍්‍රමාණවත් ගවේෂණයක් සිදු නොකෙරුණි. පසු කාලීනව විටින් විට ශතවර්ෂ ගණනක් තිස්සේ ගවේශණය නොවුනු මෙම පිරමීඩ විවෘත කිරීමට විවිධ පුද්ගලයන් ගත් උත්සාහයන් අසාර්ථක විය. අවසානයේදී අල් මමුම් (Al Mamum) නැමැති ගවේශකයෙකු පිරමීඩයේ එක් ස්ථානයක් තෝරාගෙන එම තැනෙහි ඇති පාෂාණයක් තාපදීප්ත වන තෙක් රත් කොට එයට එකවරම සිසිල් විනාකිරි වත් කිරීම තුළින් එය පුපුරවා හැර මහා පිරමීඩය තුලට ඇතුල් වී ඇත. ඉන්පසුව 16-17 ශතවර්ෂ වලදී මෙම මහා පිරමීඩය තුළට ඇතුල් වූ බොහොමයක් ගවේශකයන් එහි අභ්‍යන්තර පිහිටීම විස්තර කර ඇත. ලෝකයේ පොදු මතය බවට එතෙක් පත්ව තිබූ පිරමීඩ වනාහී රජවරුන්ගේ සොහොන් ගැබ් බවට වූ මතය බිඳ වැටුණි. මෙයට හේතුව වූයේ ගවේශකයන් සිදු කළ ගවේශණ වලදී පිරමීඩ තුළින් කිසිඳු මමියක් හමු නොවීමයි. (නමුත් පසු කාලීනව පිරමීඩ තුළින් මමි සොයා ගෙන ඇත.)

    මෙම පිරමීඩය තුළ වූයේ කිසිඳු කැටයමක් හෝ කිසිඳු සංඛේතයක් නොමැති පෘෂ්ටයක් ඇති පියනක් හෝ නොමැති ගලින් නිමවුනු හිස් පෙට්ටියකි. මෙය ගවේශකයන්ට හමු වී ඇත්තේ රජතුමාගේ කාමරය (King's Chamber) නමින් හඳුන්වන කොටස තුළදීය. මෙම පෙට්ටිය කොෆර් (Coffer) නමින් හඳුන්වනු ලැබේ. සුවිශේෂී දෑ ඇතැයි බලාපොරොත්තු ඇතිව පිරමීඩයට ඇතුළු වූ ගවේශකයන්ගේ කුතුහලය වැඩි වූයේ කිසිඳු වටිනාකමක් ඇති දෙයක් එතුල නොවූ හෙයින් ලෝකයේ ගවේශකයන් පිරමීඩ පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීමට වැඩි උනන්දුවක් දැක්වූහ.


    විශාලතම පිරමීඩය

    පිරමීඩ ලෝකයේ තවත් රටවල ඇතත් වඩාත්ම ප‍්‍රසිද්ධම සහ විශාලතම පිරමීඩ පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 10 ක් පමණ බටහිරෙන් ඇති ගීසා තැනිතලාවේය. මෙහි ඇති පිරමීඩ අතුරින් ද වඩාත් විශාලම සහ ජ්‍යාමිතිකානුකූලව නිවැරදි හා අංගසම්පූර්ණව නිම කර ඇති පිරමීඩය වශයෙන් සැලකෙන්නේ චිඔප්ස් (Cheops) නැමැති පිරමීඩයයි. මෙම පිරමීඩයය අක්කර 13 ක වපසරයක පිහිටා ඇති අතර මෙහි උස අඩි 450 ක් පමණ වේ.

    චිඔප්ස් (Cheops) පිරමීඩය නිමාවී ඇත්තේ ඔපමට්ටම් කරන ලද හුණු ගල් වලිනි. විවිධ ප‍්‍රමාණයන් ගෙන් ඇති මෙම පාෂාණ බරින් ටොන් 2 ත් 70 ත් අතර ඒවා විය. මෙවැනි ගල් 260000 කට වැඩි ප‍්‍රමාණයක් භාවිතා කොට මෙම පිරමීඩය නිර්මාණය කොට ඇත. මෙම පිරමීඩය නිර්මාණය කිරීමේදී සුවිශේෂි කරුණක් ලෙස පාෂාණ 2 ක් අතර පරතරය අඟලකින් 1/5 කටත් වඩා අඩු ලෙස නිර්මාණය කර තිබීම දැක්විය හැක. එකල ගෘහ නිර්මාණ ශිල්පය ඉහල මට්ටමක පැවතුණු බවට මෙම කරුණ ප‍්‍රභල සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැක.

    Cheops%20pyramid%20Cairo.jpg

    Cheops​
    .
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    ඊජිප්තුවේ ගිසාහි පිරමිඩි මුෆ් පාරාවෝගේ පිරමීඩ ලෝකයේ පුදුම හතෙන් එකකි. මීට වසර 4500 කට පෙර තැනුවත් තවමත් ඒවායේ ගල් හා බදාම ඉතා ශක්‌තිමත්ව පවතින බව සඳහන් වේ. අක්‌කර 13 ක්‌ පමණ බිම් ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්තව ඇති පිරමීඩයක්‌ තුළ නූතනයේ දේවස්‌ථාන 05 ක්‌ පමණ තැනිය හැකිය. උසින් අඩි 480 කි. එය තට්‌ටු 40 උසැති ගොඩනැඟිල්ලකට සමාන උසින් යුක්‌ත වේ. මෙම පිරමීඩයක්‌ තුළ ටොන් 2 1/2 සිට 50 ක්‌ දක්‌වා බරින් යුක්‌ත අච්චු ගල් මිලියන දෙකක්‌ තුනක්‌ පමණ ඇත. නැපෝලියන්ගේ ගණිතයට අනුව පිරමීඩයක්‌ තුළ ඇති ගල් හා බදාම එක්‌ කරගත හොත් මුළු ප්‍රංශය වටාම අඩි 10 ක්‌ උසින් හා අඩි 3 ක්‌ පළල තාප්පයක්‌ නිර්මාණය කළ හැකියි. අච්චු ගල් ඉතා සියුම් ලෙස මෙම පිරමීඩ තුළ තැන්පත් කර ඇත. මෙහි ගල් දෙකක්‌ අතර ඇති පරතරය තුළට සියුම් කඩදාසියක්‌ දැමීමට පුළුවන.

    මෙහි තාක්‍ෂණය දෙස බැලුවහොත් පිරමීඩ තුළ ඉහළ බැඳ ඇති අයුරු බැලුවහොත් ඒ සඳහා නවීන තාක්‍ෂණය හා නවීන යන්ත්‍රොපකරණ භාවිත කරන්නට ඇද්ද යන්නද සිහියට නැගේ. එහෙත් ඒ සඳහා ඒ කිසිවක්‌ භාවිත කර නැත. මොවුන් මේවා කර ඇත්තේ ඔවුන්ගේම කාය ශක්‌තියෙන් මිස වෙනයම් කිසිම උපකරණයක්‌ භාවිත කිරීමෙන් නොවේ.

    piramid.jpg

    පිරමීඩයේ ගර්භය නිර්මාණය කිරීම සඳහා උපයෝගි කොට ගත් ගල් විශේෂය ගීසා සානුවෙන්ම රතු රළු ගල්වලින් කපාගත් අතර හුණුගල් ගෙන ඇත්තේ නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරෙනි. මේ තුළ ඇති කුටි එහෙමත් නොමැති නම් කාමර සෑදීම සඳහා යොදාගෙන ඇති ගල් ගෙනැවිත් ඇත්තේ සැතපුම් 600 ක්‌ දුරින් වූ "අස්‌වාන්හි" සිටය.

    මොවුන් කළුගල් කැඩීම සඳහා විශාල කුළුගෙඩි උපයෝගි කරගත්හ. "අස්‌වාන්හි" ගල් වැඩකරුවෝ ඒවායේ දක්‍ෂයෝ වූහ.

    හොඳින් කපාගන්නා ලද අච්චු ගල් විශාල මිනිස්‌ ශ්‍රමයක්‌ මගින් ලීවර උපයෝගි කර ගනිමින් නයිල් ගඟ දිගේ ගෙන යන ලදී. මේවා ගෙන යැමට නයිල් ගඟේ විශාල දිය මඟක්‌ මොවුන් පිරමීඩ භූමිය දක්‌වා උපයෝගි කොට ගෙන ඇත. මෙම දිය මඟ අඩි 60 ක්‌ පමණ පළල විශිෂ්ට නිමැවුමකි.

    අතීත ග්‍රීක විද්‍යාඥයකු වූ හෙරඩෝටස්‌ පවසන අන්දමට මෙම දිය මාර්ගය ද පිරමීඩ තරම්ම විශිෂ්ට නිර්මාණ වේ. පිරමීඩ තනා වසර 2000 කටත් පසුව ක්‍රි. පූ. 5 වන සියවසේ ඒවා නැරඹූ ඔහු මේ බව පවසයි. පූජකයකුගෙන් එම තොරතුරු ඔහු ලබාගෙන ඇත. ඔහු පවසන අන්දමට මෙම දිය මාර්ග තැනීමටත් වසර 10 ක්‌ පමණ ගත වී ඇත. ඊට අමතරව පිරමීඩයක්‌ සඳහා තවත් වසර 20 ක්‌ ගත වී තිබේ.

