මතකද කතාවේ පලවෙනි කොටසේ ආරම්භක දර්ශනය.
Jang Ik-Hyun අමාත්‍ය තුමාගේ ඝාතනය. පොඩ්ඩක් මතක් කරගමුද?
![]()
image source : internet


මතකද කතාවේ පලවෙනි කොටසේ ආරම්භක දර්ශනය.
Jang Ik-Hyun අමාත්‍ය තුමාගේ ඝාතනය. පොඩ්ඩක් මතක් කරගමුද?
![]()
image source : internet


උබ බලලා තියනවද මේ කතාව? මේක love story එකක්ද ?
![]()

![]()
![]()
මේ thread එක මගේ එළකිරි ජීවිතේ වැදගත් සන්ධිස්ථානයක්. මෙගේ වැඩිම දුරක් ආව thread එක තමා මේ thread එක. මේ ආපු දුර ගමනට එක ප්‍රදානම හේතුවක් තමා රන්දික මෙන්ඩිස් සහෝදරයා. thread එකට අලුතෙන් එකතු වෙන්න ඕනේ දේවල් ගැන මුලින්ම මට අදහසක් දුන්නේ අපේ රන්දි. ඒවගේ එයා දන්නා අලුත් දේවල් ගොඩක් අපිත් එක්ක මේ thread එකෙන් බෙදාගත්තා. මේක දිගට කරගන යන්න ඒක මට ලොකු ශක්තියක් උනා. කතාව ගැන විතරක් තිබුන thread ඒක දනුම ලබාගන්න පුළුවන් තැනක් කරන්න රන්දි ලොකු සහයෝගයක් දුන්නා.
ඇත්තටම රන්දි සමු ගන්න ඒක මේ thread එකට විතරක් නෙමේ එළකිරියට ලොකු පාඩුවක් . එත් මචෝ උබේ අනාගතේ වෙනුවෙන් ඔයාගේ වැඩත් හොදට කරගන්න ඕනේ. එනිසා උබේ සියලුම ඉදිරි කටුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා. ඇත්තටම එලකිරියෙන් සමු අරන් ඉන්න කලේ පොඩි කාලයක්ම වෙන්න කියලත් පාර්ථනා කරනවා.
මම මේ කතාවට ගොඩක් ආදරේ කරනවා. එනිසා මම මට පුළුවන් විදිහට දිගටම වැඩේ කරගන යනවා. ඉඩ ලැබුන හැම වෙලාවකම එළකිරියත් එක්ක එකතු වෙන්න කියලත් ඉල්ලනවා මචන්.
සුභ අනාගතයක් සහෝදරයා.
![]()
![]()


මම කලින් මතු කරන්න හැදුවේ කොරියානු රජ පෙළපතින් එහාට ගිය වෙනස් තේමාවක කතාවක් පෙන්නලා මේ කතාව පෙන්නුවා නම් තවත් ප්‍රේක්ෂක අක්ර්ෂණය ලැබෙයි කියන ඒක. රන්දී කිව කතාවට මත් එකගයි. මේ කතා ලංකාවේ ටෙලිනාට්‍ය වලට ලොකු තර්ජනයක් වෙයි. හැබැයි ඒක අනාගතයේ ලංකාවේ ටෙලිනාට්‍ය දියුනුවට යොදාගන්න පුළුවන් අපේ නිර්මාණ කරුවන් හරියට කල්පනා කරලා වැඩ කලොත්. එත් වෙයිද කියන ඒක ඒක තම ගැටලුව. අපේ රටේ ටෙලි කලාවේ අනාගතය ගැනත් ඔයාලගේ අදහස් ගොඩක් වැදගත් වෙයි.
ape rate tele drama supiriyatama hadanawa eth eka film ekakwath hariyata gahanna ba hena gon widihata hadanne teledrama walata hoda anagathayak thiyenawa film walatanam henagahala yanawa eka nisa thamai man koriya drama walata godak kamathi kiwwata kawuruth wiswasa karanne na mata sujatha diyani kathawa balanna bari una man eke kotas 78 downlod karala baluwa ape rate yana gon joke thiyena film balanawata wada ehema drama 1k balala apita deyak igena ganna puluwan kiyala hithenawa
මට හිතෙන විදිහට ලංකාවේ හදපු ටෙලි නාට්‍ය කීපයක් ඇරුනම ගොඩක් ඒවගේ ගන්න කිසිම දෙයක් නැ.
ගොඩක් ඉස්සර අර පලිඟු මැණිකේ, දඩුබස්නානමනය, ආකාළ සන්ද්‍යා වගේ නාට්‍ය යන කලේ නම් අපේ නාට්‍ය ගැන සුබවාදී අනාගතයක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් කම තිබ්බා. එත් දැන් යන ඒක ටෙලි නාට්‍යක් ගැනවත් මගේ කිසි පැහැදීමක් නෑ. ඉදල හිටලා ටිකක් හරි හොද එකක් ගියත් ඒක බලන්නෙත් නෑ මොකද මිනිස්සු දැන් අපේ නිර්මාණ බලන එකෙන් ඇත් වෙලා බහුතරයක් යන්නේ හරයක් නැති දේවල් නිසා. ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ගැනත් ඔය විදිහටම තාම කියන්න තියෙන්නේ.
විදේශ චිත්‍රපට සහ ටෙලි කතා මෙතරම් ජනතාව වැළඳ ගන්නේ ඉතින් ලංකාවේ කතා වල තියන මේ අඩුපාඩු නිසානේ. අපේ රටේ නිර්මාණ බහුතරයක ගුණාත්මක බව අඩු උනාට ජනතාවගේ රසවින්දන ශකිතියේ අඩුවක් වෙලා නැ. ලංකාවේ ඉදිරියටවත් ගුණාත්මක නිර්මාණ බිහි නොවුනොත් ජනතාව අපේ නිර්මාණ වලින් තවත් ඈත්වෙලා යයි. දැන් ඔහේ මොකක් හරි නිර්මාණයක් කරලා මිනුස්සු රවට්ටන්න අමාරුයි. මොකද අන්තර්ජාලය හරහා ලෝකේ ඕනෙම තැනක ඇති හොද නිර්මාණ රස විදීමේ හැකියාව අපිට තියනවා. එනිසා අනිවාර්යෙන්ම අපේ රටේ නිර්මාණත් විදේශ නිර්මාණ වලට පොඩි හරි තරගයක් දෙන්න පුළුවන් විදිහට නිර්මාණය කරන්නම වෙනවා.
මචෝ ඊලග කතා උබ කිව විදිහට yi san නෙමේ වගේ. බොහෝ විට Holy Pearl වෙයි.

