අමරණීය චරිතයක් බවට පත් වූ සැබෑ තරුණයා

04490

Member
Sep 8, 2008
169
18
0
අමරණීය චරිතයක් බවට පත් වූ සැබෑ තරුණයා

අමරණීය චරිතයක් බවට පත් වූ සැබෑ තරුණයා : ටින්ටින්ගේ චරිතයට පාදක වූ වයස 16 දී ලොව වටා ගිය පෝල්


ටින්ටින්ගේ චරිතයට පාදක වෙච්ච එක චරිතයක් තමයි, ඩෙන්මාර්කයේ හෙලර්රප්වල උපන් පෝල් හල්ඞ්. Palle Huld 1912 අගෝස්තු 2 වැනිදා උපන් ඔහුට අවුරුදු දහසයේ දී, ඔහුට වාසනාව පෑදුනා ලෝක සවාරියක් යන්න.

1.jpg


ඒක සිද්ධ වුනේ මෙහෙමයි. ඩෙන්මාර්කයේ ‘පොලිටිකින්’ කියල පුවත්පතක් 1928 පෙබරවාරියේ දී ප‍්‍රංශ ජාතික මහා ලේඛක ජූල්ස් වර්න්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් තරුණයන් අතර පමණක් තරගයක් පැවැත්තුවා. ඒ තරගයට ඉදිරිපත් වූ යෞවනයන් සිය ගණනක් අතරින් තේරුණේ පෝල් හල්ඞ්. ඒ තරගයේ හැටියට තෑග්ගට හිමි වුණේ ලෝක සවාරියක්. ජයග‍්‍රාහකයාට දින 46කින් ලෝකය වටේ යන්න අවශ්‍ය ගමන් වියදම් සියල්ල ලැබුණා. හැබැයි යන්න ඕනෑ තනියමයි. ගුවනින් හැර වෙනත් ඕනෑම මාධ්‍යයක් මේ සඳහා තෝරා ගන්න ජයග‍්‍රාහකයාට අවසර ලැබුණා.

2.jpg

මේ දිනුම හිමි වන විට පෝල්ට අවුරුදු 16 පිරිලා තිබුණෙත් නැහැ. ඔහු ඒ වන විට මෝටර් රථ අළෙවි කරන සමාගමක ආධුනික ලිපිකරුවකු ලෙසයි වැඩ කළේ. මාර්තු 1 වැනිදා ඔහු සිය ලෝක සවාරිය පටන් ගත්තා. එංගලන්තය, ස්කොට්ලන්තය, කැනඩාව, ජපානය, සෝවියට් දේශය, පෝලන්තය හා ජර්මනිය හරහා ඔහු සිය ලෝකය වටේ යන ගමන සම්පූර්ණ කළා. තනිවම ගිය මේ ගමනට ඔහුට දවස් 44යි ගතවුණේ. ආපසු ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට ඔහු එන විට එහි දුම්රිය පොළට විශාල ජනකායක් රැස්ව සිටියා, මේ තරුණ වීරයා පිළිගන්න. ඔහු ජයඝෝෂා නඟා පිළිගන්න විසි දහසකට වැඩි පිරිසක් රැස්ව සිටි බවයි, වාර්තාවල සඳහන් වෙන්නෙ.

3.jpg

මේ පුංචි වීරයාගේ සංචාරය ගැන ඡායාරූප ‘පොලිටිකින්’ පුවත්පතේ පළ වුණා. ඒ ගමනේ දී ඔහු සෝවියට් දේශයේ රතු චතුරස‍්‍රය ඉදිරියේ සිට ගෙන ඉන්නා පින්තූරයක පෝල් හල්ඞ් සිටි ආකාරය අනුවයි, හර්ජි සිය ටින්ටින් වීරයාගේ ස්වරූපය මුල්ම ටින්ටින් චිත‍්‍රකතාවට යොදා ගත්තේ. පෝල්ගේ පින්තූරය ඒ තරමටම හර්ජිගේ සිත් ගත්තා. ඒ නිසා අමරණීය චිත‍්‍රකතා චරිතය සමගම පෝල් හල්ඞ්ගේ නමත් අමරණීය වුණා.

5.jpg

පෝල් හල්ඞ් ඒ ගමනේ අත්දැකීම් පුවත්පත්වලට ලීවා. පසුව ලේඛකයකු වශයෙන් පමණක් නොව නළුවකු වශයෙන් ද ඔහු ප‍්‍රසිද්ධ වුණා. 1933 සිට 2000 දක්වා ඔහු රඟපෑ චිත‍්‍රපට ගණන 40ක්. ඔහු මිය ගියේ 2010 නොවැම්බර් 26 වැනිදායි.

4.jpg

අවසාන වශයෙන් තවත් කිවයුතු දෙයක් තියෙනවා. ඒ ටින්ටින්ගේ චරිතය නිර්මාණය කිරීමේ දී හර්ජි (ජෝර්ජ් රෙමී) තමා පි‍්‍රය කළ තවත් කෙනෙකුගේ චරිත ලක්ෂණවලින් කොටසකුත් ඊට එක් කළ බව. ඔහුගේ නමත් පෝල්. ඒ ඔහුගේ සොහොයුරු පෝල් රෙමී. සමාජයේ තවත් නොයෙක් අයගේ ආභාසය ඒ අසමසම චරිතයට ලැබුණත් ප‍්‍රධාන වශයෙන් ආභාසය ලැබුණේ ඒ පෝල්ලා දෙදෙනාගෙනුයි.




Taken from malkakulu :D