අමරසිරි පීරිස් new song ???

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අමරසිරි පීරිස් new song ???

    අමරසිරි පීරිස් කියන්නේ මට පේන්නම බැරි ගායකයෙක් ...ඒත් අද උදේ රුපවාහිනියේ මිනිහගේ අලුත් සිංදුවක් ගියා ...ඒක නම් සුපිරි ...හොද දේට හොදයි කියන්න ඕනි නේ ....ඒත් අන්තර්ජාලයේ පීරුවත් මට හොයාගන්න බැරි වුනානේ බන් ඒ සින්දුව ...පින්වතෙක් සිටී නම් සොයා දෙනු මැනවි ....

    සොයපු ගීතය - උන්මාද සඳ
    malinga සොයුර විසින් සොයා දෙන ලදී ..
    ..



    බලපන්කො මේ සින්දුවේ lyrics ...මාරයි

    උන්මාද සඳ කනදරා වැව
    සිඹින නිසසල රාත්‍රියේ
    සංසාරගත ස්නේහයේ ඇඳි
    රුව සොයයි සිත ප්‍රේමියේ
    ලං වෙලා අෑ උන්නාට මං
    තනි වෙලා ඒ හීනයේ
    තවම පදරුත් සොයා වෙහෙසෙමි
    නුඹ කියාදුන් ප්‍රේමයේ...
    .
    ඉකිගසා සිත කෑ ගසාවි
    වේදනාවේ ගැලි ගැලි
    මගතොටේ ඇස රැවටුණා යළි
    නුඹේ රුව දෙනෙතේ මැවී
    ඇගෙ සුරත ගෙන ආ මගේ
    හැර දා අතීතේ සෙවනැලි...
    නුඹෙ ලොවෙන් සමුගත් දිනේ සිට
    ඉපදුනා මං මැරි මැරි්...
    .
    දහස් වැව් බැඳි පුරවරට ඇස
    කඳුළු දියවර ලැබ දිදි්
    මා නමින් නුඹ නිසසලව හිඳ
    මිහිමඬල සේ දුක විඳි්
    සෑ රඳුන් වැඳ අප ඇවිද ගිය
    සලපතල බිම පා ගැටී
    තැළුණු මල යළි පුබුදුවන්නට
    කොතෙක් පින් කෙරුවත් මදි...
    .
    සමාවුුව මැන ප්‍රේමියේ
    මෙතෙක් මා කළ පින්මදි්...
    .
    පද - අසංගි විජේසූරිය
    සංගීතය - ආශා විජයන්ති වීරසිංහ
    ගායනය - අමරසිරි පීරිස්
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අමරසිරි පීරිස් කියන්නේ මට පේන්නම බැරි ගායකයෙක් ...ඒත් අද උදේ රුපවාහිනියේ මිනිහගේ අලුත් සිංදුවක් ගියා ...ඒක නම් සුපිරි ...හොද දේට හොදයි කියන්න ඕනි නේ ....ඒත් අන්තර්ජාලයේ පීරුවත් මට හොයාගන්න බැරි වුනානේ බන් ඒ සින්දුව ...පින්වතෙක් සිටී නම් සොයා දෙනු මැනවි ....

    uba 2000 passe ipaduna ekek ne
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මොකක් ද සිංදුවෙ මුල?

    මම හිතුව අන්තර්ජාලයේ ඇති කියල නම මතක තියාගත්තේ නෑ ...music programme එකක no 01 song එක ...visual එකනම් ගමෙන් නගරයට ආපු කෙල්ල මුල් ආදරය අමතක කරන සීන් එකක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතුව අන්තර්ජාලයේ ඇති කියල නම මතක තියාගත්තේ නෑ ...music programme එකක no 01 song එක ...visual එකනම් ගමෙන් නගරයට ආපු කෙල්ල මුල් ආදරය අමතක කරන සීන් එකක්

    12 පහුවෙලා තමයි බලන්න වෙන්නෙ ඒක. අප්ලෝඩ් කරල නෑ තාම රූපවාහිනී සයිට් එකේ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    last 48 balanda tiyena option eken gihin song eka ahala search karanda
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    12 පහුවෙලා තමයි බලන්න වෙන්නෙ ඒක. අප්ලෝඩ් කරල නෑ තාම රූපවාහිනී සයිට් එකේ.

    සිංදුව හම්බුනා මචෝ

    උන්මාද සඳ කනඳරා වැව

    ooka da sinduwa?

    උබ නම් දෙයියෙක් ...මේක තමයි සින්දුව ...:love:

    last 48 balanda tiyena option eken gihin song eka ahala search karanda

    amarasiri peerisge kochchara lassana sindu tiyenawa da ban..

    Kala wewa hidenawa wage ewa..

