අමල් පෙරේරා කොකේන් ගහලා ඉදලා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අමල් පෙරේරා කොකේන් ගහලා ඉදලා


    "මදූෂ් බීලා ඇත්තේ අරක්කු පමණයි, අමල් පෙරේරා කොකේන් ගහලා" මදූෂ් නිදහස් වන ලකුණු ?


    ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් නිදහස් වනු ඇති බවට සමාජජාලා මාධ්‍ය වල මත පලව තිබෙනවා.

    ඒ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව සිදු කළ රුධිර පරීක්ෂාවකට පසුව යැයි සඳහන් වනවා. එම රුධිර පරීක්ෂණයෙන් පසුව පාතාල නායක මාකඳුරේ මදුෂ් ලබා ගෙන ඇත්තේ මත්පැන් පමණක් බවට අනාවරණය වී තිබෙන බවද එම වාර්තාවන්ගේ සදහන්.

    කෙසේ වෙතත් පාතාල නායකයාගේ පෞද්ගලික සාදයට සහභාගී වූ ගායන ශිල්පී අමල් පෙරේරා කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බවද මෙම වාර්තාවන්ගෙන් හෙළිවූ බවද සදහන්.

    මේ බව පවසන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතායි.

    ශ්‍රී ලංකාවේ විශාලතම අපරාධකරුවෙක් සහ ජාවාරම්කරුවෙක් වූවද ඩුබායිහි අපරාධයක් සදහා මදූෂ් හසුව නැති නිසා මදූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නිදහස් වීමේ අවදානමක් මතුව තිබෙන බවද කියවේ.

    නියෝමාල් රංගජීව මහතාගේ කමෙන්ටුව පහතින්,

    51467501-230583337895713-1742449823757369344-n.jpg
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Amal pererata ehenam kela wei wage.........
    Ranil thumage antharjaathika deshapalana sabadath pawichchi karala madushwai, udayangawai genna bari weida danna:baffled::baffled:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,778
    28,937
    113
    Oya taran lesiyen berenna baha


    මධුෂ්ට ඩුබායිහි ගෙවල් 4 ක් - අත්අඩංගුවට ගත් අනෙක් අය කවුද?



    මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි රාජ්‍යයේ තරු හයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි දෙනා අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු, බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සහ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයකු සිටින බව විමර්ශන තොරතුරු අනාවරණය කරයි.
    අත්අඩංගුවට ගැනීමෙන් පසු ඩුබායි පොලිසිය විසින් මධුෂ්ට අයත් යයි සැලකෙන ඔහු නවාතැන් ගෙන සිටි නිවාස 4 ක්
    ඊයේ (06දා) දින පරීක්ෂා කර ඇති බවත් එහිදී එම නිවෙසේ සඟවා තිබූ රුපියල් කෝටි පනහකට අධික මුදලක් සොයා ගත් බවත් වාර්තා විය.
    මෙම සිද්ධියෙන් අනතුරුව ඩුබායි ආරක්ෂක අංශ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් මධුෂ් කල්ලියට සම්බන්ධ පුද්ගලයන් 100කට අධික පිරිසක් විවිධ



    වැරැදි සම්බන්ධයෙන් ඊයේ (06දා) වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා විය.

    තරු හයේ හෝටලයේ පැවැති මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි කසාදයේ දරුවාගේ උපන් දින සාදය අතරතුර අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු 20 දෙනාගේ රුධිර සාම්පල් ලබා ගැනීම ඊයේ (6දා) දින සිදු කර ඇති බවද වාර්තා වේ. මාකඳුරේ මධුෂ්ගේ පළමු කසාදයේ බිරිය මේ වන විට ජීවත් වන්නේ මාතර මාකඳුර නම් ගමෙහිය. එහෙත් මධුෂ් පසුව වර්ෂ 2012දී වැලිකඩ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ මහරගම කළු තුෂාරගේ බිරිය ඩුබායි රාජ්‍යයට ගෙන්වා ගත්තේ ඇය ඔහුගේ දෙවැනි කසාදයේ බිරිය බවට පත් කර ගනිමිනි.

