අමරසිරි පීරිස්ට පොල්ලක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අමරසිරි පීරිස්ට පොල්ලක්

    අනුරාධපුර පැවැති සංගීත ප්‍රසංගයට තමාට ආරාධනා කළත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් සංවිධායකයින් නොගෙවූ බව පවසමින් ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

    ඊයේ (11) දින අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේ ‘උන්මාද සඳ’ නමින් මේ ප්‍රසංගය සංවිධායකර තිබුණු අතර ඒ සදහා රුපියල් 1000, 5000, 3000 ආදී මලි ගණන් කිහිපයකට ටිකට් පත් විකුණා ඇත. මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ තන්තිරිමලේ ප්‍රදේශයේ දුෂ්කර පාසලක් ඉදිකිරීමට අරමුදල් රැස් කිරීමට යැයි පවසමිනි.

    මුදල් ගෙවා ටිකට්පත් මිලදී ගත් පිරිස ප්‍රසංගයට පැමිණ තිබුණත් ඒ වන විටත් ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයන් මුදලුත් සමග අන්තරස්දාන වී තිබුණු අතර, ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතා ඇතුළු කණ්ඩායම පැමිණ සිටි පිරිස වෙනුවෙන් නොමිලේම ගීත කිහිපයක් ගායනා කර පිරිස සන්සුන් කිරීමට කටයුතු කර ඇත. අනතුරුව ඒ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කර ඇත.

    මෙම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික ලේකම් ලෙස කටයුතු කරන මොහොමඩ් ෆර්ෂාන් නමැත්තෙකි. මෙම පුද්ගලයා ෆේස්බුක් හි ප්‍රකට සමාජ සේවා ක්‍රියාකාරිකයකු ලෙස හැසිරෙන තැනැත්තෙකු බවත් මීට ප්‍රථම පැල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මුදල් වංචා කර ඇති අතර පාසල් හදන මුවාවෙන් විදේශයන්හි වෙසෙන පුද්ගලයන්ගේ මුදල් වංචා කිරීම් වැනි සිදුවීම් රාශීයක් සිදුකොට ඇති බවද කතාබහට ලක් වේ.


    Mohomed-farshan-001.jpg


    16265252_1383336788395902_4923717596111864702_n.jpg


    16387027_1383958545000393_3521024478475335388_n.jpg


    16387380_1383958281667086_7752416655130777927_n.jpg
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ඕකව අල්ලගෙන ස්ටෙජ් එක උඩට ගෙනල්ල ඇට දෙක තලන්න ඕනේ ආයේ ඔය වගෙ වැඩ නොකරන්න්න
     

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    ඕකව අල්ලගෙන ස්ටෙජ් එක උඩට ගෙනල්ල ඇට දෙක තලන්න ඕනේ ආයේ ඔය වගෙ වැඩ නොකරන්න්න

    oka dn rateth nathuwa athi.