අමතක වු පුරෝගාමියා

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    අමතක වු පුරෝගාමියා

    අමතක වු පුරෝගාමියා

    අපි කොතරම් චන්ද්‍රිකා..... අභ්‍යවකාශ යානා........ ගැන කතා කලත් සැමටම අමතක වෙන එක් දෙයක් තියනවා ඒ "රොකට්‍ටුව".. අභ්‍යවකාශ යුගයේ ආරම්භය රොකට්‍ටුව සොයා ගැනීමයි.... මේ ලිපිය නෙමෙයි මම නූලක දාන්න හිටියෙ නමුත් රොකට් එකට කරන මහා අසාදාරනයක් නිසා මේ ලිපිය ඉස්සර කරනවා..... ඊලග ලිපිය ගැන පැහැදිලි ඉගියක් දෙනවා පුලුවන් නම් ඒක මොකක්ද කියලා කොමන්ට් කරපල්ලා.... වල් පල් ඉවරයි....දැන් කතාව

    SfCy2h4.jpg


    රොකට් එක කියන්නේ අද ඉදන් අවුරුදු 2000 පමන පෙර සිට දියුනු වෙමින් එන විද්‍යාවක් කියලා කීවොත් හරි කියලා හිතනවා. රොකට් එක යනු කියලා හදුන්වන්න මට තේරෙන් නෑ ඉතිං

    ඉතිහාසය
    රොකට්‍ටුවක් ගැන ඈතම සාක්කිය වාර්තා වෙන්නේ ක්‍රි.පූ 428 ත් 347 අතර කාලය අතර ග්‍රීක තාරකා විද්‍යාඥයකු, ගනිතඥයකු වු Archytas ගෙනි ඔහු කුරුල්ලෙකුට සමාන වු යන්ත්‍රයක් සාදා ගුවන් ගත කලා කියන එක මේක තමයි රොකට් ප්‍රචාලන නැත්නම් පැද්වීම ගැන මුල්ම සාදකය කියලා කියන්නේ(තාක්ශනය,ඉන්දන ගැන සදහනක් හොය ගන්න බැරි වුනා.මේ වගේ එකක් ඩා වින්සී ඩීමන් එකේ දැක්කා)
    l9HXHEb.png
    K1ojFkp.png


    හීරෝගේ එන්ජිම
    ක්‍රි.ව 10 ත් 70 අතර කාලය තුල ඇලෙක්සැන්ඩ්‍රියාවේ හීරෝ කියන මහත්තයා වාශ්ප එන්ජිමක් හදලා මෙකත් ටිකක් රොකට් එන්ජිමක් වාගේ රොකට් මූලදර්ම මත තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ...

    චීන්නු
    ගොඩක් අය දන්න රොකට් ආරම්භකයෙක් තමයි චීන්නු කියන්නේ ඒ ක්‍රි.ව 1232 කාලයකට ඉහතදී ඔවුන් වෙඩි ලුනු,ගෙන්දගම්,අගුරු යොදා සැදු මිශ්‍රනයක් ආදාරයෙන් වෙඩි බෙහෙත් සැදීමට සමත් වීය ඒවා එක් අන්තයක් වැසු උන බම්බු වලට යොදා ගිනිකෙලි පැවැත් වු බව කියයි තවද වෙඩි බෙහෙත් පිරවු උන බම්බු මුලට ඊතල ගැට ගසා ආයුද වශයෙන්ද භාවිතා කර ඇත

    NxuSWsx.png


    නූතන රොකට් ව්ද්‍යාවේ ප්‍රමුඛයන් කීපදෙනෙක් ගැන කියන්නම් .. මීට වඩා ගොඩාක් අය ඉන්නවා ඔක්කොම ගැන කියන්න ගියොත් වැඩේ අල වෙනවා

    ගැලීලියෝ ගැලීලි
    රොකට් පමනක්ම නෙමෙයි ගොඩාක් දේවල් ගැන කියපු හදපු සොයාගත් විද්වතෙක් මම ගොඩක් කියන්න යන්නෑ www.google.lk මෙතුමාව හම්බෙන්න මට වඩා හොදට කියලා තියනවා

    aPnbH1x.png
    5egBr4O.png


    ස්ර් අයිසෙක් න්වුටන්
    චලිතය ගැන නියමයන් තුන හොයා ගත්තේ මෙතුමා ඒ නියමයන් තමයි රොකට් විද්‍යාවේ මූලධර්ම වෙන්නේ(නියමයන් තුන දන්නවානේ):lol::lol:

    ජූල්ස් වර්න්
    මෙයා නම් රොකට් හැදුවේ නම් නෑ ඒත් එයාගේ විද්්‍යා ප්‍රබන්ධ වල රොකට්‍ටු ගැන හද ගමන ගැන කීවා ඒවා ගැන හිතලාවත් නැති කාලෙකදී

