>>අම්මට ආදරේ ඇති පුතෙකු කියවිය යුතුම ලිපි&#351

>>අම්මට ආදරේ ඇති පුතෙකු කියවිය යුතුම ලිපි&#351

මේ ලිපියෙහි සම්පුර්ණ හිමිකම අන්සතු දිනපොතහි කතෘ සතුය :
@ :All Rights Received at Author of the ansathu dinapotha


දුවලා ඇවිදින් හනිකට
ගෙට ඇවිදින් ගෙයි පිල මත...
බත් පිඟාන එනතුරු මා
කෑ ගැසුවා මතකයි...

මා ඉස්කෝලේ යැව්වා...
ලෙඩ දුක ගැන නිති බැලුවා..
ඉර හඳ තරු දුන්නෙ නැතත්
පොලොව උරුම කෙරුවා..

අජටාකාශයෙන් ඇවිදින්
සිහිනෙන් ආවොදින් මිසෙක
කවදාවත් යලි අපවෙත
එන්නෙ නෑනෙ අම්මා...

Mothers-Day-Painting-Wallpapers-2012.jpg



මං මොන්ටිසෝරි ගියේ ගෙදර ඉඳගෙන. මොන්ටිසෝරිය ඉස්සර එකොලහ හමාරට ඇරෙනවා. කවුරුහරු කාන්ඩයක් එක්ක එකතුවෙලා වැනි වැනි මඩවලවල් වල පැන පැන වට පිට බල බල ගෙදර එනකොට දොලහ විතර වෙනවා. ඉතිං නිකං ගෙදර ඉන්න දවසට උදේට හොඳට කනවානේ. මොන්ටිසෝරි යන දවසට වරුවක් විතර පිඟාන අතගගා කන්න ලැබෙන්නෙ නෑ. මොන්ටිසොරියෙන් බිස්කට් දුන්නත් ගෙදර එනකොට පොඩි යකෙක් කන්න තරම් බඩගිනියි. කඩුල්ල ගාවට එනකොටම අම්මෙ බඩගිනියි කියාගෙන තමයි එන්නෙ.. දොලහ එකොලහ හමාර වෙනකොට අපේ ගෙවල්වල උයන්න දං වලඳන්න සාදුලා ඉන්නවයි? නැහැනෙ..ඉතිං උයලා ඉවර වෙනකොට එක විතර වෙනවා..

මම මොන්ටිසෝරි ඇරිල ගෙදර එනවෙලාවට බත් එක බෙදලා තිබුනෙ නැත්තං එක යුද්දයයි. කෑ ගහ ගහා අඩනවා. දැන් නං ඒ ගෙවල් දිහා ගියාම ඉස්සර අඩපු හැටි කියනොකට විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරි වෙනවා. ඒත් ඉතිං ඉස්සර පෙරලි පෙරලි අඩනවා බත් එක වෙලාවට නැති උනාම. ගොඩක් වෙලාවට බත නං යාන්තං පැහිල තියෙනවා. ඒ වෙලාවට අම්ම කරන්නෙ අල්ලපු ගෙදර නැන්දගෙනුත් අහලා හොද්දක් යාන්තං පැහුනම... ආ මෙන්න.. "මේකා කෑ ගහන්නෙ නිකං දවස් හතක් හාමතේ ඉඳල වාගෙනේ" කියලා බෙදලා දෙනවා.. හරියට තැම්බුන් නැති එලෝලු කටපිච්චෙන තරම් රස්නෙ බතුත් එක්ක යුද්ද කර කර කෑ ගහපු එකේ මේවවා එක යන්නත් එක්ක කනවා..

ඒ දවස්වල මාත් එක්ක මොන්ටිසෝරි ගිහිපු ගොඩාක් යාලුවොන්ට වඩා මට ඉස්සරහට යන්න ලැබුනා. අවසාන ප්‍රථිපලය ටිකක් සාටර් වර්ගේ කටු ජොබ් එකක් වුනාට අපේ අම්මාගේ සහ තාත්තාගේ මග පෙන්නීම නිසා ගොඩක් ඉස්සරහට එන්න ලැබුනා. මහා දිව්‍ය සම්පත්ති වාගෙ යාන වාහන ඇඳුම් පැළඳුම් අපිට දෙන්න බැරි වුනත් සාමාන්‍යයෙන් අපේ මහපොලොව මට්ටමෙන් අපිව ගරුකටයුතු විදියට සමාජයෙ ඉදිරියෙන් තියන්න අපේ දෙමව්පියො කටයුතු කලා..

