අම්මට ඒඞ්ස් නම් දරුවට ඒඞ්ස් මින්පසු ලංකා&#3520

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අම්මට ඒඞ්ස් නම් දරුවට ඒඞ්ස් මින්පසු ලංකා&#3520

    අම්මට ඒඞ්ස් නම් දරුවට ඒඞ්ස් මින්පසු ලංකාවේ නෑ



    hiv.jpg

    * මෙන්න තවත් සෞඛ්‍ය ජයග‍්‍රහණයක්

    ඒමන්ති මාරඹේ

    එච්.අයි.වී /ඒඞ්ස් හා සිපිලිස් (උපදංශය ) යනු ලොව පුරා වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන්ටද වැළඳිය හැකි සමාජ රෝගයන්ය. මේ අතුරින් එච්.අයි.වී ඒඞ්ස් මාරාන්තික විය හැකි අතර ළදරුවෙකුට වැළඳුන විටදී සිපිලිස් රෝගයද හානිකර විය හැකි බව වෛද්‍ය මතයයි. අසල්වාසී රටවලද මෙම රෝග ගර්භණි මවගෙන් ළදරුවාට බෝවීම සම්පූර්ණයෙන් වළක්වාගෙන නොමැති තත්ත්වයක් තුළ ශ‍්‍රී ලංකාව 2018 වසරේ අග භාගයේ සිට එම රෝග මවගෙන් ළදරුවාට බෝවීම තුරන් කළ රටක් වශයෙන් මෙම වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තත්ත්වකරණ සහතිකය ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග /ඒඞ්ස් මර්දන වැඩසටහන විසින් පසුගියදා ප‍්‍රකාශ කළේය.

    ලොව දියුණු රටවල් හා සමාන වූ සෞඛ්‍ය තත්ත්වයක් සෞඛ්‍ය දර්ශකයන් හරහා අත්පත් කර ගෙන සිටින ශ‍්‍රී ලංකාවට මෙම තත්ත්වය නැවත වරක් දියුණු රටවල් හා සමාන මට්ටමකට පත් වීමට ලැබුණු මහඟු අවස්ථාවකි.

    සැබවින්ම දැන් මෙරට ගර්භණී මවකට එච්.අයි.වී. ඒඞ්ස් හෝ සිපිලිස් වැළඳී තිබුණහොත් දරු ප‍්‍රසූතියේදී අලූත උපදින දරුවාට එම රෝගයන් සම්පේ‍්‍රෂණය වීම සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට තරම් මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ජාත්‍යන්තර මට්ටමට පත්ව තිබේ. මෙය මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ලද විශිෂ්ට වූ ජයග‍්‍රහණයකි. මෙම තත්ත්වය කරා ශ‍්‍රී ලංකාව ළඟා වූයේ කෙසේද? ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතිය කෙතරම් දියුණු මට්ටමක පවතින්නේද යත් මෙරට පුරාම බිම් මට්ටම දක්වා විහිදුනු ශක්තිමත් හා හොඳින් සංවිධානය වූ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්තව පවතී. සැම ගර්භණී මවකටම තම ගම් ප‍්‍රදේශයේ සායනයකට සහභාගි වීමෙන් සියලූම රෝගී සත්කාරක සේවාවන් ලබා ගත හැකි අතර මෙම සායනවලදී මවුවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුනගේ අනුමැතිය ඇතිව එච්.අයි.වී හා සිපිලිස් සඳහා වූ මූලික පරීක්ෂණ සිදු කර ගත හැකිය. මෙම සියලූම පරීක්ෂණ හා සේවාවන් නොමිලයේ පුද්ගලිකත්වය හා රහසිගතබව ආරක්ෂා වන අයුරින් සිදු කෙරෙන බව එම සායන වෛද්‍යවරු පවසති.

