අම්මට බැන්නොත් මොකද වෙන්නෙ?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    🙏
    භාග්‍යවතුන් වහන්සේ පිදීමේ විපාක
    අපේ බුදුරජාණන්වහන්සේ ගේ කාලෙ රජගහනුවර බ්‍රාහ්මණ පවුලක ලස්සන කොලු පැටියෙක් උපන්නා. මේ කොලු පැටියාගෙ නම උත්තර. හැබැයි උපන්නෙ හරි කාලෙ. බුදුරජාණන්වහන්සේ පහළවෙච්චි කාලෙ. ඉතිං මේ කෙනා මනුස්ස ලෝකෙ ඉපදුනේ කලින් කරපු පින් බලේට. කලින් ආත්මෙකත් ඉංදියාවෙ උපන්නා. ඒ උපන්නෙ කල්ප 30 කට කලින් ඵුස්ස කියල බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙච්ච කාලෙ. ඉපදිලා දැන් විද්‍යාධරයෙක් වෙලා, විද්‍යාධර කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර ඉගෙන ගෙන මන්ත්‍ර කරලා කරලා ආකාශයෙන් යන කෙනෙක්. මෙයා විද්‍යාධරයෙක් වෙලා දැන් ආකාශයෙන් යනවා. ආකාශයෙන් යනකොට පේනවා හිමාලය පාමුල එක්තරා වනාන්තරයකින් රැස් විහිදෙනවා. මේ විද්‍යාධරය පාතට ආවා. බැලුවා කොහින් දෑ මේ රැස් විහිදෙන්නෙ කියලා. බැලුවාම ගහක් මුල සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා, නිරෝධ සමාපත්තියට සමවැදිලා. රැස් විහිදෙනවා. හිත පැහැදුනා. හිත කියන්නේ පුදුම එකක්. නරක් වුනොත් විනාශයි.
    " අනේ මේ උතුම් මුනිවරයන් වහන්සේ නමක් ඉන්නේ, මට පූජා කරන්ට මොනවා හරි ඇත්නම්" කියලා වටපිට බලද්දී, කිණිහිරි ගහක මල් 03 ක් පිපිලා. කිණිහිරි මල් තුනත් කඩාගෙන බුදුරජාණන්වහන්සේ පාමුල පූජා කලා, මේ විද්‍යාධරයා. කිණිහිරි මල් රත්තරන් පාටයි. ඒ මල් තුන පූජා කලාට පස්සේ එතන තිබුනෙ නෑ. එහෙමම හුළඟට වගේ ඉස්සි, ඉස්සි උඩට ආවා. ඇවිල්ලා මලේ නටුව උඩ පැත්තට ඇවිල්ලා නිකං කුඩයක් , ජත්‍රයක් තිබ්බ වගේ බුදුරජාණන්වහන්සේ ගේ හිසට උඩින් මල් තුන පිහිටියා. එතකොට මේ විද්‍යාධරයට හිතුනා,
    " හප්පේ මහා පුදුම උත්තමයෙක් නොවෑ, " කියල පැහැදුණා.
    " මං මේ පූජා කල මල් ටික ගිහිල්ලා හිස උඩින් පිහිටියා නොවැ" කියලා පැහැදුණා. වන්දනා කරල පිටත් වුනා. බලන්න හිතකට හොඳ දෙයක් ආවොත් වෙන ලාභය.