    :no::D

    thank you සියලු දෙනාට ....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    අමරසිරි පීරිස් කියන්නේ මට පේන්නම බැරි ගායකයෙක් ...

    :baffled::no:

    එහෙනම් උඹ කැමති අර ශිහාන් වගේ සින්දු කවි කරන අයටද? දැන් මට තේරුන විදියට අමරසිරි පීරිස් මහත්තයාගේ ඔය හොයන සින්දුව වෙන්න ඕන උඹ පලවෙනියටම අමරසිරි පීරිස් මහත්තයාගේ අහපු සින්දුව..
    :rolleyes:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    :baffled::no:

    එහෙනම් උඹ කැමති අර ශිහාන් වගේ සින්දු කවි කරන අයටද? දැන් මට තේරුන විදියට අමරසිරි පීරිස් මහත්තයාගේ ඔය හොයන සින්දුව වෙන්න ඕන උඹ පලවෙනියටම අමරසිරි පීරිස් මහත්තයාගේ අහපු සින්දුව..
    :rolleyes:

    මම එතුමාගේ ගීත ශයිලිය ට කැමති නෑ බන් ..ඇපල් මලක් එකෙන් එපාම වෙලා ගියා ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මම එතුමාගේ ගීත ශයිලිය ට කැමති නෑ බන් ..ඇපල් මලක් එකෙන් එපාම වෙලා ගියා ...

    ඔව් ඒක නම් කාලම දැම්මා. ඒ සිංදුව ප්‍රචාරය උනා වැඩි උනා. ඒ නිසා මිනිස්සුන්ට එපා වෙන තැනකටම ආව. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියනවානේ. ඒ උනාට බන් අනික් සින්දු ඔක්කොම සුපිරි ඒවානේ







    මේ සින්දු නිදහසේ කලබල නැති වෙලාවක අහලා බලන්න. අහන ගමන් ගීතයේ අර්ථයත් විදින්න බලන්න
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම එතුමාගේ ගීත ශයිලිය ට කැමති නෑ බන් ..ඇපල් මලක් එකෙන් එපාම වෙලා ගියා ...

    apal mala epa une anik hama ekama mal sindu kiyana gatta nisa

    apal mala sinduwa nam mata bokkatama waduna ea kale

    amarasiri piris ge sindu hoda na kiyanne itin uba pissek wenna one :angry::angry:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    යකුනේ මමත් ඉදල ඉදල සින්දුවක් හෙව්වා ...
    අපහු මේ සින්දුව ගායනා කරන්නෙත් නෑලු ...:(


    අමරසිරි පීරිස් මහතා දැක්වූ අදහස

    'උන්මාද සඳ' පායන්න කලින් බැස ගියේ ඇයි ?

    උදව්කරන්න ගිහිං අන්තිමේ පොලිසිත් ගියා
    මම කිසිම තැනක ඔය සින්දුව කියන්නේ නෑ...

    උන්මාද සඳ කියලා ප්‍රසංගයක්‌ අනුරාධපුරයේ පවත්වන්න ගිහින් ලොකු ප්‍රශ්නයක්‌ වුණා කියන්නේ ඇත්තද?

    ඇත්තෙන්ම මම උදව් කරපු ළමයෙක්‌ගෙන් තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ.

    මොකක්‌ද සිද්ධවුණේ ?

    උන්මාද සඳ කියලා ප්‍රසංගයේ තේමාව තියෙන ගීතය අරගෙන දවසක්‌ මා ළඟට ළමයෙක්‌ ආවා. ඒ ගීතය සංගීතවත් කරපු ගැහැනු ළමයා ගීත රූප රචනා කරන තවත් පිරිසක්‌ එක්‌ක තමයි මාව හමුවෙන්න ආවේ. මා ළඟට ඇවිත් කිව්වා ඔබතුමාගේ හඬින් මේ ගීතය ගායනා කරන්න. අපිට ලොකු උදව්වක්‌ කියලා.

    ඔබ උදව් කළා?

    ඔව්. මම ගොඩක්‌ දෙනෙක්‌ට උදව් කරනවා. නවකයන්ට, ගීත රචකයන්ට, සංගීතඥයන්ට උදව් කරනවා. අන්තිමේ මම අමාරුවේ වැටිලා තියෙන්නේ. මේක අන්තිම අවස්‌ථාව.

    අන්තිමේ ගීතයත් ගායනා කළා නේද?