    ජාතික ලිංගාශ‍්‍රිත රෝග /ඒඞ්ස් මර්දන වැඩසටහනට අනුව 2011 වසරේ සිට ලිංගාශ‍්‍රිත රෝග සායනවලින් සේවාවන් ලබා ගත් සියලූ එච්.අයි.වී ආසාදිත මවුවරුන් එච්.අයි.වී ආසාදනය රහිත බිලිඳුන් බිහි කර තිබේ. මෙරට ගර්භණී මවුවරුන් සිපිලිස් රෝගය සඳහා 1952 වසරේ සිටම පරික්ෂා කරනු ලබන නිසා වර්තමානයේ සිපිලිස් රෝගය ආසාදනය වූ දරුවන් බිහි වීම සම්පූර්ණයෙන්ම පාහේ නතර වී තිබේ. රජයෙන් එච්.අයි.වී හා සිපිලිස් රෝගයන්ගෙන් ආසාදිත මවුවරුන් සඳහා ගර්භණි අවධියේ සිට දරු ප‍්‍රසූතිය දක්වා හා ඉන් අනතුරුවත් සියලූම ප‍්‍රතිකාර හා සේවාවන් පුද්ගලිකත්වය හා රහසිගතබව ආරක්ෂා වන පරිදි නොමිලයේ සැපයීම විශේෂිත වූ තත්ත්වයකි. මෙහිදී මෙම රෝගවලින් පෙළෙන මවකට අවශ්‍ය බෙහෙත් වර්ග පවා සැපයෙනුයේ නොමිලයේය. මෙවැනි තත්ත්වයක් තුළ ශ‍්‍රී ලංකාවට මෙම කාර්යය සාර්ථක කර ගැනීමට හැකි වී ඇත්තේ සියලූම සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ප‍්‍රජාවේ හා මාධ්‍ය ආයතනවල දායකත්වය නිසා බව ජාතික ලිංගාශ‍්‍රිත රෝග /ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ලිලානි රාජපක්ෂ හා වෛද්‍ය ජී. වීරසිංහ යන විශේෂඥ වෛද්‍යවරු පවසති.

    මෙහිදී වැදගත් වනුයේ මෙම රෝග මවගෙන් දරුවාට බෝවීම වැළැක්වීමෙන් නිරෝගී දරුවෙකු බිහි වීම තහවුරු කර ගැනීමටත් එම රෝගවලින් සිදු විය හැකි මරණ නතර කර ගත හැකි වීම යන තත්ත්වයන් බව ඔව්හු කියා සිටිති. ශ‍්‍රී ලංකාව දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගර්භණි මවගෙන් දරුවාට එච්.අයි.වී /ඒඞ්ස් හා සිපිලිස් යන රෝග බෝවීම තුරන් කිරීමේ තත්ත්වකරණ සහතිකය ලබා ගැනීමට ඉල්ලූම් කර ඇති අතර එම සහතිකය ලබා දීමට පෙර ශ‍්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් අත් කරගෙන ඇති ප‍්‍රගතිය විමසා බැලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අගෝස්තු මාසයේදී මෙරටට පැමිණීමට නියමිතය. ශ‍්‍රී ලංකාව මවගෙන් දරුවාට එච්.අයි.වී /ඒඞ්ස් හා සිපිලිස් රෝග බෝවීම තුරන් කිරීමේ තත්ත්වය සඳහා මෙම වසර අගදී ලබා ගැනීමට නියමිත සහතිකය මැලේරියා හා බරවා යන රෝග මෙරටින් තුරන් කිරීම සඳහා ලබා ගෙන ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතික අතරට එක් වන ඵලදායීම සහතිකය වනු නොඅනුමානය.


     
    • Like
    Reactions: Bart_Allen

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Lankawe maternity clinics hodama standard eheka thiyanawa. Sathapahak athe nathi mansussyakta wunath baya nathuwa lamayek hadanna puluwan
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Lankawe maternity clinics hodama standard eheka thiyanawa. Sathapahak athe nathi mansussyakta wunath baya nathuwa lamayek hadanna puluwan

    That's true...but there are many other countries that have eliminated MTCT.