    ඊට පස්සෙ ඔය කැරකි , කැරකී යන සංසාරෙ , ආයෙ මනුස්ස ආත්මෙක උපන්නා. ඒ ආත්මෙ අම්මා අවවාද කලා. ඒකට පුතා කේන්ති ගිහිල්ලා කීවා,
    " තෝව උළ හිඳවන්ඩ වටිනවා" කිව්වා. කාටද කිව්වෙ , අම්මාට. ආයෙ ඔහොම යද්දි එක ආත්මෙක පොඩි ළමයි සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරද්දී, කොලු ගැටයෙක් කොහොඹ කූරක් අරන් ආවා. අරන් ඇවිල්ලා,
    " මං මෙහෙමයි දඬුවම් කරන්නේ මේං බලාපන්" කියලා, මැස්සෙක් අරන් උළේ ඇන්නා. එතකොට බලන්ඩ, පිනුත් කෙරෙනවා,පවුත් කෙරෙනවා. ඔහොම යන අතරේ අර පිනේ බලවත් කමට , අපේ බුදුරජාණන්වහන්සේ ගේ කාලෙ උපන්නා රජගහනුවර . රත්‍රං පාටයි . නම තිබ්බා උත්තර කියල. බ්‍රාහ්මණ පවුලක. බිම්බිසාර රජ්ජුරුවන්ගෙ ඇමතියෙක් හිටියා වස්සකාර කියලා. මේ උත්තර පුතා උස මහත් වෙලා , හැඩවෙලා එනකොට වස්සකාර ඇමතියා කල්පනා කලා, මයෙ කෙළීට නම් අපූරු කොල්ලා. බන්ඳලා දෙන්ට හොඳයි කියලා, දෙමවුපියන් එක්ක කිව්වා,
    "අපේ දූ උඹලගෙ කොල්ලට බන්ඳලා දෙන්ට කැමතියි " කිව්වා. එතකොට යෝජනාව ගෙනාවා. පුතා කීවා,
    " අනේ මට එපා." කීවා. දැන් බ්‍රාහ්මණයෝ හරි මාන්නක්කාරයි. ඒ දරුවා කසාදෙට කැමති නොවිච්ච එක ගැන අමනාපයෙන් හිටියා.
    ඔන්න මේ ගමට වැඩියා, ඒ වගේම රන්වන් පාට ප්‍රඥාව විදහාගෙන ඉන්න, හිරු මඬළින් රැස් විහිදෙනවා වගේ ප්‍රඥා රශ්මිය විහිදුවගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ . සාරිපුත්ත මහරහතන් වහන්සේ සමඟ ඇසුරට වැටුනා මේ කොලුවා. ටික ටික ඇසුරු කරගෙන යද්දි, පැහැදුණා ධර්මය ගැන. පැහැදිලා කිව්වා, සාරිපුත්ත මහරහතන් වහන්සේට .,
    " අනේ ස්වාමීනී, මාව මහණ කරගන්ට" කීවා. එහෙනම් ගෙදරින් අවසර අරන් එන්ඩ කීවා. ගෙදර ගියා. කිව්වා. කොලුවා නොකා නොබී හිටියා උපවාස කරලා, " මට අවසර දෙන්ට, නැත්තන් වැඩක් නෑ" කියලා. අවසර ගත්තා. පැවිදි වුණා.
    පැවිද්ද කියලා කියන්නේ පුදුම එකක්. සිවුරක් පොරවා ගන්ටත් පිනක් තියෙන්ට ඕනෑ. මේ තමයි වීතරාගයේ ධජය. මේ තමයි විමුක්තියේ ධජය. හැබැයි මේක පොරව ගත්තට පස්සෙ කර්ම ගෙවෙනවා. සමහරු මේ ධජය පොරව ගෙන වැරදි කලොත් කර්ම රැස්වෙනවා.
    එක අවස්ථාවක තියනවා, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලෙ සිවුරු දරාගෙන වැරදි කරපු අය ශ්‍රමණ ප්‍රේතයෝ වෙලා සිවුරු පොරවාගෙන යනවා. සිවුරු ගිනි ගන්නවා. බැගෑ හඬ නංවමින් යද්දී, උකුස්සෝ ඇවිල්ලා ඇන ඇන ඇඟෙන් මස් කඩා කනවා දැක්කා. බුදුරජාණන්වහන්සේ වදාළා, ඒ ශ්‍රමණ ප්‍රේතයෝ කියලා. නමුත් මේක විමුක්තියේ ධජය. ගුණධර්මයන්ට ඉස්තරම් ධජය. මේ ධජය පොරවා ගත්තා අර , තරුණයා , උත්තර සාමණේර වුණා. පොරවාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරගෙන ඉඳිද්දී, සාරිපුත්ත මහරහතන් වහන්සේ ට බඩේ රුජාවක් උපන්නා. බේතක් හේතක් හොයාගන්ට ඕනෑ. ඊට පස්සෙ මේ උත්තර සාමණේරයෝ පිඬුසිඟා වඩින්ට හිතාගෙන, පාන්දරින් පිටත් වුනා රජගහනුවර. පිටත් වෙලා, කුඹුරක් අයිනට ආවා. වතුර පෑදිච්ච තැනක් තිබුණා. පාත්තරේ අයිනෙන් තියලා වතුරට බැහැලා දැහැටි කූරක් හපාගෙන දත් මැදලා දැන් මූණ හෝදගෙන පිණ්ඩපාතෙ වඩින්ඩ. ඔය වෙලාවේ රජගහනුවර හොරෙක් ගෙයක් බිඳලා , ආභරණක් උස්සන් දුවනවා. මිනිස්සුත් දැක්කා, හොරෙක් , හොරෙක් කියල අල්ලපියව් කියලා පස්සෙන් ආවා. හොරා එද්දි පාත්තරයක් තියනවා, නියරේ. පාත්තරේට දැම්මා අභරණේ. හොරා පැන්නා. මිනිස්සු ඇවිල්ලා වටපිට බැලුවා. පාත්තරේ තියනවා, ආභරණේ. බැලුවාම උත්තර සාමණේරයන් ඉන්නවා වතුරේ. මිනිස්සු ආවා.