    ඔව්. මම ගීතය ගායනා කළා විතරක්‌ නෙමෙයි ගීතයේ රූප රචනාවකට පවා දායක වුණා. රූප රචනාව කළේ අනුරාධපුරයේ. මමයි මේ ගීත රචනාවේ ඉන්නේ කියලා දැනගත්තහම පල්ලේගම හේමරත්න හාමුදුරුවෝ රුවන්වැලි සෑය පාන්දර පහවෙනකම් ලයිට්‌ අප්කරලා දුන්නා. මගෙන් එච්චර සහයෝගයක්‌ පවා අරගෙන මම සතපහක්‌ නොගෙන ගීතය කියලා අන්තිමේ මට කළේ පහත් වැඩක්‌.

    ඔබට මේ ප්‍රසංගය කරන්න ආරාධනා ලැබුණේ කොහොමද?

    ඔය කියන ගැහැනු ළමයා තවත් පිරිමි ළමයෙක්‌ එක්‌ක මාස එකහමාරකට විතර කලින් මගේ පන්තියට ඇවිත් මාව හමුවෙලා කිව්වා උන්මාද සඳ නමින් ප්‍රසංගයක්‌ පවත්වනවා අපිට මුලින් උදව් කළා වගේ උදව් කරන්න කියලා. මම කිව්වා ප්‍රසංගයක්‌ පවත්වනවා කියන්නේ වෙනම දෙයක්‌ කියලා. මම ඇහැව්වා කොහේද කරන්නේ කියලා. ඊට පස්‌සේ කිව්වා අනුරාධපුරයේ කරන්නෙ කියලා. මම දැනට මාස තුනකට කලින් සාර්ථක ප්‍රසංගයක්‌ ආලන්කුලම හෝටලයේ ශාලාවේ කළා කිව්වා. ළඟ වැඩියි කියා කියද්දී මගේ සංවිධානයේ දෙදහසක විතර පිරිසක්‌ ඉන්නවා කියලා තමයි ප්‍රසංගය පවත්වන්න සූදානම් කළේ.

    මේ ප්‍රසංගය රටවටා ගෙනියන්න සූදානමින්ද හිටියේ ?

    ඇය මේක රටවටා ගෙනියමු කියලා තමයි කිව්වේ. මම කිව්වා බැහැ. ඕනෑ නම් එක ප්‍රසංගයක්‌ කරන්න. ඒකට මම එන්නම් කියලා කිව්වා. හැබැයි මේ වෙනුවෙන් මුදලක්‌ අය කරනවා. මොකද මගේ විසිදෙනකුගෙන් යුත් පිරිසක්‌ ඉන්නවා. මම මේ මුදල් තනියම ගන්නේ නැහැ. ඔවුන්ට ගෙවිය යුතුයි. ප්‍රසංගයට කලින් තමයි අපි මුදල් ගන්නේ. සල්ලි දැනුත් ලෑස්‌තියි සල්ලි ප්‍රශ්නයක්‌ නැහැ කියලා ඒ ළමයා කිව්වා.මම ඒ වෙලාවේ කිව්වා දැන් මුදල් එපා එදාට ප්‍රසංගය ආරම්භ කරන්න කලින් දෙන්න කියලා.

    එහෙනම් කොහොමද මුදල් ප්‍රශ්නයක්‌ මතුවුණේ ?

    අන්තිමේ අපි ප්‍රසංගයට ගියා. මගේ ප්‍රසංගය නිවේදන කටයුතු කරන්නේ වසන්ත රෝහණ මහත්මයා. ඔහු ඔය කියන ගැහැණු ළමයාට කතා කරලා කිව්වා අපි දැන් අනුරාධපුරයට ඇවිත් ඉන්නේ ඔයා මෙතන නැහැනේ කියලා.

    පසුව ඇය මොකක්‌ද කිව්වේ ?

    ප්‍රසංගය පටන්ගන්න කියලා කිව්වා. අන්තිමේ වසන්ත රෝහණ කිව්වා ඔයා නැතිව අපිට ප්‍රසංගය පටන්ගන්න බැහැ. අනික අපිට පොරොන්දුවෙලා තියෙන මුදල් ගෙවන්න කියලත් කිව්වා. පසුව ඇය කිව්වා විවේක කාලයේදී සල්ලි දෙන්නම් කියලා. අපි ප්‍රසංගය පටන්ගන්න කලින් තමයි මුදල් ඉල්ලුවේ කියලත් කිව්වා. අන්තිමේ ඇය පළාතකටවත් ආවේ නැහැ. විනාඩි හතළිස්‌ පහක්‌ විතර බලාගෙන හිටියා.

    ඊට පසුව මොකද වුණේ ?