    මේ සඳහා එකවර ලක්‍ෂයක පමණ කම්කරුවන් පිරිසක්‌ සහභාගි වී ඇත. මාස තුන බැගින් ඔවුන් වැඩෙහි යෙදෙති. පිරමීඩ කර්මාන්තයේ පුදුම සහගතම කාර්ය වන්නේ මේවා හැදීමට උපයෝගි කරගත් අච්චු ගල් මෙපමණ ඉහළට එසවූයේ කෙසේද යන්නය. හෙරඩෝටස්‌ගේ නිගමනය පරිදි ලීවර යොදාගෙන ලී පෝරු මගින් මේවා ඔසවන්නට ඇති බවකි. එසේ සිටු වූවානම් මේ සඳහා වසර 20 කටත් වඩා වැඩි කාලයක්‌ යන බවද සඳහන් වේ. එසේනම් මේවා කළේ කෙසේද? එය අදටත් හෙළි නොවූ රහසකි.

    තවත් සමහරෙක්‌ පවසන්නේ පිරමීඩයේ ඉහළට තැනූ බෑවුම දිගේ මේවා ඇදගෙන යන්නට ඇති බවකි. තවමත් එවැනි බෑවුම් සහිත තාප්පවල නටබුන් දක්‌නට ලැබේ. එම ගල් පවුර තනාගෙන ඇත්තේ බොරළු යොදාගෙනය. ඒ අච්චු ගල් ඇදගෙන යැමේ පහසුවටය. ඒ බොරළු තට්‌ටුව ගෙවීගෙන යැමෙන් අනතුරුව ඒ මත තවත් බොරළු අච්චුවක්‌ අතුරනු ලැබේ.

    මෙම බෑවුම් පවුර පිරමීඩය වටේම දිවයයි. එය සැතපුමක්‌ පමණය. පිරමීඩයකට වඩා වෙහෙසක්‌ ඒ සඳහා ගන්නට ඇති ද යන්න පුදුම සහගතය. මෙතරම් ශ්‍රම බලකායක්‌ රටෙහි ද සිටින්නට ඇත්ද යන්නද විමසා බැලිය යුතුය
    මෙවැනි අති විශාල කර්මාන්තයන්ට ඊජිප්තු වැසියෝ යොමු වූයේ කුමක්‌ සඳහා ද යන්න එක්‌තරා ආකාරයක ප්‍රශ්නයකි. යමකුට මරණින් මතු ද තමාට ජීවත්ව සිටියදී ලැබුණු සැප සම්පත් ආදිය මරණින් පසුද ලැබිය යුතුය යන්න ඔවුන්ගේ මතයයි. එම නිසා මියගිය අයට ඔවුනට අවශ්‍ය දේ දෙන්නට හා ඔවුන් ගැන සොයා බලන්නට ඊජිප්තු වැසියෝ උනන්දු විය.

    එම නිසා මිනිසුන් මියගිය පසු ඔවුන්ව නරක්‌ නොවී තබාගන්නා ක්‍රමයක්‌ ගැන ඔවුහු කල්පනා කළහ. මිනිය විනාශ නොවී තබාගත හොත් එය නැවත ඉපදීමට ද රුකුලක්‌ වන බව ඔවුන් විශ්වාස කළහ.

    3-piramid.jpg


    මියගිය අය වෙනුවෙන් ඔවුන් ආශා කළ හා පරිහරණය කළ දේවල් ඔවුන්ට දෙන්නට ඔවුහු කල්පනා කළහ. රන්, රිදී, මුතු, මැණික්‌ මේ නිසා සොහොන් ගැබක තැන්පත් නොකර ඔවුන්ට සැපපහසු ස්‌ථානයක්‌ පිළිබඳව පාරා රජවරු කල්පනා කළහ.

    පාරාවෝ රජවරු සිදු කළේ ගොඩනැඟිලි තැනීමය. ඔහුට පිරමීඩයේ සැලැස්‌ම හිතට ආවේය. එය ඉතා විශාල ලෙස තැනුවහොත් රජ පරපුරේම මමී හා වස්‌තුව එහි තැබිය හැකි බව ඔවුහු සිතූහ. මේ අනුව විශාල පිරමීඩ සැලසුම් කර ඒවා තුළ රජුට වෙන්වූ වෙනම ශාලාවක්‌ ද තැනීය. රජුගේ මමී තබන ශාලාව අඩි 140 ක්‌ පමණ ඉහළින් පිරමීඩයේ මැද තැනීය. පිරමීඩයේ හදවත එතැනය. එතැනට ඇතුළුවන දොර විශාල ගල් පුවරු යොදා සකස්‌ කෙරිණි. පඩිපෙල් 13 ක්‌ නැඟ ඊට ඇතුළු විය යුතුය.

