අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    අම්බපාලි වෛශ්‍යාවක් විමට හේතුව​

    මෙතුමිය විශාලා මහ නුවර අඹ උයනක අඹ අතු අතර ඕපපාතිකව (මාපියන් නැතිව) පහළ වූවා ය. ඇයගේ විශිෂ්ඨ රූපය නිසා සියළු රජ දරුවන්ට, සිටුවරුන්ට පාරිභෝගයට නගර සෝභනියක් ලෙස ප්‍රසිද්ධ කරන ලදි. ඈ මෙලෙස අසරණියක් වූයේ, සිඛී බුදු සසුන කාලයේ මෙතුමිය බ්‍රාහ්මණ කුලයක ඉපිද කිපුණු සිතින් රහත් මෙහෙණකට “වෛශ්‍යාවක් මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නී ය” යැ යි ආක්‍රෝෂ කල බැවිනි. ඒ පවින් නිරා දුක් විඳින්ට ද විය. දස දහසක් ජාතියන් හී ගණිකාවක් ම වූවා ය. නපුරු වූ විෂක් අනුභව කළාක් මෙන් ඒ පාපයෙන් ගැලවී ගත නො හැකිව මේ අවසන් දිවියේදී ද ගණිකාවක්ව ම වූවා ය. පසුව බුදු සසුනේ පැවිදිව රහත්ව සම්බුදු දුවණියක් වූවා ය.

    ------ Post added on Sep 25, 2023 at 2:09 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    රහත් මෙහෙණකට “වෛශ්‍යාවක් මෙන් අනාචාර ඇතිව බුදු සසුන දූෂණය කරන්නී කියලා බනින්න හේතුව මොකද්ද ?
    සිඛී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ නැවත මනු ලොව උපන්නා. ඒ ජීවිතයේ දී බොහෝ පින්දහම් කරමින් සිටි ඇය සිඛී බුද්ධ ශාසනයේ පැවිදි වුණා. දිනක් ඇය භික්ෂුණින් සමඟ චෛත්‍යය පිරිසුදු කර වන්දනා කරන්නට ගත්තා. ඇයට ඉදිරියෙන් ගිය තවත් එක් රහත් භික්ෂුණියකට කිවිසුමක් ගොස් කෙළ පිඬක් සෑ මලුවේ වැටුණා. එය නො දුටුව ඒ රහත් තෙරණිය එතැනින් ඉවත් වුණා. ඇයට පසුව යන මේ තෙරණිය එය දුටුවා. පිරිසුදු කළ මලුවේ කවර නම් ගණිකාවක් කෙළ පිඬක් දැමුවාදැයි තරහ සිතින් කියා සිටියා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    ඌ අහපු එකට නෙවෙයි උබ උත්තරේ දීලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,552
    167,069
    113
    එකමත් එක රටක
    සිඛී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ නැවත මනු ලොව උපන්නා. ඒ ජීවිතයේ දී බොහෝ පින්දහම් කරමින් සිටි ඇය සිඛී බුද්ධ ශාසනයේ පැවිදි වුණා. දිනක් ඇය භික්ෂුණින් සමඟ චෛත්‍යය පිරිසුදු කර වන්දනා කරන්නට ගත්තා. ඇයට ඉදිරියෙන් ගිය තවත් එක් රහත් භික්ෂුණියකට කිවිසුමක් ගොස් කෙළ පිඬක් සෑ මලුවේ වැටුණා. එය නො දුටුව ඒ රහත් තෙරණිය එතැනින් ඉවත් වුණා. ඇයට පසුව යන මේ තෙරණිය එය දුටුවා. පිරිසුදු කළ මලුවේ කවර නම් ගණිකාවක් කෙළ පිඬක් දැමුවාදැයි තරහ සිතින් කියා සිටියා.
    ඉතින් ඇයි එහෙම කියන්න හේතුව ?
    රහත් තෙරණියගේ පෙර පව් නිසා බැනුම් ඇහුව වෙන්න බැරිද ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මාපියන් නැතුව මනුෂ්‍යයෙකුට ඉබේ පහළවෙන්න පුළුවන්ද? (දන්නේ නැති නිසා අහන්නේ)
     
    • Like
    Reactions: C_S_M and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    (මාපියන් නැතිව) පහළ වූවා ය.
    ඔන්න ඔය වගේ සුරංගනා කතා නිසා තමයි අන්යාගමිකයෝ බුද්ධාගමට කින්ඩි දාන්නේ. ඕවා ඔය කලා කරයෝ කියන පොන්සියෝ ලොකු කරලා පෙන්නන්න අතින් දාලා ලියපු කෑලි. නූගත් අඩුකුලේ බහුජ්ජයෝ දේවාල පස්සේ යන්නෙත් ඕවා ඔලුවේ තියාගෙන මොලේ කුරුවල් වෙලා නිසා :eek:.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,914
    1
    58,208
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕපපාතිකව (මාපියන් නැතිව) පහළ වූවා ය.
    මේවට සාදු කියන ගමන් අහනවා ජේසු ශුක්‍රාණුවක් නැතිව ඉපදුනේ කොහොමද කියල. එතකොට මාර සයන්ටිස්ලා ☝️ :-D
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මාපියන් නැතුව මනුෂ්‍යයෙකුට ඉබේ පහළවෙන්න පුළුවන්ද? (දන්නේ නැති නිසා අහන්නේ)
    ඔ්පපාතිකව සාමාන්‍යයෙන් පහලවෙන්නෙ විවිද සතුන්, නිරිසත්වයෝ, ප්‍රේතයෝ වගේ සත්ව කොඨ්ඨාස වගේම දිව්‍ය බ්‍රහ්ම වගේ කොඨ්ඨාස. ඉතා කලාතුරකින් මනුෂ්‍යයන් ඔ්පපාතිකව ඉපදෙන්න පුලුවන් කියලා මම කොහේ හරි කියවලා තියනවා. සෝර්ස් එක හරියටම මතක නැහැ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඉතින් ඇයි එහෙම කියන්න හේතුව ?
    රහත් තෙරණියගේ පෙර පව් නිසා බැනුම් ඇහුව වෙන්න බැරිද ?
    එක තමයි කියන්නේ කෙනෙක් කර්මයක් ගෙවනකොට තව කෙන්ව්ක් කර්මයක් රෑස් කර ගන්නව කියල. රහත් තෙරනිය කර්මයක් ගෙව්ව වෙන්න පුලුවන්. එක ගෙවන්න උදවු කරල අම්බපාලි අකුසලයක් රෑස් කලා. ර්‍රහත් තෙරනියක් නිසා අකුසලය බලවත් ඹව වෑඩි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔ්පපාතිකව සාමාන්‍යයෙන් පහලවෙන්නෙ විවිද සතුන්, නිරිසත්වයෝ, ප්‍රේතයෝ වගේ සත්ව කොඨ්ඨාස වගේම දිව්‍ය බ්‍රහ්ම වගේ කොඨ්ඨාස. ඉතා කලාතුරකින් මනුෂ්‍යයන් ඔ්පපාතිකව ඉපදෙන්න පුලුවන් කියලා මම කොහේ හරි කියවලා තියනවා. සෝර්ස් එක හරියටම මතක නැහැ.
    හරි, ඉපදුනා කියමුකෝ. වැඩෙන්නේ කොහොමද?