අම්මට හුඩු.... ආස්චර්යේ මහිම...

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අම්මට හුඩු.... ආස්චර්යේ මහිම...

    රටේ බොහොමයක් අපරාධ කෙරෙන්නේ දේශපාලන‍ඥයින් අතිනි. ප්‍රාදේශීය දේශපානඥයන් 40 කට වැඩි සංඛ්‍යාවක් මත් ද්‍රව්‍ය ප්‍රවාහණය කරන බව දැනගන්නට ලැබී ඇත.. වැටත් නියරත් ගොයම් කන විට ජනතාවට වැට සහ නියර කඩා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැත. ඒ මදිවාට රටේ වැදගත් යැයි කියාගන්නා ඇමතිවරු මී හරක් කතා කියමින් ජනතාවට විහිළු සපයති. එකෙක් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කිරීමට කතා කරන අතර රටේ අධ්‍යාපනය භාරව සිටින (මොළයක් ඇතැයි සිතා සිටි ) ඇමතිවරයා රටේ ජනතාවට රුපියල් 7500 කින් මසකට ජීවත් විය හැකි බවට බූරු කතාවක් ද කියා තිබේ. එකම පක්‍ෂයේ දෙදෙනෙකු වෙඩිතියාගෙන කෙනෙක් මියගියේත් අනෙකා මන්දබුද්ධික ආබාධිතයෙක් වුනේත් මේ ඇස් පියාගෙන සිටීමේ ප්‍රතිපත්තියේම ප්‍රතිළඵලයකිනි.

    ගාල්ලේ මන්ද බුද්ධිකයෙක් පලාතේ සමුපකාරයකවත් ඡන්දයක් නිදහසේ තැබීමට ඉඩ ලබා දී නැත. කැළණියේ දුටුගැමුණු රජතුමාට දූෂණ චෝදනා තිබුණත් එතුමා ද යහතින් වැජඹෙති. අසරණ සරණ ගුණවර්ධන මහතා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. කවදාවත් නැතිව දියවඩන නිලමේ තුමාට ද චෝදනා එල්ල වී ඇත. දූෂණ චෝදනා ලැබූ මහනුවර දේශපාලනඥයෙකු ජනාධිපති සමාවෙන් නිදහස ලැබූයේ මේ රටේ ය. රටේ එළවළු මිල අස්ප ගණන් වුනත් කිලෝ දාස් ගණනින් එළවළු ඉවත දමන්නේ ගොවියන්ට එළවළු විකුණාගත නොහැකි නිසාය.. රටම නුහුලන ද්විත්ව ඝාතනයකට ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද හවුල්ය. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු දේශපාලන මහත්වරු විදේශීය සංචාරකයෙකු පරලොව යවා ඔහුගේ පාමවතිය කන්‍යාවියක් කළේ ද මේ ජඩ දේශපානයේම ඓශ්චර්යයෙනි. තවත් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අවුරුදු 19 ක දැරියක් රැයක් පුරා දූෂණය කර ඇත.

    රටේ අස්සක් මුල්ලක් නෑර නිදන් වස්තු සොයන කඩු සටනේ අලුත්ම බිල්ල හිමිවරෑ දෙනමකි. රටේ මුදුන් මල්කඩ වූ මහනුවර දෙවනත් කරමින් ලෝකයේ සමහර රටවල තහනම් කරන ලද වීදි රේස් තරඟ පවත්වන්නේ රාජ්‍ය අනුග්‍රහය මතය. තවත් බොහෝ දේ ඇත…. කියුවාට වැඩක් නැත…

     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    sudharman-gossip9.jpg