    " ආ හොරා වර කීවා. තෝ ශ්‍රමණ වේසෙන් හොරකම් කරන්ට" ඇදලා ගත්තා. අරගෙන ගැහුවා. ගහලා අත්දෙක පිටිපස්සට තියල බැඳලා ගැටගහලා අර පාත්තරෙත් අරන්, දැන් සාක්කිය තියනවනෙ. බඩුත් එක්ක හොරු අහුවුනා කියලා අරන් ගියා.
    බලන්ට කර්ම විපාකය හැදෙන විදිහ. එදා අධිකරණයේ රජ්ජුරුවෝ නෑ. අර කසාද යෝජනාව ඉදිරිපත් කරපු ඇමතියා තමයි ඉන්නෙ උඩින්. ඇමතියා ගාවට ගෙනාවා. ගෙනැල්ලා කීවා, අමාත්‍යතුමනි, මේ සිවුර පොරවාගෙන හොරෙක් ගෙයක් බිඳලා . ඇමතිතුමා බැලුවා,
    " ආ මේ උත්තර නොවෑ. දැන් ඇමතිතුමා හිතනවා. ආ මේකට තමයි මං අපේ දූ දෙන්ඩ කතා කලේ. මෙයා එදා බැහැ කිව්වා. එදා ශ්‍රමණයන් වහන්සේලා ගේ පැත්ත ගත්තා. අරගෙන සිවුරු දා ගත්තා. මං දෙන්නම් දඬුවම් කියලා කතා නෑ. ඇහුවෙ නෑ මේක කලාද? නැද්ද? කියලා . උළ හිඳවපන් කීවා. ඔන්න කර්ම විපාකෙ කැරකුණා. අරගෙන ගියා. කොහොඹ මුලක් උල් කරා. හිටෙව්වා. ඒ රාජසේවකයෙක් වාඩි කලා. ජර ජර ගාලා බැස්සුවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවෙන් හිටියෙ. දිවසින් දැක්කා , අනේ මගෙ ශිෂ්‍යය නම කොහොඹ උළේ කියල . හනික ගියා බුදුරජාණන්වහන්සේ ළඟට. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, උත්තර සාමනේරයන් ට කරදරයක් වෙලා, අන්න කොහොඹ උළේ ඉන්ඳවලා. පිටත් වෙමු කියලා භාග්‍යවතුන් වහන්සේයි, සාරිපුත්ත මහරහතන් වහන්සේයි, මහ සඟරුවනයි දැන් පිටත් වෙනවා, දණ්ඩ භූමියට පිටත් වුනා. මේක ආරංචි වුණා , හා හෝ ගාලා. රජගහනුවර සෙනඟත් පිටත් වුනා. උත්තර සාමණේරයන් උළ හින්ඳවලා ලේ වැඟිරෙනවා. කල්පනා කරනවා, අන්න සත්පුරුෂ කල්පනාව.
    " අනේ මගේ උපාධ්‍යයන් වහන්සේ ට හොඳටම බඩේ රුජාව. උන්වහන්සේ ට දැන් කොහොම බේතක් හේතක් හොයන්ඩ ද?"