    වසන්ත රෝහණ ඇවිත් මට කිව්වා අමරසිරි අයියේ මිනිස්‌සු දුරබැහැර ඉඳන් ඇවිත් ඉන්නේ ඔයාගේ සින්දු අහන්න. ඒක හින්දා අපි සින්දු හතරක්‌ පහක්‌ හරි කියමු නේද කියලා. අහිංසක මිනිස්‌සු වෙනුවෙන් නිකං කරමු කියලා. මම නාලක අංජනටත් විස්‌තරය කියලා සින්දු කිව්වා. පසුව මම ප්‍රසංගයේ හිටපු අයට පවා මේ විස්‌තරය කිව්වා. අනුරාධපුරයේ හිටපු අය ඒ වෙලාවේ කිව්වා මේ ප්‍රසංගයේ සංවිධායකවරිය නම් මේ පළාතේ වෙන්න බැහැ කියලත්.

    සිදුවුණ අසාධාරණයට සාධාරණයක්‌ ඉෂ්ට කරගන්නද පොලිසියට ගියේ ?

    අන්තිමේ වසන්ත රෝහණ කිව්වා මේ සිද්ධිය පිළිබඳව අපි පොලිසියට පැමිණිල්ලක්‌ දාමු කියලා. අන්තිමේ වසන්ත රෝහණ අනුරාධපුර පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා.

    පොලිසියෙන් මොකද කිව්වේ ?

    වෙනත් ප්‍රසංගයක්‌ එදාට තිබිලා තියෙනවා. ඔවුන් පවා මෙයා එක්‌ක වාදයකට පැටලිලා තවත් ප්‍රසංගයක්‌ තියෙන කොට ඇයි මේ ප්‍රසංගය සංවිධානය කළේ කියලා. මම ඒක දැනගත්තේ සිද්ධිය වුණාට පසුවයි. මුලින් දැනගත්තා නම් මම ඔය වගේ දේකට කොහොමත් කැමැතිවෙන්නේ නැහැ. සංවිධායකවරිය ඒකත් මට වසංකරලා තමයි මේ ප්‍රසංගය සංවිධානය කළේ. අපි පොලිසියට ගියහම තමයි දැනගත්තේ ඇයට තර්ජන තියෙනවා කියලා පොලිසියේ ආරක්‍ෂාව පවා ඉල්ලා හිටලා තියෙනවා කියලා.

    ඇයව පොලිසියෙන් සොයා ගත්තාද?

    අන්තිමේ පොලිසියෙන් අවට හෝටල්වලට කතා කරලා මේ දෙන්නවා අල්ලගත්තා. දෙන්නම අරගෙන ඇවිත් අපිටත් එන්න කියලා ප්‍රකාශයක්‌ කරන්න කියලා. පස්‌සේ මෙච්චරයි තියෙන්නේ කියලා බොරු වියදම් වගයක්‌ පෙන්වලා සුළු මුදලක්‌ දෙන්න හැදුවා. අන්තිමේ පොලිසියේ මැදිහත්වීමෙන් තවත් සති දෙකකින් එම මුදල් ලබාදෙනවා කියලා කිව්වා.

    මේ හින්දා ඔබට මුහුණුපොතේ හරියට මඩ ප්‍රචාර පවා වදිනවා නේද?

    මේ සිද්ධිය මුල්කරගෙන දැන් මට මුහුණුපොතේ මඩගහනවා. ඒවාට මගේ රසිකයෝ නිසි පිළිතුරු දෙනවා. රසිකයන්ට කියන්නේ මේවාට නිකරුණේ රැවටෙන්න එපා. ෙµaස්‌ බුක්‌ කියන්නේ මහලොකු දෙයක්‌ නෙමෙයි. හැබැයි මම මිනිස්‌සුන්ව දැනුවත් කරනවා. මොකද මට නිකරුණේ චෝදනා විඳින්න බැහැනේ. ඔය දෙවැනි වතාව. මිනිස්‌සුන්ට උදව් කරන්න ගිහින් නිකං අමාරුවේ වැටුණා. තැනකට ආවට පස්‌සේ මුල අමතක වෙනවා. අද තියෙන්නේ හරිම විසම සමාජයක්‌. ඒක හින්දා හරිම කල්පනාවෙන් තමයි මීට පස්‌සේ වැඩ කරන්නේ. කලාකරුවෙක්‌ කියන්නේ කෙනකුට උදව්කරන්න ඕනෑ වෙලාවකදි මැදිහත්වෙන චරිතයක්‌. මමත් එහෙම තමයි කළේ. මේක තමයි මට වැරදුණේ.

    ආපහු උන්මාද සඳ ප්‍රසංග පවත්වනවාද?

    මින් ඉදිරියට උන්මාද සඳ ප්‍රසංගය ඉවරයි. ආපහු ඒවා කරන්නේ නැහැ. සත පහක්‌වත් ගන්නේ නැතිව මම ඒ ළමයාව තැනකට ගෙනවා. ඒ ගුණයවත් තිබ්බේ නැහැ. මම කිසිම තැනක ආපහු මේ ගීතය ගායනා කරන්නේ නැහැ.