    ක්‍රි.ව. 820 ඊජිප්තුවේ රජ කළ මුස්‌ලිම් කාලීප්වරයා අබ්දුල්ලා අල් මාමුන් විසින් විශාල පිරමීඩය කඩා විනාශ කරන ලදී. එහි දිරා නොයන සුළු විශේෂිත යකඩ පතුරු තිබී ඇත. නොනැමෙන ඉතා දැඩි වීදුරු ද විය. එහි මාර්ග සියල්ල වැසීගොස්‌ තිබිණි. අමාරුවෙන් හාරා කුඩා අඩි පාරක්‌ මතු කරගත් විද්වත්තු ඒ හරහා බැස රැජිනගේ සොහොන් ගැබ සොයා ගත්හ. එය හිස්‌ව තිබිණි. රජුගේ සොහොන් ගැබ ද හිස්‌ය. මේ සියල්ල සොරුන් විසින් පැහැරගෙන යන්නට ඇති බව මතයයි.

    1763 දී යළිත් මේ පිරමීඩයේ කුඩා මාර්ගයක්‌ හමුවිය. එය අඩි 200 ක්‌ පමණ දික්‌ වූ එකකි. එය රජුගේ සොහොන් ගැබේ සිට ප්‍රධාන ශාලාවට කැපූ මාර්ගයකි. එයින් පිරමීඩය වෙත යන රහස්‌ මාර්ගයක්‌ හමුවී ඇත. පාරාවන්ටත් හොරෙන් එම වස්‌තුව රැගෙන යැම සඳහා සේවකයන් විසින් මෙය තැනූ බව විශ්වාස කෙරේ.

    පසුව 1966 දී තවත් විද්‍යාඥයන් පිරිසක්‌ විකිරණ උපයෝගී කරගෙන පිරමීඩය තුළ පින්තූර ගන්නා ලදී. අද අපට දක්‌නට ලැබෙන තොරතුරු ලබාගත්තේ ඒවායෙන් බව සඳහන් වේ.

    ලොව පුදුම හතෙන් එකක් වන මහා පිරමීඩයත් තවත් පුදුමයක් වන ටජ් මහල් මන්දිරයේ හැඩයත් පිරමීඩාකාර වේ. සමාන පරිවාර පිරමීඩ නවයකින් යුත් මහා පිරමීඩය ආසියා, යුරෝපා, මහාද්වීප 3 ට මැදිව පෘථිවියේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන ඊජිප්තූවේ කයි‍රෝ නුවර ගීසා හි පිහිටා ඇත. මෙම මහා පිරමීඩයට ආරක්ෂාව සපයමින් මිනිස් හිසක් සහිත සිංහ රුවක් ගලින් නෙලා ඇත. කුමන කරුණක් අරභයා මෙය ඉදි කරනු ලැබුවේද යන්න තවමත් අභිරහසකි.


    SPINX%26PYRIMID_JPG.jpg


    egypt_paint.jpg

    egypt_paint
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක

    [
    Aliens.jpg

    1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.
    එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.

    ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ.

    පිරමීඩ හුදෙක් මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද?

    වර්ෂ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ඡාතික තාරකා විද්යා ඥයා විසින් රචිත “විස්මිත පිරමීඩයන්හි අපේ උරුමය”(Our inheritance in the great Pyramid)නම් ග්රවන්ථයේ පිරමීඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක ක්රමමය පිළිබඳ සාකච්ඡා කරයි.ඔහු මෙම ඒකකය “පිරමීඩ අඟල්”(Pyramid inch)ලෙස හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්රි.තාන්යය මෙට්රිික් ඒකක ක්රrමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ අධික නිරවද්යමතාවයකින් යුතු මිනිත ක්රබම භාවිත කිරීමේ හැකියාව ආදී වැසියන්ට ලැබුනේ කෙසේද? පිරමීඩ තුළ ඇති පහත මාලයට බසින ආලින්දය ධ්රැිව තාරකාව (Polaris)ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති බව පිරමීඩ ගවේෂකයන් විශ්වාස කරයි.

    ඊඡිප්තුවේ ගීසාහි ඇති විශාලම පිරමීඩ තුනක් වන කුෆු ,කෆරේ,මෙන්කවුරේ යන පිරමීඩ ඔරායන් තාරකා රාශියේ එක පෙලට ඇති ප්රශධාන තරු තුන නිරූපනය කරන බවත් සමහරකගේ මතයයි.


    to be continued