මගේ මව දැන් වසර කිපයකට පෙර හදිසියේ නැති වුනා. ඉතිං ගොඩාක් අයට මාසෙකට වරක් හෝ ගෙදර ගියාම හරි නැත්තං අවුරුදු ගානකට හරි සැරයක් ලංකාවට ආහම අම්මා දැකබලාගන්න ආශිර්වාද ගන්න පුලුවන්. ඒත් අපිට සීනෙන් දැකීම විතරයි දැකීමට තියෙන්නෙ. ඒත් ඒක ගැන කණගාටු වෙන එකේ තේරුමක් නෑ. අපි හැමෝම මේ හැමදෙයක්ම හැම යාලු මිත්‍ර නෑදෑ බැඳිමක්ම දාලා දවසක යන්න වෙනවා. එදාට අපිට ඉතිරිවෙන්නෙ අපි විසින් ඉතිරි කරගත්ත හිතේ සැනසීම විතරයි. බොහෝ මිනිසුන්ට කිසිදු ආපසු ප්‍රතිලාභයක් නැතිව උදව් උපකාර කරන්නට මැලි නොවුනු අපේ අම්මා මේ ලෝකෙ ජීවත් වුනාට වැඩිය බොහොම හොඳ තැනක ඉපදිලා ඇති. එක අතකින් තව කල් ජීවත්වෙලා අපේ ළමයිත් නළවලා තව දුක් කරදර විඳලා නැතිවෙනවාට වඩා ඒහෙම තැනක වාසනාවන්ත උප්පත්තිය සැපතක් වෙන්නට ඇති.

මං සමහර නෑදෑ යාලු මිත්‍ර ගෙවල් වල ගියාම දකිනවා අම්මාට තාත්තාට ගරු කටයුතු ලෙස වචනයක් බැල්මක් වත් නොහෙලා ඔවුන් වහලුන් විදියට සලකන බොහොම ඉහල සමාජයේ ළමයි. සමහර විට දෙමාපියන් ඔබට ඔබ සිතූ ආකාරයේ සැප සම්පත් නොදෙන්නට ඇති. ඒත් වසර ගානක් පුරා සමහර විට දීගතල යනතෙක් අපිව රැකබලා ගෙන ඉන්න දෙමාපියන්ට කරුණාවෙන් කතා කරන එක ඔවුන්ගේ හිත සැනසෙන විදියට හැසිරෙන එක අපේ වගකීමක් වෙනවා. සමහර අය තමුංගෙ පෙම් හබේට විරුද්ද උනාම,තමුංට කසාදයක් කොරගන්න බැරි උනාම, කොටින්ම විභාගයක් පේල් උනාමත් ඒ හැම දේම දෙමාපියන් පිටින් අරිනවා.

බටහිර ක්‍රමය අනුව තමුං සංගීතෙ අහලා තමුං නටලා තමුං මොනවාහරි ක්‍රමේකට ආතල් අරගෙන සතුටුවෙන නොයෙකුත් ක්‍රම තිබුනාට මම නං හිතන්නෙ අපේ අම්මලා තාත්තලා නෑයො එක්ක එකට සතුටුවෙන අපේ ක්‍රමය අපිට හොඳයි කියලා තමයි.


මේ ලිපියෙහි සම්පුර්ණ හිමිකම අන්සතු දිනපොතහි කතෘ සතුය :
@ :All Rights Received at Author of the ansathu dinapotha

වසාන වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ .. කෙනෙක් ජීවත්ව ඉදිද්දී තමයි ඔහුට හෝ ඇයට හොදින් සලකන්න ඕන ..
ආදරය, කරුණාව , දයාව දක්වන්න ඕන .
මේ ලිපිය හිමිකරුගේ අම්ම දැන් මෙලොවින් සමුගෙන උනත් , මේ ලිපිය කියවන ඔබගේ , මේ ලිපිය Share කරන මගේ අම්මා තවමත් මේ ලෝකයෙහි ඉන්නවා ..
අපිට තවමත් අපේ අම්මට , තාත්තට සලකන්න අවස්ථාව තියෙනවා ...... ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු ....
කෙනෙක් මරුනහම නිකන් බොරුවට දුක් වෙනවට වැඩ . ජීවත්ව ඉදිද්දී හොදින් සලකන්න ..
මරුනහම දුක් වෙන්න එපා , අනේ අපිට අපේ අම්මා වෙනුවෙන් , තාත්ත වෙනුවෙන් මේවා කරගන්න බැරි උනා අරවා කරගන්න බැරි උනා කියල ...
සමහර අවස්ථාවන් වලදී අපිට සමහර දේවල් වලට ඒ අයත් එක්ක තරහ යාවි ....... ඉවසන්න ........
පොඩි කාලේ අපේ වැඩ නිසා අපේ දෙමාපියන් කොච්චර ඉවසන්න ඇද්ද ?
එයාලගේ ජීවිතය අපි වෙනුවෙන් කොච්චර කැප කරන්න ඇත්ද ?
කාලය කොච්චර කැපකරන්න ඇත්ද ?
අම්මා කොච්චර ලේ කිරි කරලා දෙන්න ඇත්ද ?
අපි ණයයි ඒවාට ........ අපි ණයයි ........
අනිත් එක තමයි ආදරය, කරුණාව , දයාව කියන ඒවා කොහෙන්වත් සල්ලි වලට ගන්න නම් බැහැ .....
මේ ලිපිය කියවල කෙනෙක් එයාගේ ජිවිතයට යම්කිසි දෙයක් ගත්තනම් ඒ ඇති .....

බුදු සරණයි .....!


valliam.jpg


( දැන් කෙනෙක් අහවි හැමදාම 18+ Threads දාන මැට්ටාට ඇයි මෙහෙම එකක් දාන්න හිතුනේ කියල .... එක මංවත් දන්නේ නැහැ මිත්‍රයා .. හැබැයි මන් එක දෙයක් දන්නවා ..
ඒ මොකක්ද ? හැමෝම හැමදාම එක විදියට ඉන්නේ නැහැ කියලා ..... :dull: )