    ඩුබායි රාජ්‍යයේ ජීවත් වන දරුවා මධුෂ්ගේ වන අතර එම දරුවාගේ හය වැනි උපන් දිනය සැමරීමට මධුෂ් මෙම සාදයට සිය සගයන් කැඳවා සිටියදී ඩුබායි ආරක්ෂක අංශ මෙම වැටලීම සිදු කරනු ලැබීය.අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා සහ ටෙලි නාට්‍ය නළුවකු වන රයන් වැන්රොයන් යන තිදෙනාද අත්අඩංගුවට පත්ව සිටිති. ඔවුන්ද මත්ද්‍රව්‍ය පානය කර ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදු කර ඇති බව වාර්තා වේ.

    අත්අඩංගුවට ගෙන සිටින පතාල


    නායක මාකඳුරේ මධුෂ්, කංචිපාන ඉම්රාන් කෙසෙල්වත්තේ දිනුක සහ අංගොඩ චුට්ටේට අමතරව පුල්ල පලම් අජ්මි, ජලිබර් සියාම්,අලුත්කඩේ ඉෂ්ලි, අමිල ඇන්ටා, මාලිගාවත්තේ ෆයිසර්, සීදුවේ දිමුතු, තලල්ලේ සංජේ යන පාතාල සාමාජිකයන්ද සිටින බව වාර්තා විය.
    මෙම හෝටල් සාදය වැටලීමට විනාඩි කිහිපයකට ඉහතදී අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයා සිගරැට්ටුවක් පානය කිරීම සඳහා හෝටල් සංකීර්ණයෙන් පිටතට යාම නිසා බේරී තිබේ. 2017 වසරේ පෙබරවාරි සිදුවූ කළුතර එතනමඬල ප්‍රදේශයේ පාතල නායක සමයං ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ නායකයා ලෙසද ක්‍රියාකළේ අංගොඩ ලොක්කාය.

    එම වෙඩි තැබීමෙන් සමයං සහ ඔහුගේ ගෝලයන් සිවුදෙනකුද බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුද ඝාතනය විය. මෙම ඝාතනයද මධුෂ් විසින් උපදෙස් ලබාදී සිදු කළ ඒවා වන අතර පසුව මධුෂ්, අංගොඩ ලොක්කා සහ ඔහුගේ ගෝලයකු වන අතුරුගිරියේ ලැඩියා යන දෙදෙනා බෝට්ටු මඟින් ඉන්දියාවට පිටමං කළේය. අනතුරුව ඔවුන් දෙදෙනා ඩුබායි මධුෂ් සමීයට පැමිණීමට ව්‍යාජ ගුවන් බලපත්‍ර ඉදිරිපත් කර සිටියදී ඉන්දියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. එහි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි අංගොඩ ලොක්කා සහ ලැඩියා ඉන් අනතුරුව එයින්ද පලාගොස් නැවත මදුෂ් සමග වැඩ අරඹා තිබුණි.
    කෙසේ වෙතත් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන ඒම සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදු කිරීමට විදෙස් කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශ බලධාරීන් ඊයේ (06දා) සාකච්ඡා පවත්වා තිබේ. ඕනෑම මොහොතක ඩුබායි රාජ්‍යයට යෑම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානමින් සිටින බව ඉහළ පෙළේ පොලිස් ආරංචිමාර්ගයන් වැඩිදුරටත් පවසයි.

    තොරතුර-එම්.සී.පෙරේරා

    - gl
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,258
    113
    Gotland
    oya comment eka ranga jeewa ge wenna ba. fake account ekak wage.




    anyway madu sir nidahas wei kiyana eka thama deshapremi sri lankika janathawage ekama pathuma.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ව අල්ලගත්ත ගමන් බ්ලඩ් ටෙස්ට් කරකර කාලේ කන්නේ පිස්සුවටද? ආයුධ පෙන්නන්න අරන් යන්න තියෙන්නේ... නැත්නම් මුන් වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥ සංගමේ උන් පෙරකනවා....
     

    wall-e2

    Member
    Feb 1, 2019
    22
    4
    0
    කට්ටියම හෑෂ් ටැග් එකක් හදලා , dubai පොලිසියට twitter කරා නම් හරි ... ලොකු පබ්ලිසිටියක් දීලා ...මුන්ව මෙහෙම මරුවා නම් හරි

    #donnotreleasemadushdubaiploice
     

    Similar threads