    අසත්පුරුෂයෙක් නම් හිතන්නෙ " අනේ මං මේ සාරිපුත්තයන් වහන්සේ ට බේතක් හොයන්ඩ ඇවිල්ලා මට වෙච්ච දෙයක්"
    දැක්කද ? සත්පුරුෂයා හිතපු විදිහ. තමන්ගෙ දුක මෙනෙහි නොකොට තමන්ගෙ උපාධ්‍යයන් වහන්සේ සුවපත් කරන්නෙ කොහොම ද ? කියලා හිතුවා. ආන් ඒකයි සත්පුරුෂකම. සත්පුරුෂයා තමන්ගෙ පැත්ත බලාගෙන අනුන්ට හිංසාව කරන්නෑ. ඒ විදියට කල්පනා කර කර ඉන්නවා. බුදුරජාණන්වහන්සේ වැඩියා. උන්වහන්සේ ළඟට ගියා. දැන් උළේ වාඩි කරලා ඉන්නේ උත්තර සාමණේරයන් වහන්සේ . භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රී හස්තය හිසේ තිබ්බා. හිසට තියල කිව්වා,
    " මාගේ පුත්‍රය, ඉවසන්ඩ මේ කර්ම විපාකෙ හැටි. " බුදුරජාණන්වහන්සේ ශ්‍රී හස්තය තියෙන කොටම අර උළේ හිටවපු වේදනාව නැතිවෙලා ගියා. හිත සුවපත් වුනා.
    " අනේ මගේ ශාස්තෘන් වහන්සේ මාව බලන්ට ආවා නොවෑ" කියල හිත ප්‍රීතියෙන් ඉන්න කොට සිත සමාධිමත් වුනා. සමාධිමත් වෙනකොට මුළු සංසාරෙම එපා වුනා. මේ සංසාරෙ අපි යන්නෙ ගැටගැහිලා. තෘෂ්ණාව නැමති හුයෙන්, තෘෂ්ණාව නැමැති යකඩ හුයෙන් බැඳිල ඉන්නෙ අපි. ඒව ඔක්කොම සිඳිල, බිඳිල ගියා. තෘෂ්ණා රහිතව නිකෙළෙස් වෙනකොටම ඒ උත්තරයන් වහන්සේ වැඩසිටි කොහොඹ උළෙන් ගැලවුණා. බුදුරජාණන්වහන්සේ බලාගෙන ඉන්නවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ , රහතන් වහන්සේලා බලාගෙන ඉන්නවා. මිනිස්සු සාදු නාද පවත්වනවා. දැන් ගැලවිලා ආකාශයට ගියා. උඩට විසිවෙලා පලක් බැඳගෙන ඉන්දැද්දි තුවාලෙ සනීප වුනා. රහතන් වහන්සේ නමක් හැටියට බිමට වැඩියා.
    බලන්ට බුදු කෙනෙක් පහළ වුනාම තියෙන ආශ්චර්යය . බුදුරජාණන්වහන්සේ ට වන්දනා කලහම කියනවා, " පුත්‍රය තමා කරපු දේ ආවෙ , එක ආත්මෙක මවුට බැන්නා " තීව උළ තියන්නයි වටින්නෙ කියලා" එක ආත්මෙක කොහොඹ උළකින් මැස්සෙක්ට ඇන්නා. "
    ඒ වගේ ස්වල්ප අකුසලෙත් මේ සංසාරෙ යනකොට මඟහැරෙන්නෑ. මේ හෘද ශාක්ෂිය කියන්නේ පුදුම එකක්. මේකේ කිසිම රහසක් නෑ. අපිට හිතෙන්නේ ලෝකෙ රහස් තියනව කියලා. අපිට හිතෙන්නේ අපි කරන කියන දේවල් කාටවත් පේන්නෑ කියලා. මේකේ රහස් නෑ. අපේ සෑම දෙයක් ම අපේ හෘද ශාක්ෂියේ තියනවා. බුදුරජාණන්වහන්සේ වදාළා මේ උත්තරයන් වහන්සේ ට රහත් ඵලයට පත් වුනේ අහසින් යද්දි බුදුරජාණන්වහන්සේ නමක් දැකලා කිණිහිරි මල් පුදපු පිනෙන්..
    උපුටා ගැනීම- පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනාවක් ඇසුරිනි..
    පවෙහි විපාක දැක සියල්ලෝම පවට බිය උපදවා ගනිත්වා...භාග්‍යවතුන් වහන්සේ පිදීමේ අනුහස් දැක නිරතුරු භාග්‍යවතුන් වහන්සේ පුදත්වා... මහ රහතන් වහන්සේලා ,ශ්‍රාවක සඟරුවන පුදත්වා
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kalpayak kiyanne api hithamay 1 billion years kiyala, oya kiyana kolla 30 billion years walata kalin india walama ipadunalu.
    30 billion years walata kalin india kiyala ratak thibba ban? adu gaane me loke wath thibbada?
     
    • Wow
    Reactions: Hankook