    රොබර්ට් එච් ගොඩාර්ඩ්
    මේ ඇමරිකන් මහත්තයා තමයි පලවෙනි ද්‍රව ඉන්දන රොකට්‍ටුව හදපු මහත්තයා එම රොකට්‍ටුව ගුවන් ගත කලේ 1926 මාර්තු 16 වෙනිදා මීටර් 12.5 උඩ මේ රොකට් එක ගියාලු

    5znmu8C.png
    Xi7IyPs.png


    ආචාර්ය වර්නර් වොන් බ්‍රොන්
    මෙතුමා රොකට් එක හදන්න මුලිකව ක්‍රියා කරපු විද්වතෙක් ඒ වාගේම ඇමරිකානු අභ්‍යවකාශ හීනය හැබෑ වෙන්න දර දිය ඇදපු රොකට් විද්වතෙක්
    තවද රොකට් දියුනු වීමට 2 ලොක යුද්ධයත් බලපෑවා

    අභ්‍යවකාශ යුගය දෙවනත් කල රොකට් කීපයක්

    වී 2 (V 2)
    මේක තමයි පලවෙනි බැලස්ටික් මිසයිලය. ඒ වගේම අප වායුගෝලය පසු කිරීමට හැකියාව තිබු පලමු රොකට්‍ටුව තමයි මෙයා.....

    jzgaINW.png
    m9HVvS9.png


    ස්පුට්නික්
    චන්ද්‍රිකා යුගය ආරම්භ කරන්න මුලික උන රොකට් එක තමයි ස්පුට්නික් කියන්නේ(ස්පුට්නික් චන්ද්‍රිකාවේ නමම තමයි රොකට් එකටත් දාලා තියෙන්නේ )

    ජුනෝ 1 (Juno 1)
    ඇමරිකන් සැටල්යිට් යුගයේ ආරම්භ කල රොකට්‍ටුව

    වොස්ටොක් (Vostok 1)

    මිනිසකු අභ්‍යවකාශයට ගෙනගිය රොකට්‍ටුව (යුරී ගගාරින්)

    සද රොකට්‍ටුව (Saturn V)
    පුද්ගලිකව පට්ට කැමතිම ආසම රොකට් එක "සැටර්න් වී" තමයි මේ රොකට් එකේ නම ඇත්තට ඒ කාලේ හැටියට අතිවිශාල බලයක් තාක්ශනයක් තිබුන රොකට් එකක් අඩි 363 උස මේ යොධයාට කි.ගෑ 117,900 බරක් පෘතුවි කක්ශයටත් කි.ගෑ 40,800 සදට ගෙනයාමටත් හැකියාව තිබුනේය.සියළු ඇපලෝ මෙහෙයුම් ස්කයි ලැබ් මෙහෙයුම් මේ රොකට්‍ටුව ආදාරයෙන් කර තිබේ.අදියර 3 යුක්ත වීය

    jGKh081.jpg


    v2WleS7.png


    ටයිටන් (Titan)
    පෘතුවි කක්ශයෙන් පිටතට යානා යැවීමට යොදා ගන්නා ඇමරිකානු රොකට්‍ටුවකි බූස්ටර් යුගලකින් මූලික අදියර සකසා ඇත..අගහරු මෙහෙයුම් බ්‍රහස්පතිට කල වයිකිං මෙහෙයුම් සහ වෙයොජර් මෙහෙයුම් මේ රොකට්‍ටුවෙන් කල විශේශ මෙහෙයුම් වේ

    N9m1BEk.png


    ශටල (shutle)
    අපි ඔක්කොමලා වගේ මේ ගැන දන්නවා අවු 30 ආයු වලදා (1981-2011) දැන් නවතා ඇති නැවත භාවිත කල හැකි රොකට්‍ටු විශේශයක් තමයි ශටල කියන්නේ

    a9Xham6.png


    ඩෙල්ටා සහ ඇට්ලස් කියන්නෙත් ටිකක් විතර කැපී පෙන්න තියන ඇමරිකානු රොකට්‍ටු දෙකක් ඒ වාගේම සොයුස් රොකට්‍ටුවත් දිගු ඉතිහාසයක් තියන අදටත් භාවිතාවන රොකට්‍ටු විහ්ශේශයක් කියන්න පුලුවන් ....... උඩට යවන යානා ගැන කීවට රොකට් එක ගැන කියන්නම අමතක වෙනවා එකයි රොකට් ගැන දැම්මේ

    රොකට් වල අනාගතය ගැන වෙන ලිපියකින් දාන්නම්.... මගේ ඊ ලග ලිපිය මොකක්ද කියලා කලින් ලිපියෙයි මෙකෙයි ඉගියක් දාලා තියනවා................ එහෙනම් අදට ඉවරයි
    ජයෙන් ජය......








     
    Last edited: