අමරදේව/දේශපාලනය
මේ දිනවල අමරදේව ශුරීන්ගේ වියෝවත් එක්ක සමහර පුද්ගලයින් ඒකට දේශපාලනයත් ගාවගෙන. සමහර විටක මගෙනුත් එම වැරැද්ද සිද්ද වෙන්න ඇති. එය නිවැරදි කරනු වස් මෙම පොස්ට්ටුව එක් කරමි.
අමරදේව ශුරින් කියන්නේ කිසිම දේශපාලන පක්ෂයක් නොගත්ත එකම ප්රශස්ත ගායකයා ලෙස සලකන්න පුළුවනි.
මේ දිනවල ආණ්ඩු පක්ෂයේ සිටින සමාජජාල භාවිතා කරන්නන් මෛත්‍රිපාල ජනාධිපතිතුමා පෙට්ටිය කරට ගෙන යන චයරුප ප්‍රදර්ශනය කරමින් අමරදේව ශුරීන්ගේ ගුණ ගයනවාට වඩා ජනාධිපති තුමාගේ ගුණ ගයති. ජනාධිපති කෙනෙක් වශයෙන් අමරදේවයන්ගේ නිසල දේහ ය තම කරමතින් ගෙනියාම අගයකල යුතු කරුණක් වුවත් එවැනි දෑ උලුප්පා පෙන්වීම සුදුසු නොවෙයි. එයට අමතරව මහින්ද රාජපක්ෂ ගේ හිතවාදීන් විසින් අමරදේව ශුරින් සමග සිටින චයරුප ප්‍රසිද්ද කරමින් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීමට වෑයම් දරයි. මෛත්‍රිපාල ජනාධිපතිතුමා පවා නොසතුටින් තමාගේ ගුණ වැයුමක් අවශ්‍ය නොවන බව පවසා ඇත.
අමරදේව ශුරීන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්කත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්කත් ගී ගැයුවා. කිසිම දේශපාලන පැත්තක් නොගත්ත අති නිහතමානි චරිතයක්.