අමතක නොවන පෙබරවාරි දහසය
මිනිසකුගේ ජීවිතයේ උත්පත්තියේ සිට සිය ජීවිත කාලය පුරාම සුන්දර ලෙස ජීවත්වීමට සැවොම ප්රියතාවක් දක්වති.
සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව නම් සිනමා පටයෙන් ආරම්භ කළ ඔහුගේ සිනමා රංගනය පසු කලෙක චිත්රපට සිය ගණනක් පුරා විහිදී ගියේ ය. එමෙන්ම ගායන දක්ෂතා ඉදිරිපත් කරන ලද්දේ සංගීතය හැදෑරීමකින් තොරව සැබෑ දක්ෂකමින් ය.
සීදූව නම් ගම් පියසේ ලංකා සම සමාජ පක්ෂයේ අදහස් අනුව සමාජයමය දේශපාලනයට අවතීර්ණ වූ මොහු ශ්රී ලංකා නිදහස් පක්ෂය හරහා ක්රියාකාරී දේශපාලනයට අවතීර්ණ විය. එහි දී සමහර කොටස්කරුවන්ගේ ආත්මාර්ථකාමී අදහස්වලට විරුද්ධව නැඟී සිට අවසානයේ 1984 ජනවාරි මස 22 වැනි දින ශ්රී ලංකා මහජන පක්ෂය බිහිකිරීම සිදු විය.
ඔහුගේ දේශපාලන ජීවිතය එසේ නැතිනම් ඔහුගේම අදහසින් ප්රකාශ කරන විට දේශ සේවයේ දී වඩාත් අවධානය යොමු වූයේ උතුරු, නැඟෙනහිර ජනවාර්ගික අර්බුදය සම්බන්ධව ඔහු දැරූ මතවාදයයි. අවංකව උත්සාහවන්තව ඔහු උතුරේ ගිනිදලු අතරින් යාපා පටුනට ගියේ හමුදා සොල්දාදුවන් දෙදෙනකුගේ ජීවිත බේරාගැනීමට ය. එය වැරැදි අවබෝධයකින් දුටු පිරිස නොයෙකුත් කතා ගොනු කිරීම ද සිදු විය.
වර්තමානයේ රටේ සමඟිය, සාමය ඇති වී තිබුණ ද එය දැක බලාගැනීමට ඔහු ජීවතුන් අතර නොමැතිකම ශෝකජනකය. මෙසේ සොඳුරුතම ජීවිතයක් ගත කරන මිනිසකුගේ අසුන්දරතම දවස එළැඹෙන්නේ 1988 පෙබරවාරි මස 16 වැනි දිනයයි.
මිනිසකු ලෙස ඉපිද සැබෑ මිනිසකු ලෙස ජීවිත් වෙමින් තමන් උපන් රටට සේවයක් කිරීමට පෙළඹුණේ ගමේ ප්රාදේශීය සභා මන්ත්රී ධුරයක්වත් හිමි කර නොගෙනය. තමන් ජීවත්වන කාල සීමාවේ දී සමහරුන් සේවය කරනුයේ වර්තමානය ගැන පමණක් සිතා ය.
තව වසර දෙකකින් ආදරණීය විජය කුමාරතුංගයන් ඝාතනය කොට දශක තුනකි. ජීවත්ව සිටි වසර 43ක කාලයට වඩා ඔහු පිළිබඳ සිහිපත් කිරීම වසරින් වසර වැඩි බවක් දක්නට ඇත. මෙය පෙබරවාරි දහසය දිනය අමතක නොවීමට තවත් එක් හේතුවක් පමණි.
Source : vigasapuwath

Last edited: