අමතක නොවීම පිණිස.....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අමතක නොවීම පිණිස.....

    ඉන්දියානු සාහිත්‍යයේ අරුන්දතී මුද්‍රාව

    0XNumU.jpg


    ඇය ලේඛිකාවක් ,සාහිත්‍යවේදිනියක් ,විචාරකයෙක් මෙන්ම ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක් .
    "The God of small things" නම් නවකතාව තුළින් ජාත්‍යන්තරයේ අභිසෙස් ලැබූ ඈ,
    නමින් "අරුන්දතී රෝයි".වර්ෂ 1961 දී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ශිලෝන් (වර්ථමාන මෙගාලයා)
    ප්‍රදේශයේ උපත ලැබූ 'සුසන්නා අරුන්දතී රෝයි' දැරියගේ ළමා කාලය මව්පිය අරගලයන්ට මැදිව ගෙවුනක් විය.
    හින්දු භක්තිකයෙක් වූ ඇගේ පියා වතු කළමනාකාරයෙක් වූ අතර මව ක්‍රිස්තියානි ලබ්ධිකයෙක් විය.
    ඇය කුඩා කාලයේදීම ඇගේ මව් පියන් වෙන්වූ අතර සිය සොහොයුරා හා මව සමගින් කේරළ ප්‍රාන්තයේ සිය මවගේ නිවසේ හැදී වැඩිණි.
    තුරුණු වියේ සිටම ලේඛන කලාවට හා මාධ්‍යකරණයට ඇල්මක් දැක්වූ අරුන්දතී සිය උසස් අධ්‍යාපනය ලෙස ගෘහ නිර්මාණ ශිල්පය හදාරන ලදී.
    වර්ෂ 1984 දී ස්වාධින චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ 'ප්‍රදීප් ක්‍රිශේන් 'ගේ හමුව ඇගේ දිවියේ නව පිටුවක් පෙරළිය.
    ඔහුත් සමගින් එකතුවී සම්මාන දිනු චිත්‍රපට මෙන්ම රුපවාහිනී වැඩසටහන් සඳහාද දායක විය.
    පසුව ඔහු සමගින් ජීවිතයේ නව පරිච්ජේදයක් ඇරඹු ඇය වඩාත් මාධ්‍යකරණයට නැඹුරු විය.
    කෙසේ වෙතත් ඔවුන්ගේ කැදැල්ල බොහෝ ඉක්මනින් විසිරි ගිය අතර ඇය ඉන්පසු ලේඛන කලාවට වඩාත් නැඹුරු විය.
    වර්ෂ 1996 දී අවසන් කරනු ලැබූ ඇගේ ප්‍රථම නවකතාව "The God of small things" ලෝක සාහිත්‍ය කැළඹු කෘතියක් ලෙස සැලකේ.
    මසක පමණ කෙටි කාලයක් ඇතුලත රටවල් 18 දී පලකරනු ලැබූ මේ නවකතාව පිලිබඳව 'නිව්යෝක් ටයිම්ස්' 'ටොරොන්ටෝ ස්ටාර් ' වැනි කුප්‍රකට පත්‍ර හා සඟරා වල මුල් පිටුවලම පළ විය.
    1997 දී ලොව වැඩිම අලෙවියක් වාර්තා කල ග්‍රන්ථ පහ ඇතුලත අරුන්දතී රෝයි තම මුද්‍රාව තබන්නට සමත් විය.මෙම නවකතාව '' ද මෑන් බුකර්" සම්මානයෙන් පිදුම් ලැබීය.
    නුතන ඉන්දියාවේ සාහිත්‍ය වංශකතාවේ පෙළහර පාන ''අරුන්දතී රෝයි " නම් වූ ඒ සාහිත්‍යවෙදිනියගේ පුංචි කවි පෙලකින් අවසන් කරන්නම්..........
    ............................

    අමතක නොවීම පිණිස.....

    ආදරය කරන්න
    ආදරය ලබන්න
    ඔබේ නොවැදගත්බව අමතක නොවීමට
    ඔබ වටා ඇති අසමානතාවය හා ග්‍රාම්‍ය බව ......
    දුක්බරම තැන ඇති සතුට
    හඹායන්න ඒ ලස්සන
    සංකීර්ණත්වය තුල ඇති සරල බවත්
    සරල දේ තුල සංකීර්ණත්වයත්
    ශක්තියට පමණක් ,නොව බලයට
    ගරු කරන්න,
    සියලු දේට වඩා දකින්න
    උත්සහා කරන්න ,තේරුම් ගන්න
    කිසිදා අහක නොබලන්න
    කිසිදා අමතක නොවන්නට..............


    gEVXIJ.jpg


    තොරතුරු අන්තර්ජාලය තුලින්. ස්තුතිය මිත්‍ර '' ඩොමා ට ''
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආදරය කරන්න
    ආදරය ලබන්න
    ඔබේ නොවැදගත්බව අමතක නොවීමට
    ඔබ වටා ඇති අසමානතාවය හා ග්‍රාම්‍ය බව ......
    දුක්බරම තැන ඇති සතුට
    හඹායන්න ඒ ලස්සන
    සංකීර්ණත්වය තුල ඇති සරල බවත්
    සරල දේ තුල සංකීර්ණත්වයත්
    ශක්තියට පමණක් ,නොව බලයට
    ගරු කරන්න,
    සියලු දේට වඩා දකින්න
    උත්සහා කරන්න ,තේරුම් ගන්න
    කිසිදා අහක නොබලන්න
    කිසිදා අමතක නොවන්නට..............
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :D TFS machn..! Jaya..!

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    Tfs.. :)

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    :(


    ආදරය කරන්න
    ආදරය ලබන්න
    ඔබේ නොවැදගත්බව අමතක නොවීමට
    ඔබ වටා ඇති අසමානතාවය හා ග්‍රාම්‍ය බව ......
    දුක්බරම තැන ඇති සතුට
    හඹායන්න ඒ ලස්සන
    සංකීර්ණත්වය තුල ඇති සරල බවත්
    සරල දේ තුල සංකීර්ණත්වයත්
    ශක්තියට පමණක් ,නොව බලයට
    ගරු කරන්න,
    සියලු දේට වඩා දකින්න
    උත්සහා කරන්න ,තේරුම් ගන්න
    කිසිදා අහක නොබලන්න
    කිසිදා අමතක නොවන්නට..............



    tfs dodo...!

    එල+17


    Thanks All........:):)
     
    • Like
    Reactions: Good Heart