අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

donta

Member
Jun 11, 2013
2,916
304
0
526752_457489084286479_275429615_n.jpg
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Autumn.In.My.Heart

    endless+love+-+autumn+in+my+heart+-+autumn+tale.jpg

    මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම වැදගත්. මම කියන්නම් කතා සාරාංශය, හැබැයි සැකෙවින්. ඔක්තෝබර් මාසයේ එකම දිනයක බිළිදියන් දෙදෙනෙකු උපදිනවා. එකම දිනයේ තම උපන්දිනය සමරන ඔවුන්, වාසය කරන්නේ එකම ගමේ. ඒ විතරක් නොවෙයි අහම්බෙන් මෙන් ඔවුන් ඉගෙනගන්නේ එකම පාසලේ. එකම පන්තියේ. එක දැරියක් ජීවිතය උපරිමයෙන් රස විදිනවා. ඇ පොහොසත්. දෙමව්පියන්ගේ හා එකම සොහොයුරාගේ ආදරය නිතැතින්ම ඇයට හිමියි. ඈ නමින් ‘ඉන් සූ‘ එහෙත්, ‘ෂින් ඒ‘ නමැති අනිත් දැරියගේ ජීවිතය මිහිපිට අපායක් වගෙයි. අතිශයින්ම දිළිදු ඇගේ ජීවිතය කරදරවලින් බහුලයි.
    එක් දිනක් ඉන් සූ රිය අනතුරකට මුහුන පානවා. එහිදි සිදුකෙරෙන රුධිර පරීක්ෂාවකදී අනාවරනය වෙනවා ඈ උපතේදි අන් කෙනෙකු හා හුවමාරු වී ඇති බව. කෙසේවෙතත්, කරුණු කාරණා අවසානයේ එළිදරව් වී සත්‍යය හිස ඔසවනවා. ඉන් අනතුරුව නීතිය ඔවුන් තම තමන්ගේ නියම දෙමව්පියන් වෙත යොමු කරනවා.ඉන් සූගේ සොයුරා, ජුන් සූ මේ ගැන ඉන්නේ දැඩි කළකිරීමකින්. ඔහුට මෙය කිසිසේත්ම දරාගන්නට බෑ. වසර කිහිපයකට පසුව, අහම්බෙන් ඉන් සූ හා ෂිං ඒ නැවත මුනගැහෙනවා හෝටලයකදී. ඉන් සූ එහි සේවය කරන දුප්පත් සේවිකාවක්. ෂිං ඒ එම හෝට‍ලයේ
    කළමනාකාරිනියක්.දැන් ජුන් සූ ඉතාම සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔහුට දැන් පෙම්වතියක්ද සිටිනවා. දිනක් ඔහුගේ සමීපතම මිත්‍රයෙක් තමාගේ පෙම්වතියව ඔහුට හදුන්වා දෙනවා. ඒ අන් කිසිවෙකු නොවේ, ඉන් සූ, කලකට පෙර ඔවුන්ගෙන් වෙන්වුනු නැගනියයි. එතැන් පටන් මේ බැදීම් නිරායාසයෙන්ම සංකීර්ණ වන්නට පටන්ගන්නවා. ඉන්පසුව ඒවා තීරණාත්මක අවසානයක් දක්වා විහිදෙනවා.
    කලක් අයියා නංගියි යැයි එකිනෙකා හැදිනු ‘ඉන් සූ‘ හා ‘ජුන් සූ‘ පෙම්වතුන් වනවා. මේ අසම්මත ප්‍රේම වෘතාත්නයේ අවසානය කුමක්ද?මෙහෙම යන ටෙලි නාටකය තවත් පසෙකින් වෙනත් කෝණෙනින් තවත් සිදුවීම පෙළක් මත දිව යනව.ධනවත් යෑන් දෙපල දැන් තමන්ගේ සැබෑම දියණිය කවුදැයි දැක හදුනාගන්නවා. චෝයි මහත්මියගේ ජීවිත කතාව කුමක්දැයි සොයා බලද්දි, ඔවුන් වටහා ගන්නවා එය ඉතාමත්මකටුක ජීවිතයක් බව. ඇගේ සැමියා මිය ගිහින්. එකම පුතා මැරයෙක්. එවන් පරිසරයකට කෙසේද තමන් ළග මලක් මෙන් හැදුනු දියණියව තල්ලු කර හරින්නේ?
    යෑන් මහතා මේ අතර ෂිං ඒ වෙත ලංවන්නට උත්සාහ කරනවා. සෙල්ලම් බෝනික්කෙකු ඔහු ෂිං ඒට තිළිණ කරනවා. එහෙත් යෑන් මහත්මිය මේ හදිසි වෙනසට අකමැති බවකුයි දිස්වෙන්නේ. ඇයට මේ සියල්ල හිතට මහ බරක්. අදුරෙන් අදුරටම යන චෝයි මහත්මියගේ ලෝකය මේ සියල්ලෙන් තවත් සසල වනවා. මෙතෙක් තමා ළග හැදුනේ වැඩුනේ තමාගේම දියණිය නොවන බැව් දැනගන්නා ඇය ඉන් මහත් කම්පා ‍‍වෙනවා. අවසානයේ සත්‍ය දැනගන්නා ගැහැණු ළමුන් දෙදෙනාගේ සිත් තුල ඇතිවන්නෙත් සුවිසල් තිගැස්මක්. හදිසියේ මේ සිදුවුයේ කුමක්ද? කෙසේවෙතත්, අවසාන‍යේ ඔවුන් තමන්ගේ උරුමය සොයා යනවා. ෂිං ඒ ඉතාම කැමැත්තෙන් ධනවත් දෙමාපියන් වෙත යනවා. තමාටත් තම සැබෑ මව වෙත යන්නට කාලය එළැඹ ඇති බැව් යුන් සූමෙවන් පැටලවිල්ලක් ඔන්න මම ඔබ හා තනිකර දමා නික්ම යනව.

    එකුස උපන් සොයුරු විලසින්
    පුරා විසි වසරක් පුරාවට
    නිබඳ සෙනෙහස බෙදා ගත්තේ
    එකම මවකගෙ දරු දෙදෙන ලෙස
    වටහා ගත් බව එසේ නැති බව
    පෙමින් වෙළුනේ !
    පසකලා සොයුරු බව
    කෙමින් ගත වුනි මාවතේ දිවි
    අතැර ගියද දිනෙක ඈ ම
    හුදකලා ඔහු දිවි එකළු කළ
    මිනිපහන වූ ඇගේ නියම තතු දැන
    තමා යැදුනට සැරසුනද ඔහු
    වාතලය හැර ගොස් ඇත !
    ඇගේ උණුසුම් හුස්ම පොඳ අඟ
    කුමට ඉන්නද තනිව මෙලොවේ
    පෙති ගිලිහුණ පියුම විලසේ
    සිතනා බැවින් උමතු දෛවයේ
    සරදමට නතු විය ඔහුද මෙලොවේ !

    එළකිරි මචන්

    රේප් 6+

    11.gif
    11.gif
    11.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    අම්මියෝ අපේ අග බිසවයි උප බිසවයි නේද බොලේ මේ.
    මොනවා කියන්නද හිතාගන්න බෑ.
    මම නිකන් සලිත වෙලා ගියා.
    අග බිසවගේ ඇදුම බලපන්කො. එකේ මැහුම් ගැලවිලා.:frown:
    උප බිසව නම් පොඩි කලේ ඇදපු ජංගි කොටයක්ද කොහෙද ඇදලා. :lol:
    මරු ඩබල. දෙන්න හොද යාලුවෝ කියනවානේ ඉස්කෝලේ කලේ ඉදලා :cool:

    :shocked::shocked::shocked:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අම්මියෝ අපේ අග බිසවයි උප බිසවයි නේද බොලේ මේ.
    මොනවා කියන්නද හිතාගන්න බෑ.
    මම නිකන් සලිත වෙලා ගියා.
    අග බිසවගේ ඇදුම බලපන්කො. එකේ මැහුම් ගැලවිලා.:frown:
    උප බිසව නම් පොඩි කලේ ඇදපු ජංගි කොටයක්ද කොහෙද ඇදලා. :lol:
    මරු ඩබල. දෙන්න හොද යාලුවෝ කියනවානේ ඉස්කෝලේ කලේ ඉදලා :cool:

    :shocked::shocked::shocked:
    0.jpg
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අභීත දියණි ඉවර වෙලා සතියක් ගත වෙලා.ඒ එක්කම TV එකත් කැඩුනා.කොහොමත් ඊලග කතාව බලන්ට හිතාගෙන හිටියෙ නෑ.ඔෂීන්ගෙ ඉදලා අවුරුද්දකට වඩා එක දිගටම වගේ 6.30 කතාව බැලුවා.දැන් ඇති....මාර අවුරුද්දක් ඒක.ඔෂීන්ට මගේ මතකයේ හැමදාම ඉඩක් තියනවා.මං හිතුවෙ කතාවකට කියල මගේ හදවතේ,මතකයේ ඉඩක් වෙන්කරන්නේ ඔෂීන්ට විතරයි කියලා.මට ඔෂීන් එච්චරටම වටිනවා.ඒත් මොනව කරන්නද..දොංයී’ත් ආවනේ...
    ඇත්තටම මගේ හිතේ හිටිය ඔෂීන් ලගට දොංයී ආව එකම ඇති දොංයී කතාවෙ තරම වැටහෙන්ට..මට නං දොංයී කියන්නෙ 99%ක්ම පරිපූර්ණ කතාවක්..ෂුවර් ඒකට ගහන්ටනං ආය K-DRAMA නැතිව ඇති.
    කෑලි කප කප හරි,පැය බාගෙක විතර AD යව යව වවාගෙන කාලා හරි,මේ කතා set එක හඬකවල විකාෂය කිරීම ගැන රූපවාහිණියට ස්තුතිවන්ත විය යුතුයි.එහෙම හරි මේවා දැම්මෙ නැත්තං මං වගේ එවුං මෙහෙම කතා තියනවද කියවලත් දන්නෑ. .මොකද මට කොරියන් කතා දිරෙව්වෙනෑ.තාමත් අළුත් කොරියන් ඒව බලන්න හිතෙන්නෙම නෑ.
    හඬකවන එක ලේසි නෑ.original copiයේ කට හෙලවෙනකොට ඒ තේරුම දෙන සිංහල වදන් ගලපිය යුතුයි..ඇත්ත චරිතයට අදාල කට හඬවල් තෝරාගත යුතුයි.උපසිරැසි දැම්මනං කතාව වුවමනාවෙන් බලන කෙනාට තවත් සමීපව,කොරියන් ඌරුවත් හඳුනාගෙන රසවිඳින්න තිබ්බා.ඒත් මේ ලස්සන,පිරිපුන් කතාව හැමදෙනාටම සමීප උනේ,ජාතික එක හම්බකලේ හඬකැව්ව නිසා.. හඬකැවීමේදී යොදාගත් භාෂා ආර ගැන මට නං එච්චර වරදක් පේන්නෑ.ඓතිහාසික කතාවක් නිසා ඊට ගැලපෙන ලෙසට බස හසුරුවා තිබුනා. ඔක්ජෝන්ට නං එළටම හඬකවලා තිබ්බා..මං හිතන්නෙ ඒ ෆර්නි රෝෂණී..ආය ගයුම් කුමාරයාටත්...
    ඇත්තටම දොංයී කතාව තමා රාජ පාලනය කියන්නේ මොකද්ද කියල මට ඉගැන්නුවේ.මං හිතං හිටියෙ රජා කියන්නෙ අන්තඃපුරයට වෙලා අම්බානක ආතල් අරගත්ත රටේම සාරය තනියෙං භුක්ති වින්ද ආත්මාර්තකාමී චරිතයක් කියලයි.ඒත් ඒ තනතුරේ ඇති බරපතලකම,තනිකඩ බව වැටහුනේ දොංයී බලලා.රටකට වග කියන රජෙකුට ආදරය,දරු දුක අභියස මොලොක් විය නොහැකි බව,රජාට උනත් වන්දිභට්ටයින් ගේම දෙද්දී බලා ඉන්ට වෙන අවස්ථා ඇති බව,රජා ජාතික බෝලබස්සන්නෙකු විය යුතුබව,කොටින්ම හොඳ රජෙක් රටට කරන සේවයට අන්තඃපුර 10ක් තිබිලත් මදිබව තේරැණේ දොංයී බලලයි.රාජපාලන විධි හැඩගැසී තිබෙන්නේ රාජ ලෙය රැක ගැනීමට බවයි මට තේරුණේ.
    පන්ති භේදයෙන් බෙලහීනවීමට ගිය රටක් යලි ශක්තිමත් කලේ දොංයීයි.ඇත්ත දොංයීගේ කථාව අනිවාර්යයෙන්ම මීට වඩා රළු,උදාසීන කතාවක් විය යුතුයි.දොංයීට සුක්ජෝන් රජු මෙපමණ ආලය නොකරන්ට ඇති.තනිව කල් ගෙවූ අවසන් කාලය දුක්ඛිත වන්ට ඇති.ඒත් එක් දෙයක් පැහැදිලියි.දොංයී යනු පෙරදිග ඉතිහාසයේ සුවිශේෂී කාන්තා චරිතයක් බව..එය මහා නිර්මාණයක් ලෙස ලොවට හඳුන්වාදුන් දකුණු කොරියාවට,MBC ආයතනයට කෘතඥවිය යුතුයි.
    අන්තිමට කියන්ට තියෙන්නේ පජාත,කුජීත කිය කියා එක එකාට කඩේ ගිහිං හොඳ නිර්මාණ ටිකක් බලපු නැති සෙට් එක ගැන දුකයි කියල තමයි!
    බොහොම ස්තුතියි කියෙව්වට.. ! මේ නූලට තව තවත් ආයුබෝවේවා!
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    On June 21, Han Hyo Joo donated $30,000 to the
    Beautiful Foundation, a non-profit organization. Many senior citizens who live alone do
    not have fans or thin blankets for the summer.
    And today, she visits seodaemun seniors centre, for giving 500 elderly people
    Seolleongtang (korean Beef Bone Soup) and entertaining them.
    She said" thanks for you've eaten and thanks be healthy on summer day".
    (look, she even carry herself in the middle of the rain, she's really beautiful inside and out ♥)

    969162_10151731769118838_101132014_n.jpg

    fan page එකේ තිබ්බ ඒක ඒ විදිහටම දැම්මේ හොදේ. කිසිම පිළිසරණක් නැතුව තනියම ජීවත්
    වෙන වැඩිහිටියන් වෙනුවෙන් අපේ දොන් යි ඩොලර් 30,000 පරිත්‍යාග කරලා. ඇත්තටම හොද වැඩක් නේද. ගොඩක් වටිනා වැඩක්.

    source : Han Hyo joo FB fan page
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K